එහි සේවය කළ අන්නා සෙබස්තියන් පෙරයිල් (Anna Sebastian Perayil) නම් විධායක නිලධාරිනියකගේ හදිසි මරණය අතිශය කාර්යබහුලත්වය හේතුවෙන් සිදු වූ බවට ඇගේ මව විසින් සමාගමේ, ඉන්දියානු කාර්යාල සභාපතිවරයාට ලිඛිතව දන්වා යැවීමත් සමග, රජය එම පරීක්ෂණ ආරම්භ කළේය.
ඇගේ මරණය "දරාගත නොහැකි වැඩ කන්දරාවක්" හේතුවෙන් සිදු වූ බවට එමගින් චෝදනා කර ඇත.
2007 සිට ආයතන සේවා මුර සම්බන්ධ ප්‍රාන්ත සහතිකයක් රහිතව එම සමාගම් ශාඛාව කටයුතු කර ඇතැයි ද අනාවරණය වී තිබේ.
චෝදනාව සම්බන්ධයෙන් ෆෙඩරල් රජයේ මූලිකත්වයෙන් පුළුල් විමර්ශනයක් දැන් පැවැත්වේ. ඊට සිය පූර්ණ සහයෝගය දක්වන බව එහි මව් සමාගම ප්‍රකාශ කරයි.
එරට නීතිය අනුව, සේවකයකු දෛනිකව පැය 9ක් වැඩෙහි යොදා ගත හැකි අතර එය සතියක් තුළ උපරිම පැය 48 කට යටත් කෙරේ.
ඉකුත් මැයි මස, ඇමෙරිකානු බැංකුවේ (Bank of America) කනිෂ්ඨ නිලධාරියකු හදිසියේ මිය යාමත් සමග රාජකාරියේදී, ශාරීරික සහ මානසික සෞඛ්‍ය සමබරතාව උදෙසා පවත්වා ගතයුතු නම්‍යශීලී සේවා මුර සහ දවසේ වැඩ කරන පැය ගණන සම්බන්ධයෙන් වැඩි ජාත්‍යන්තර අවධානයක් යොමුව තිබේ.
මිය ගිය ඉන්දීය නිලධාරිනියගේ මව විසින් යොමු කරන ලද ලිපිය මේ වන විට, එරට සමාජ මාධ්‍යයන්හි, සීග්‍රයෙන් හුවමාරු වෙමින් පවතී. දැරිය නොහැකි අඛණ්ඩ රාජකාරි හේතුවෙන් හටගත් හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතක්ෂයට පත් වූ බව, ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Probe into EY Indian employee's death finds office lacked labour welfare permit
වැඩ කරන සේවක පැය ගණන ගැන ඉන්දියාවේ උනන්දුව
T
The Leader Desk
September 26, 2024 • 4:08 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- අර්නස්ට් ඇන්ඩ් යන්ග් (Ernst & Young) සමාගමට අයත් බටහිර ඉන්දීය කාර්යාලයකට එරෙහිව එරට රජය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
- ඇගේ මරණය "දරාගත නොහැකි වැඩ කන්දරාවක්" හේතුවෙන් සිදු වූ බවට එමගින් චෝදනා කර ඇත.
- 2007 සිට ආයතන සේවා මුර සම්බන්ධ ප්‍රාන්ත සහතිකයක් රහිතව එම සමාගම් ශාඛාව කටයුතු කර ඇතැයි ද අනාවරණය වී තිබේ.
- ඊට සිය පූර්ණ සහයෝගය දක්වන බව එහි මව් සමාගම ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


