BREAKING
Top Ad
විදේශ

මිලියන ගණනක ඉදිරි රැකියා උත්පාදන අරමුණින් ඉන්දීය රජයෙන් කඩිනම් පියවර

T

The Leader Desk

September 27, 2024 • 11:31 AM

මිලියන ගණනක ඉදිරි රැකියා උත්පාදන අරමුණින් ඉන්දීය රජයෙන් කඩිනම් පියවර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2029 වන විට ඉන්දියාවේ ගෝලීය වෙළඳ මධ්‍යස්ථාන 1000ක් ඉදිකිරීමේ ඉලක්කයක් වෙත කර්ණාටක ප්‍රාන්තය සැලසුම් සකස් කරයි. එමගින් උත්පාදනය කිරීමට අපේක්ෂිත නව රැකියා සංඛ්‍යාව 350,000කි.
  • කුලී අත්තිකාරම්, පේටන්ට් ගාස්තු ප්‍රතිපූර්ණය සහ තීරුබදු රහිත බලශක්ති සම්පාදනය වැනි වාසි රැසක් ඊට ඇතුළත්ය.
  • ඉලක්ක වසර අවසන, නව සැලසුම් හරහා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක ආර්ථික ඉලක්කයක් සපුරා ගැනීමට නියමිතය.
  • මේ වනවිට, ඉන්දියාව පුරා එවැනි ගෝලීය වෙළඳ මධ්‍යස්ථාන 1,700ක් ක්‍රියාත්මකය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, ඉන්දියාවේ ශාඛා කාර්යාල හෝ අනු සමාගම් ආරම්භ කිරීමට ඉදිරිපත් වන ජාත්‍යන්තර සමාගම් වලට, ප්‍රතිලාභ රැසක් හිමි වේ. කුලී අත්තිකාරම්, පේටන්ට් ගාස්තු ප්‍රතිපූර්ණය සහ තීරුබදු රහිත බලශක්ති සම්පාදනය වැනි වාසි රැසක් ඊට ඇතුළත්ය.  

ජාත්‍යන්තර මව් සමාගම්හි ඉන්දීය ශාඛාවන් වෙත රැකියා පිණිස බඳවා ගැනෙන ස්වදේශිකයින් සංඛ්‍යාව මත, එම ප්‍රතිලාභ තීරණය කෙරේ. ඉලක්ක වසර අවසන, නව සැලසුම් හරහා රජය ඇමෙරිකානු ඩොලර් බිලියන 50 ක ආර්ථික ඉලක්කයක් සපුරා ගැනීමට නියමිතය.

ගෝලීය වෙළඳ මධ්‍යස්ථාන සංකල්පය පසුගිය වසර කිහිපය පුරා සීග්‍රයෙන් ජනප්‍රියත්වයට පත්වෙමින් ඇති, අඩු වියදම් සංකල්පයක්  වේ. එමගින්, ජාත්‍යන්තර කීර්තියට පත් සමාගම්වලට සහ ආයතන රැසකට සිය ශාඛා කාර්යාල සහ අනු සමාගම්, එම මධ්‍යස්ථාන තුළ ස්ථාපිත කිරීමට අවස්ථාව උදා කර තිබේ. ඒ යටතේ, මව් සමාගම්වලට අයත්, බහුවිධ දෛනික මෙහෙයුම්, මූල්‍ය කටයුතු සහ පර්යේෂණ සංවර්ධනය කටයුතු ද අඩු වියදම් පිරිවැයකින් සිදු කිරීමේ හැකියාව පවතී.

මේ වනවිට, ඉන්දියාව පුරා එවැනි ගෝලීය වෙළඳ මධ්‍යස්ථාන 1,700ක් ක්‍රියාත්මකය. ඉන්දියානුවන් මිලියන 1.9 ක සංඛ්‍යාවකට එමගින් රැකියා අවස්ථා උදා කර තිබේ. විවිධ ක්ෂේත්‍ර වෙත වැඩි වන රැකියා ඉල්ලුමට අනුව, 2030 වසර අවසන් වන විට, එම සංඛ්‍යාව මිලියන 2.5 සිට 2.8 තෙක් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එරට බංගලුරු (Bengaluru)  තාක්ෂණික කේන්ද්‍රයෙන් එපිට පිහිටි, මංගලුරු (Mangaluru), මයිසුරු (Mysuru), සහ තුමකුරු  (Tumakuru) යන පෙදෙස්හි ද එවැනි මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට රජය අපේක්ෂා කරයි. ඊට අමතරව, නව තාක්ෂණික උද්‍යාන තුනක් ස්ථාපිත කිරීමට, ශක්‍යතා ප්‍රවර්ධන වැඩසටහන් රැසක්  සහ පර්යේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමටද රජය සූදානමින් සිටී. අපේක්ෂිත ව්‍යාපෘති අතර, කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ පර්යේෂණ සඳහා වැඩි ඉඩක් හිමිවේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
India's Karnataka state plans incentives to double global centres to 1,000 by 2029


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

මිලියන ගණනක ඉදිරි රැකියා උත්පාදන අරමුණින් ඉන්දීය රජයෙන් කඩිනම් පියවර | The Leader