BREAKING
Top Ad
විදේශ

'තෙවන ලෝක යුද්ධය අත ළඟ' - න්‍යෂ්ටික ප්‍රහාරයක් පිළිබද රුසියාව අනතුරු අඟවයි

T

The Leader Desk

September 27, 2024 • 11:01 AM

'තෙවන ලෝක යුද්ධය අත ළඟ' - න්‍යෂ්ටික ප්‍රහාරයක් පිළිබද රුසියාව අනතුරු අඟවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනය, බටහිර නිෂ්පාදිත දිගු දුර මිසයිල භාවිතා කර රුසියාවට තව දුරටත් ප්‍රහාර එල්ල කරන්නේ නම්, ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට සිදුවන බව රුසියාව අනතුරු අඟවයි.
  • දේශ සීමා හරහා ගුවන්, මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව සිදු කෙරේ නම්, න්‍යෂ්ටික ප්‍රහාර මගින් ප්‍රතිචාර දැක්වීමට සිදුවන බව ඔහු අවධාරණය කරයි.
  • යුක්‍රේනය විසින්, ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා රුසියාව අභ්‍යන්තරයට පහර දෙන බව මොස්කව් පාලනය චෝදනා කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

රුසියානු ජනපති ව්ලැද්මීර් පුටින් ( Vladimir Putin) සිය අනතුරු ඇඟවීමෙන්, සත්‍ය වශයෙන්ම එවැන්නක් අදහස් කරයි නම්, ඊට ප්‍රතිචාර වශයෙන්, එම අනතුරු ඇඟවීම් නොතකා යුක්‍රේනයට තව දුරටත් හමුදා සහාය තර කරන බව වොෂින්ටනය ප්‍රකාශ කරයි. 

එසේ වුවහොත්, තෙවන ලෝක යුද්ධය වැඩි ඈතක නොවන බව රුසියාව විසින් තර්ජනය කර තිබේ.

 

27111538bf262d4

න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට රුසියාව පෙළඹීමට පැහැදිලි හේතු රුසියානු ජනාධිපතිවරයා ඊයේ (26) සවිස්තරව ඉදිරිපත් කළේය. දේශ සීමා හරහා ගුවන්, මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර අඛණ්ඩව සිදු කෙරේ නම්, න්‍යෂ්ටික ප්‍රහාර මගින් ප්‍රතිචාර දැක්වීමට සිදුවන බව ඔහු අවධාරණය කරයි. යුක්‍රේනය විසින්, ඇමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දිගු දුර මිසයිල යොදා රුසියාව අභ්‍යන්තරයට පහර දෙන බව මොස්කව් පාලනය චෝදනා කරයි. ඒ සඳහා බටහිර චන්ද්‍රිකා තාක්ෂණයද නොඅඩුව ලැබෙන බව පැවසේ. 

nikolaimaxresdefaultනිකොලයි සොකොව් (Nikolai Sokov)

 

එය තහවුරු සත්‍යයක් බවත්, ඒ ඔස්සේ ලද පණිවුඩය සුපැහැදිලි බවත්, තෙවන ලෝක යුද්ධයක් ප්‍රකාශ කෙරෙන තැනට "වැඩ වරද්දා" නොගන්නා ලෙසත්, හිටපු සෝවියට් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයකු වන නිකොලයි සොකොව් (Nikolai Sokov) අවධාරණය කරයි. බටහිර රටවල් සිදුකරන එම අනර්ථයන්රු මගින්  න්‍යෂ්ටික ප්‍රහාරයක දී රුසියාවට සිය සතුරු ඉලක්ක සැක හැර පෙන්වා  දී ඇතැයි ඔහු පවසයි. 

එහෙත්, පුටින්ගේ තර්ජනය වගකීම් විරහිත, එතරම් "ගණන් නොගතයුතු" තරමේ සහ කල් ඉකුත් වූ එකක් බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් (Antony Blinken) පවසයි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).


මූලාශ්‍ර:

Putin draws a nuclear red line for the West


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'තෙවන ලෝක යුද්ධය අත ළඟ' - න්‍යෂ්ටික ප්‍රහාරයක් පිළිබද රුසියාව අනතුරු අඟවයි | The Leader