BREAKING
Top Ad
විදේශ

ටියුනීසියානුවෝ, ජනපතිට එරෙහිව 'අරාබි වසන්ත' මාවතෙන් වීදි සටනට

T

The Leader Desk

September 23, 2024 • 5:47 AM

ටියුනීසියානුවෝ, ජනපතිට එරෙහිව 'අරාබි වසන්ත' මාවතෙන් වීදි සටනට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ටියුනීසියානුවෝ සිය ගණනින්, ජනපති කයිස් සයීඩ් (Kais Saied) ට එරෙහිව ඊයේ (22) දිනයේ ද වීදි බටහ. වත්මන් ජනපතිගේ අධිකාරී බල අවභාවිතාවට එරෙහිව එරට ජනතාව වීදි සටනට එක්ව දෙසතියක් ගතවී තිබේ.
  • "රෙජීමයේ අවසානය ජනතා අපේක්ෂාවයි," "ඒකාධිපති සයීඩ් 'දොට්ට දමව්' ආදී වශයෙන් ජනතාව හඬ නඟන බව රොයිටර්ස් වාර්තා කරයි.
  •   වත්මන් ජනපතිවරයා ජන මතයට පිටුපා දෙවන වරටත්, ජනපති වීමට දරණ නිර්ලජ්ජී ප්‍රයත්නයක් ඒ තුළ ගැබ්ව ඇතැයි විපක්ෂය චෝදනා කරති.
  • සයීඩ් තවදුරටත් ටියුනීසියාවේ ජනප්‍රිය නායකයා නොවන බව විපක්ෂ නායක නබිල් හජ්ජි (Nabil Hajji) පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

2011 'අරාබි වසන්තය'ට පණ පෙවූ ටියුනිස් ප්‍රධාන මාවත, මෙවරද විරෝධතා පෙළපාලි කරුවන්ගේ සටන් පාඨවලින් පිරී පැවති බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.

"රෙජීමයේ අවසානය ජනතා අපේක්ෂාවයි," "ඒකාධිපති සයීඩ් 'දොට්ට දමව්' ආදී වශයෙන් ජනතාව හඬ නඟන බව රොයිටර්ස් වාර්තා කරයි. මැතිවරණ ගැටළු විසඳීම  පිණිස, එරට පරිපාලන අධිකරණය සතු බලය ඉන් ඉවත් කරමින්, රජයේ නීති ප්‍රසම්පාදකයින් විසින් නව පනතක් ගෙන ඒමත් සමග, විරෝධතා හට ගත්තේය.

 

වත්මන් ජනපතිවරයා ජන මතයට පිටුපා දෙවන වරටත්, ජනපති වීමට දරණ නිර්ලජ්ජී ප්‍රයත්නයක් ඒ තුළ ගැබ්ව ඇතැයි විපක්ෂය චෝදනා කරති.

සයීඩ් තවදුරටත් ටියුනීසියාවේ ජනප්‍රිය නායකයා නොවන බව විපක්ෂ නායක නබිල් හජ්ජි (Nabil Hajji) පැවසීය. ටියුනීසියානුවන්ට දැන් ඇත්තේ, එක් මාවතක්, එනම්, ජනපතිට එරෙහි වීදියේ සටන පමණක් බව ඔහු කියා සිටී. 

ජනපතිවරණය  සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ ප්‍රමුඛ පෙළ, ජනප්‍රිය අපේක්ෂකයින් තිදෙනකුගේ නම්, වත්මන් ජනපතිවරයා විසින් පත් කළ මැතිවරණ කොමිසම මගින්, අසාධු ලේඛන ගත කිරීමත් සමග, එරට දේශපාලන විරෝධතා උත්සන්න විය. එම තීරණයත් සමග, මැතිවරණ කොමිසම, එරට පරිපාලන අධිකරණය අභියෝගයට ලක් කරමින්, මැතිවරණ නීති උල්ලංඝනය කර ඇතැයි විපක්ෂය චෝදනා කරයි.

792564 0

 

ටියුනීසියා පරිපාලන අධිකරණය, මැතිවරණ ගැටළු නිරාකරණය පිණිස එරට පවතින ඉහළම නීති ආයතනයයි.  

මැතිවරණ කොමිසමේ අත්තනෝමතික තීරණයත් සමග, වත්මන් ජනපතිවරයාට එරෙහි ජනපතිවරණ පෙරමුණට එක්වීමට අවස්ථාව ලැබී ඇත්තේ, ඔහු හා 'කරට කර' තරග වැදීමට අසමත් දුර්වල අපේක්ෂකයින් දෙදනකුට පමණි. ඔවුන්ගෙන් එක් අයකු වන අයාචි සාමෙල් (Ayachi Zammel) මැතිවරණ ලේඛන මත සිය අත්සන 'හොරට' යෙදීමේ චෝදනාවට ඉකුත් බදාදා (18) වරදකරු වී, මාස 20 ක සිර දඬුවමකට ලක් ව සිටී. එය දේශපාලන අරමුණු මත සිදුකරන ලද්දක් බව ඔහු චෝදනා කරයි. 

 

tag reuters.com2024 newsml LYNXMPEK8L06P 12024 09 22T152945Z 1 LYNXMPEK8L06P RTROPTP 3 TUNISIA POLITICS PROTESTS
මැතිවරණ තරගකාරීත්වයට පිටුපා, ජනතාව සහ අපේක්ෂකයින් බිය ගන්වා, ජයග්‍රහණය තහවුරු කර ගැනීමට වත්මන් ජනපතිවරයා විසින්, මැතිවරණ කොමිසම සහ අධිකරණය අවභාවිතා කරන බව විචාරක මතයයි. එහෙත්, ජනපති සයීඩ් එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. සිය සටන ද්‍රෝහීන්, කුලී හමුදා සහ දූෂිතයන්ට එරෙහිව බව ඔහු පවසයි.

 

Tunisia e1583869450452

2019 දී ප්‍රජාතන්ත්‍රවාදී මහජන ඡන්දයෙන් ජනපති ධුරයට තේරී පත් වූ සයීඩ්, පසුව බලය මත සිය ග්‍රහණය දැඩි කළේය. අනතුරුව, 2021 සිට දැඩි ආඥා දායකත්වයකින් රට පාලනය ආරම්භ කළේය. එය, බලහත්කාරයෙන් රාජ්‍ය පාලනයේ යෙදී සිටීමක් මෙන්ම, ජනපතිවරයාගේ දේශපාලන කුමන්ත්‍රණයක් බව විපක්ෂය චෝදනා කරති.

උතුරු අප්‍රිකානු රාජ්‍යයක් වන ටියුනීසියාවේ ජනපතිවරණයට තවත් ඇත්තේ සති දෙකක කාලයකි. එය ඔක්තෝබර 06 දා පැවැත්වීමට නියමිතය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...