BREAKING
Top Ad
විදේශ

නිව්යෝර්ක් නගරාධිපති ඡන්ද කාලෙ සැප අරං - අපරාධ අධි චෝදනා යටතේ නඩු පැවරේ

T

The Leader Desk

September 27, 2024 • 6:00 AM

නිව්යෝර්ක් නගරාධිපති ඡන්ද කාලෙ සැප අරං - අපරාධ අධි චෝදනා යටතේ නඩු පැවරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදයේ, නිව් යෝර්ක් නුවර නගරාධිපති එරික් ඇඩම්ස් (Eric Adams) ට එරෙහිව මැතිවරණ දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු පැවරේ.
  • නඩු පැවරීමත් සමග එක්සත් ජනපදයේ විශාලතම රාජ්‍ය නාගරික පරිපාලනය ඉමහත් අර්බුදයට ලක් ව ඇත.
  • 2021 පැවති නගර සභා මැතිවරණයට සම්බන්ධ, 2014 සිට ඇරඹි ක්‍රියාන්විතයක් ද චෝදනාවලට ඇතුළත්ය.
  • මැතිවරණයේදී ඔහුට සහාය දක්වන්නන් වෙතින්, නොමිලේ අධි සුඛෝපභෝගී හෝටල් කාමර ලබා ගැනීම, තරු අවන්හල්වල මිල අධික ආහාර ගැනීම ඔස්සේ ඇඩම්ස් බරපතල විෂමාචාර රැසක් සිදු කර ඇති බව නීතිවීදීහු පෙන්වාදෙති.
අකුරු ප්‍රමාණය (Font Size):

නීතිවේදීහු, ඊයේ (26) ඔහුට විරුද්ධව ගොනු කළ පිටු 57 කින් යුත් අධිචෝදනා පත්‍රයක් මගින් අධිකරණයේ නඩු පැවරූහ. 

තුර්කි ජාතිකයන් වෙතින් ලද නීතිවිරෝධී මැතිවරණ ප්‍රචාරක දායකත්වයන් සහ සුඛෝපභෝගී සංචාර සම්බන්ධයෙන් ඔහුට එරෙහි මූලික චෝදනා එල්ල කර තිබේ. නඩු පැවරීමත් සමග එක්සත් ජනපදයේ විශාලතම රාජ්‍ය නාගරික පරිපාලනය ඉමහත් අර්බුදයට ලක් ව ඇත.

2021 පැවති නගර සභා මැතිවරණයට සම්බන්ධ, 2014 සිට ඇරඹි ක්‍රියාන්විතයක් ද චෝදනාවලට ඇතුළත්ය. මැතිවරණයේදී ඔහුට සහාය දක්වන්නන් වෙතින්, නොමිලේ අධි සුඛෝපභෝගී හෝටල් කාමර ලබා ගැනීම, තරු අවන්හල්වල මිල අධික ආහාර ගැනීම ඔස්සේ ඇඩම්ස් බරපතල විෂමාචාර රැසක් සිදු කර ඇති බව නීතිවීදීහු පෙන්වාදෙති.

GYaS exaMAYthhg

ලද සුඛ විහරණයන්ට ප්‍රත්‍යුපකාර ලෙස, එවකට අලුතින් ඉදි කර තිබූ මහල් 36කින් යුත් නගරයේ, කොන්සල් කාර්යාල ගොඩනැගිල්ල ආරක්ෂක තත්ත්ව පරීක්ෂණ වාර්තා නොසලකා විවෘත කිරීමට නගර නිලධාරීන්ට බලපෑම් කිරීම ඇතුළු අපරාධ චෝදනා පහක් ද ඔහුට එරෙහි චෝදනා පත්‍රයට ඇතුළත්ය ය.

අධිකරණයේදී එම චෝදනා සියල්ල, සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වුවහොත්, ඩිමොක්‍රටික් අපේක්ෂක ඇඩම්ස් ට දශක ගණනක සිර දඬුවම් හිමිවනු ඇත. 

FILE PHOTO: New York City Mayor Eric Adams attends a press conference at the City Hall in Manhattan in New York City, U.S., March 19, 2024.  REUTERS/Brendan McDermid/File Photo64 හැවිරිදි ඇඩම්ස්, චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි.
64 හැවිරිදි ඇඩම්ස්, චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරයි. අධිකරණයේදී සිය නිර්දෝෂීභාවය සනාථ කරන බවත්, තවදුරටත් නගරාධිපති තනතුරේ රැඳී සිටින බවත් ඔහු  කියා සිටී.  

චෝදනා සම්බන්ධයෙන්, මුල්වරට, ඔහු අද අධිකරණයේ පෙනී සිටීමට නියමිතය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:

New York Mayor Eric Adams charged in Turkey bribery, fraud scheme


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නිව්යෝර්ක් නගරාධිපති ඡන්ද කාලෙ සැප අරං - අපරාධ අධි චෝදනා යටතේ නඩු පැවරේ | The Leader