BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායලය, හිස්බුල්ලා නායකයා ඝාතනය කරයි

T

The Leader Desk

September 28, 2024 • 3:37 PM

ඊශ්‍රායලය, හිස්බුල්ලා නායකයා ඝාතනය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිස්බුලා සංවිධානයේ නායක සයෙඩ් හසන් නස්රල්ලා (Sayyed Hassan Nasrallah) ඊයේ (27) සිය ගුවන් ප්‍රහාර මගින් ඝාතනය කළ බව
  • වසර 32ක් තිස්සේ සිය සංවිධානයට නායකත්වය ලබා දුන් ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක්  කර නැත.
  • ඊශ්‍රායලය පවසන්නේ සත්‍යයක් නම් එය, එම සංවිධානය පමණක් නොව, ඉරානය ද ලද බරපතල පරාජයක් බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය ප්‍රකාශ කරයි.
  • ඉලක්කය මනාව සැලසුම් කර එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රායලය අද ප්‍රකාශ කළේය. ලෙබනනයේ බීරුත් අගනුවර තදාසන්න පෙදෙසක් වෙත එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් ඔහු මරු මුවට පත් ව තිබේ.

වසර 32ක් තිස්සේ සිය සංවිධානයට නායකත්වය ලබා දුන් ප්‍රධානියාගේ ඝාතනය සම්බන්ධයෙන් හිස්බුල්ලා සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රකාශයක්  කර නැත. ඊශ්‍රායලය පවසන්නේ සත්‍යයක් නම් එය, එම සංවිධානය පමණක් නොව, ඉරානය ද ලද බරපතල පරාජයක් බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය ප්‍රකාශ කරයි. ඔහු, මැද පෙරදිග කලාපය පුරා ඉරාන මතවාදය රැගෙන ගිය  'ප්‍රතිරෝධයේ අක්ෂය' ( Axis of Resistance) නම් මූලධර්මවාදී සංවිධානයේ ද කැපී පෙනෙන  චරිතයක් විය.

ඉලක්කය මනාව සැලසුම් කර එල්ල කළ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති. දකුණු දිග බීරුත් හි හිස්බුල්ලා පාලනය යටතේ පවතින දහියේ (Dahiyeh) නම් ප්‍රදේශයේ, ගොඩනැගිල්ලක් වෙත එල්ල කළ එම ඊශ්‍රායල ප්‍රහාරයෙන්, එහි භූගත මහලක පිහිටි හිස්බුල්ලා සංවිධානයට අයත් මූලස්ථානයේදී ඔහු ජීවිතක්ෂයට පත් වූ  බව ඔවුහු පවසති. ප්‍රහාරයෙන්, අලි කරාකි ( Ali Karaki )  නම් තවත් හිස්බුල්ලා නායකයකු ඇතුළු එහි ප්‍රධාන අණ දෙන නිලධාරීන් පිරිසක්  ද ඝාතනය වී ඇතැයි වාර්තා වේ.  සංවිධානයේ ප්‍රධානීන් එහි සිට ඊශ්‍රායලයට එරෙහි ත්‍රස්තවාදී මෙහෙයුම්  සැලසුම් කරන අතර සිය ප්‍රහාරය එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.

ඊයේ එල්ල කල දරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් බීරුත් අගනුවර දෙදරා ගිය බවත්, සිද්ධිය වූ ස්ථානයේ මීටර 20 ක පමණ ගැඹුරින් යුත් ආවාටයක් දැකිය හැකි බවත් රොයිටර්ස් පුවත් පවසයි. ප්‍රහාරයත් සමග ප්‍රදේශවාසීහු නිවෙස්  අතහැර පලා  ගියහ.

ඊයේ ප්‍රහාරයත් සමග, රාජ්‍යතාන්ත්‍රික  පාලනයෙන් ගිලිහී ගිය දරුණු කලාපීය යුද ගැටුමක්  තෙක් තත්ත්වය උග්‍ර වෙමින් පවතී.

මේ අතර, ඉරානයේ සිට ලෙබනනයේ බීරුත් ගුවන්තොටුපොළ වෙත පියාසර කරමින් තිබූ,  ඉරාන ගුවන් යානයකට, සිය ගුවන් කලාපයට ඇතුළු නොවන ලෙස ඊයේ, ලෙබනන ප්‍රවාහන හා මහජන කටයුතු අමාත්‍යංශය  දැනුම් දුන්නේය. එම ගුවන් යානය තුළ සිටි හෝ, එහි  රැගෙන ආ කිසිත් පිලිබඳ මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත්, ගුවන් යානයට බීරුත් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට   අවසර ලබා දුනහොත්, "බලය පෙන්වන" බවට ඊශ්‍රායලය  එහි ගුවන් පාලක මධ්‍යස්ථානයට තර්ජනය  කර තිබිණි. සිය ගුවන් යානා මගින් සමස්ත කලාපය පුරා, පැය විසි හතරේම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත්, කිසිදු සතුරු  හමුදා යානයකට ඊට ඇතුළු වීමට කිසිසේත් අවසර නොමැති බවත් ඊශ්‍රායල ගුවන් හමුදාව පවසයි.  

මේ වනවිට ඊශ්‍රායල තුළ ද දැඩි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...