BREAKING
Top Ad
විදේශ

ගාසා මානුෂීය ව්‍යසනය මුදල් උපයන ව්‍යාපාරයක් වෙයි

T

The Leader Desk

September 23, 2024 • 4:57 PM

ගාසා මානුෂීය ව්‍යසනය මුදල් උපයන ව්‍යාපාරයක් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් අද ගාසා තීරයට එල්ල කළ දරුණු මිසයිල ප්‍රහාරයන්ගෙන් අවම වශයෙන් පලස්තීනුවන් 10 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
  • නුසෙරත් (Nuseirat) හි අවතැන් පාසල් පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන සරණාගතයින් 5 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාසා සෞඛ්‍ය බලධාරීහු  ප්‍රකාශ කරති.
  • එහි, හමාස් අණ දෙන මධ්‍යස්ථානයක් එල්ල කර ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාවෝ ප්‍රකාශ කරති.
  • අද සන්ධ්‍යාවේ ඊශ්‍රායල හමුදා විසින්, ගාසා තීරයේ දෙර් අල්-බලා  (Deir Al-Balah) වෙත එල්ල කළ තවත් ගුවන් මිසයිල ප්‍රහාරයකින් කාන්තාවක ඇතුළු කුඩා ළමුන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඊට කුඩා දරුවන් 4 දෙනකු ද ඇතුළත් බව රොයිටර්ස්  (Reuters) පුවත් සේවය වාර්තා කරයි.

නුසෙරත් (Nuseirat) හි අවතැන් පාසල් පරිශ්‍රයකට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන සරණාගතයින් 5 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගාසා සෞඛ්‍ය බලධාරීහු  ප්‍රකාශ කරති. එහි, හමාස් අණ දෙන මධ්‍යස්ථානයක් එල්ල කර ප්‍රහාර දියත් කළ බව ඊශ්‍රායල හමුදාවෝ ප්‍රකාශ කරති.

අද සන්ධ්‍යාවේ ඊශ්‍රායල හමුදා විසින්, ගාසා තීරයේ දෙර් අල්-බලා  (Deir Al-Balah) වෙත එල්ල කළ තවත් ගුවන් මිසයිල ප්‍රහාරයකින් කාන්තාවක ඇතුළු කුඩා ළමුන් 5 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මේ වන විට, මිලියන ගණනක පලස්තීන වැසියන් පිරිසක් සරණාගතව එහි වාසය කරති.

 ගාසා තීරයේ බොහෝ පෙදෙස් අධික වර්ෂාපතනයෙන් පීඩාවට පත්ව තිබේ. සරණාගත කඳවුරු කිහිපයක්ම, වර්ෂාව හේතුවෙන් විනාශයට පත්ව ඇතැයි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති. කඳවුරු බිම් ගණනාවක් ජල ගැල්මට හසුව ඇත. කඳවුරු ජනතාවට අත්‍යවශ්‍ය ආහාර සහ අනෙකුත් ද්‍රව්‍ය විනාශ වී ඇති බව රොයිටර්ස් වාර්තා කරයි.

ගාසා මානුෂීය ව්‍යසනය ව්‍යාපාරයක් බවට පත් කර ගත් පිරිස් අවතැන් වූවන් හට විශාල මිලකට කූඩාරම් අලෙවි කරන බවද වාර්තා වේ.

මීට දෙදිනකට පෙර අවතැන් කූඩාරමක මිල ඇමෙරිකානු ඩොලර් 27 සිට 57 දක්වා ඉහළ ගොස් ඇතැයි රොයිටර්ස් වාර්තා කරයි. අධික වර්ෂාවත් සමග අද එහි මිල ඩොලර් 189 ත් 216 තෙක් ඉහළ ගොස් තිබේ.

ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම් හේතුවෙන් මේ වනවිට ගාසා වැසියන් මිලියන 2.3ක් අවතැන්ව සිටී. ජීවිතක්ෂයට පත් වූ  සංඛ්‍යාව 41,300 ඉක්මවයි.


 (Reuters ඇසුරින් සටහන: හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel strikes Gaza as heavy rain worsens misery of displaced Palestinians


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...