BREAKING
Top Ad
විදේශ

'හොඳයි, අපි සලකා බලන්නම්' - ඊශ්‍රායලය කියයි

T

The Leader Desk

September 28, 2024 • 5:32 AM

'හොඳයි, අපි සලකා බලන්නම්' - ඊශ්‍රායලය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු
  • එසේ නොවුවහොත්, දෙරටේම වැසියන්ට යලි ගම් බිම් කරා පැමිණීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජනපදය අනතුරු අඟවයි.
  • මිත්‍ර රටවල් රැසක් වෙතින් සටන් විරාමයක් පිණිස ලද ආරාධනා, ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පෙරේදා (26)  ප්‍රතික්ෂේප කළේය.
  • ඊයේ  අළුයම සිට ලෙබනනයට එල්ල කෙරුණු ඊශ්‍රායල මිසයිල ප්‍රහාර වලින් පමණක් එරට වැසියන්  25 දෙනකුට අධික පිරිසක් මිය ගිය බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍ය  ෆිරාස් අබියාද් (Firass Abiad) පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඊශ්‍රායලය සහ ලෙබනනය අතර සටන් විරාමයක් පිලිබඳ යෝජිත සාකච්ඡා සඳහා ඉදිරි දිනයක් ලබා දෙන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ප්‍රකාශ කළේය.


එසේ නොවුවහොත්, දෙරටේම වැසියන්ට යලි ගම් බිම් කරා පැමිණීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජනපදය අනතුරු අඟවයි.

මිත්‍ර රටවල් රැසක් වෙතින් සටන් විරාමයක් පිණිස ලද ආරාධනා, ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පෙරේදා (26)  ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව,  දැඩි කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් සිය ගණනක් ලෙබනන වැසියන් මරුමුවට පත් වූ අතර, කලාපීය යුද තත්ත්වයක සීග්‍ර වර්ධනයක් මතුවිය.

ඊයේ  අළුයම සිට ලෙබනනයට එල්ල කෙරුණු ඊශ්‍රායල මිසයිල ප්‍රහාර වලින් පමණක් එරට වැසියන්  25 දෙනකුට අධික පිරිසක් මිය ගිය බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍ය  ෆිරාස් අබියාද් (Firass Abiad) පැවසීය.  ඉකුත් සඳුදා (23) සිට ලෙබනනයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් 600 ක ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්  වූහ.


හිස්බුල්ලා සංවිධානය ඊයේ ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් දියත් කළේය. ලෙබනනයේ, නගර, ගම්මාන සහ සිවිල් වැසියන් ඉලක්ක කළ ඊශ්‍රායල ප්‍රහාර වලට ප්‍රතිචාර වශයෙන් එසේ සිදු කළ බව එම සංවිධානය පවසයි.

 (Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Israel to continue ceasefire discussions for Lebanon, Netanyahu says

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...