BREAKING
Top Ad
විදේශ

සටන් විරාම යෝජනාව බළලුන් ලවා කොස් ඇට බෑමක් - ඊශ්‍රායලය බෑ කියයි

T

The Leader Desk

September 27, 2024 • 5:34 AM

සටන් විරාම යෝජනාව බළලුන් ලවා කොස් ඇට බෑමක් - ඊශ්‍රායලය බෑ කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස්
  • ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 21 ක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස පෙරේදා  (25)  පැවති එක්සත් ජාතීන්ගේ (UN) හමුවේදී යෝජනා කෙරිණි.
  •   ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 21 ක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස පෙරේදා  (25)  පැවති එක්සත් ජාතීන්ගේ (UN) හමුවේදී යෝජනා කෙරිණි.
  • බෝම්බ ප්‍රහාරයෙන් බීරුත් (Beirut) අගනුවර "දෙදරා" කම්පනය වූ  බව රොයිටර්ස් (Reuters ) පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ලෙබනනයේ ඉල්ලීමකට අනුව වහා සටන් විරාමයකට යන ලෙස ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව ඊශ්‍රායලය ඊයේ (26) ප්‍රතික්ෂේප කළේය.

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 21 ක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස පෙරේදා  (25)  පැවති එක්සත් ජාතීන්ගේ (UN) හමුවේදී යෝජනා කෙරිණි.

 

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දින 21 ක තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස පෙරේදා  (25)  පැවති එක්සත් ජාතීන්ගේ (UN) හමුවේදී යෝජනා කෙරිණි.

යෝජනාව ප්‍රතික්ෂේප කිරීමත් සමග, ඊයේ  දින යළි ඊශ්‍රායලය ලෙබනනයට බෝම්බ හෙලීය. බෝම්බ ප්‍රහාරයෙන් බීරුත් (Beirut) අගනුවර "දෙදරා" කම්පනය වූ  බව රොයිටර්ස් (Reuters ) පුවත් සේවය පවසයි.

ඊශ්‍රායල හමුදා ලෙබනනය ආසන්නයේ, සිය දේශ සීමා තුළ, භූමි ආක්‍රමණ පෙරහුරුවක් සිදු කළ බව ද වාර්තා වේ.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට නිරන්තර ඉරාන සහාය  හිමිවේ.

ඉකුත් කාලසීමාව තුළ ඊශ්‍රායලයේ දරුණු ප්‍රහාර හමුවේ, එහි අණ නිලධාරීන් ඇතුළු  ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඝාතනය වූහ. ගුවන් ප්‍රහාර වලට අමතරව, ඊශ්‍රායල බුද්ධි අංශ විසින් සියුම්ව සැලසුම් කළ සයිබර් ප්‍රහාර මාලාවකින් ද හිස්බුල්ලා සංවිධානය අඩපණ ව සිටී.

 

5432534ඉකුත් කාලසීමාව තුළ ඊශ්‍රායලයේ දරුණු ප්‍රහාර හමුවේ, එහි අණ නිලධාරීන් ඇතුළු  ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් රැසක් ඝාතනය වූහ.
වත්මන, සමස්ත මැද පෙරදිග කලාපය තුළ යුද උණුසුම "බුර බුරා" නැගෙමින් පවතී.

ලෙබනනය වෙත ඊයේ සිදු කළ ප්‍රහාර සියල්ල හිස්බුල්ලා මර්මස්ථාන සහ එහි ජ්‍යෙෂ්ඨ නායකයින් ඉලක්ක කර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පවසති.

කිසිඳු සටන් විරාමයක් නොමැති බවත්, ජයග්‍රහණය තෙක් උපරිම ශක්තියෙන් යුද වදින බවත් ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) එක්ස් (X) පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Israel rejects US-backed Lebanon ceasefire plan, hits Beirut again


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...