BREAKING
Top Ad
විදේශ

චීන-ඉන්දියා නව වෙළඳ හවුලක ලකුණු

T

The Leader

September 21, 2024 • 2:45 AM

චීන-ඉන්දියා නව වෙළඳ හවුලක ලකුණු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීනය තුළ ඉන්දීය ආයෝජන සහ භාණ්ඩ ප්‍රවර්ධනය පිණිස වැඩි අවස්ථා ලබා දීමට අපේක්ෂා කරන බව එරට චීන තානාපති ෂූ ෆේයිහොඞ් (Xu Feihong) පවසයි.
  •   ඉකුත් බ්‍රහස්පතින්දා (19) ඉන්දියාවේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් චීන තානාපතිවරයා මේ බව පැවැසීය.
  •   චීනය තුළ ඉන්දීය ආයෝජන සහ භාණ්ඩ ප්‍රවර්ධනය පිණිස වැඩි අවස්ථා ලබා දීමට අපේක්ෂා කරන බව එරට චීන තානාපති ෂූ ෆේයිහොඞ් (Xu Feihong) පවසයි.
  • නව ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා විවර වීමත් සමග, දෙරටේ ආර්ථික හුවමාරුව වඩාත් ශක්තිමත් වනු ඇතැයි ඔහු අවධාරණය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිය රට තුළ ඉන්දීය ආයෝජන සඳහා හිතකර ව්‍යාපාර පරිසරයක් ගොඩ නැගීම එහි අපේක්ෂාව බව ඔහු ප්‍රකාශ  කරයි.  

ඉකුත් බ්‍රහස්පතින්දා (19) ඉන්දියාවේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් චීන තානාපතිවරයා මේ බව පැවැසීය.

 

චීනය තුළ ඉන්දීය ආයෝජන සහ භාණ්ඩ ප්‍රවර්ධනය පිණිස වැඩි අවස්ථා ලබා දීමට අපේක්ෂා කරන බව එරට චීන තානාපති ෂූ ෆේයිහොඞ් (Xu Feihong) පවසයි.

නව ව්‍යාපාර ප්‍රවර්ධන අවස්ථා විවර වීමත් සමග, දෙරටේ ආර්ථික හුවමාරුව වඩාත් ශක්තිමත් වනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

2020 වසරේ හිමාල කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව සිදු වූ ඉන්දීය හා චීන හමුදා ගැටුම් උත්සන්න වීමත් සමග දෙරට අතර ආර්ථික සහයෝගිතාව පළුදු  විය.


ඒ සමග, චීන ආයෝජන කෙරෙහි ඉන්දීය බලපෑම දැඩි විය.

චීන ව්‍යාපාර හවුල්කරුවන් සහිත ඉන්දීය සමාගම්වලටද සීමා පැනවිණි. එහෙත්, දේශීය නිෂ්පාදන ක්‍රියාවලිය දැඩි අර්බුදයකට ලක්වීමත් සමග එම සීමා තවදුරත් ලිහිල් කිරීමට ඉන්දියාව පියවර ගනිමින්  සිටී.

 

india chinaඉන්දියාව සමග විද්‍යා හා තාක්ෂණ සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනයට ද අපේක්ෂා කරන බව

ඉන්දියාව සමග විද්‍යා හා තාක්ෂණ සහයෝගිතා වැඩසටහන් ප්‍රවර්ධනයට ද අපේක්ෂා කරන බව චීන තානාපතිවරයා එම උත්සව අවස්ථාවේ ප්‍රකාශ කළේය.

දෙරට අතර සෘජු ගුවන් ගමන් යලි ආරම්භ කිරීමටත්, චීන ජාතිකයින් හට වීසා පහසුකම් පුළුල් කරීමටත් ඉන්දියාව පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු පැවසීය.

"ඉන්දියාව සමග සාර්ථක වෙළඳ ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට චීනය සැම විටම මිත්‍රත්වයේ දෑත් දිගු කර සිටී.  ඒ අතර, ඉන්දියාව තුළ චීන ව්‍යවසයයන්ට ද හිතකර පරිසරයක් උදා වනු ඇතැයි  අප විශ්වාස කරනවා," යි,  ඔහු අවධාරණය කළේය.

importචීනය, ඉන්දීය භාණ්ඩ වෙළඳපොල විශාලතම කොටස්කරුවා වන අතර පසුගිය වසරේ එරට විශාලතම කාර්මික නිෂ්පාදන සැපයුම්කරුවා ද විය.  
චීනය, ඉන්දීය භාණ්ඩ වෙළඳපොල විශාලතම කොටස්කරුවා වන අතර පසුගිය වසරේ එරට විශාලතම කාර්මික නිෂ්පාදන සැපයුම්කරුවා ද විය.  



 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

China welcomes more Indian investments, ambassador says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...