BREAKING
Top Ad
විදේශ

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කරයි

T

The Leader Desk

September 24, 2024 • 9:32 AM

හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා කැරළිකරුවන් ඉලක්ක කර ඊයේ සිට ආරම්භ කර ඇති දැවැන්ත හමුදා ක්‍රියාන්විතය, මේ වන විට, අති දරුණු තත්ත්වයකට හැරී ඇත.
  • 1,645කට අධික පිරිසක් තුවාල ලබා සිටිති.
  • ඉකුත් පැය 24 තුළ, ලෙබනනය පුරා හිස්බුල්ලා ඉලක්ක 1300ක් වෙත ඊශ්‍රායල හමුදා ප්‍රහාර  650ක් එල්ල කර තිබේ.
  • ප්‍රහාරයත් සමග, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

කුඩා ළමුන් 35ක් ඇතුළු 500ක ට ආසන්න සංඛ්‍යාවක් ප්‍රහාරවලින් මරුමුවට පත්ව ඇතැයි, අල්ජසීරා (Aljazeera) පුවත් සේවය පවසයි. 1,645කට අධික පිරිසක් තුවාල ලබා සිටිති. ඉකුත් පැය 24 තුළ, ලෙබනනය පුරා හිස්බුල්ලා ඉලක්ක 1300ක් වෙත ඊශ්‍රායල හමුදා ප්‍රහාර  650ක් එල්ල කර තිබේ.  දකුණු සහ නැගෙනහිර ලෙබනනයේ දහස් ගණනින්  ප්‍රදේශ වාසීහු පලා යමින් සිටිති.

ප්‍රහාරයත් සමග, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව යුද ප්‍රකාශ කළේය. ඒ අනුව, ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සීග්‍රයෙන් දරුණු යුද තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී. 

 



ලේබනයේ, එක්සත් ජාතීන්ගේ අතුරු  බලකාය, (UNIFIL), සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිලිබඳ දැඩි විමසිල්ලෙන් පසුවන අතර, වහා රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක් කරා යන මෙන් විදෙස් රටවලින් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබේ.  ගැටුම් අවම කරන ලෙස එක්සත් ජනපදය විසින් ද දෙරට නායකයින්ට අවධාරණය කර ඇත.

මේ අතර, පසුගිය පැය 24 තුළ ගාසා තීරයේ ස්ථාන ගණනාවක සිදු කළ ඊශ්‍රායල හමුදා ප්‍රහාර හෙතුවෙන්, පලස්තීනුවන් 24 දෙනකු මියගොස් 60 කට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා සිටිති.

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Israel bombs Lebanon updates: Death toll rises to 492, over 1,500 wounded

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...