BREAKING
Top Ad
විදේශ

ෂිගේරු ඉෂිබා ජපානයේ නව අගමැති

T

The Leader Desk

September 27, 2024 • 11:48 AM

ෂිගේරු ඉෂිබා ජපානයේ නව අගමැති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ, පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ අපේක්ෂක, හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ෂිගේරු ඉෂිබා (Shigeru Ishiba) එරට නව අග්‍රමාත්‍යවරයා වශයෙන් අද වැඩි ඡන්දයෙන් තේරී පත්විය.
  • 67 වන වියෙහි පසුවන නව අග්‍රමාත්‍යවරයා එරට කීර්තිධර නීති ප්‍රසම්පාදකයකුද වේ.
  • ඉහළ යන ජීවන වියදම පාලනයට කඩිනම් පියවර ගැනීම සහ කලාපීය ආර්ථික තරගකාරීත්වයට ජාත්‍යන්තර වශයෙන් හිතකාමී පරිසරයක් ජපානය තුළ නිර්මාණය කිරීම ඒ අතර මූලික වෙයි.  එක්සත් ජනපදය, ජපානයේ "ලඟම හිතවතා' ය.
අකුරු ප්‍රමාණය (Font Size):

පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ තියුණු, නායකත්ව මැතිවරණ තරගයකින් පසු ප්‍රතිවාදී සනේ තකෙයිචි (Sanae Takaichi) පරදා ඔහු එම ජයග්‍රහණය අත්කර ගත්තේය. 67 වන වියෙහි පසුවන නව අග්‍රමාත්‍යවරයා එරට කීර්තිධර නීති ප්‍රසම්පාදකයකුද වේ. ඔහු, පශ්චාත් යුද සමයේ පූර්ණකාලීනව ජපානයේ පාලන බලය හිමි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයාය.

ජයග්‍රහණය හමුවේ සිය අදහස් ප්‍රකාශ කළ අග්‍රමාත්‍යවරයා, ජනතාව කෙරෙහි පූර්ණ විශ්වාසය තැබිය යුතු බවත්, නොබියව සහ හිතෛෂීව සත්‍යය කතා කළ යුතු බවත්, ජපානය සියලු දෙනාට යළිත් සිනා මුවින් විසිය හැකි, ආරක්‍ෂිත රටක් බවට පත් කිරීමට කාලය එළැඹ ඇති බවත් ප්‍රකාශ කළේය.

තමාට එරෙහිව එල්ල වන චෝදනා යටතේ, තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බව, හිටපු ජපාන අග්‍රාමත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) පසුගිය අගෝස්තු මස නිවේදනය කළේය. 

 



නව ධුරයේ වැඩ භාර ගැනීමත් සමග, ඉෂිබා රජය වෙත දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදුවේ. ඉහළ යන ජීවන වියදම පාලනයට කඩිනම් පියවර ගැනීම සහ කලාපීය ආර්ථික තරගකාරීත්වයට ජාත්‍යන්තර වශයෙන් හිතකාමී පරිසරයක් ජපානය තුළ නිර්මාණය කිරීම ඒ අතර මූලික වෙයි. 

එක්සත් ජනපදය, ජපානයේ "ලඟම හිතවතා' ය. ජපානයේ එක්සත් ජනපද තානාපති රහ්ම් එමානුවෙල් (Rahm Emanuel) විසින් එක්ස් (X) පණිවුඩයක් මගින් නව ජපන් අග්‍රාමාත්‍යවරයා වෙත සිය සුබපැතුම් එක් කර තිබේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Veteran Japan lawmaker Shigeru Ishiba to be PM after 'final battle'


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...