BREAKING
Top Ad
විදේශ

තායිවානයේ හදිසි කාලගුණ තත්ත්වයක්

T

The Leader Desk

September 30, 2024 • 4:22 PM

තායිවානයේ  හදිසි කාලගුණ තත්ත්වයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තායිවානය අද හදිසි කාලගුණ තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේය. ළඟ එන ක්‍රතොන් (Krathon) සුළි කුණාටුවෙන් වහා ආරක්ෂා වන ලෙස
  •  මීට ඉහත, එවැනි සුළි කුණාටු කඳුකරයෙන් පතිතව, පැසිෆික් සයුරු මුහුණත පිහිටි නැගෙනහිර වෙරළ  තීරය ඔස්සේ හමා  ගියද, මෙවර තත්ත්වය ඊට ඉඳුරා වෙනස් බව එරට කාලගුණ බලධාරීහු පවසති.
  • බදාදා (02) උදෑසන වන විට, එය එරට වරාය නගරයක් වන කාඔස්‍යන්ග් (Kaohsiung) වෙත පතිත වීමෙන් අනතුරුව, මධ්‍යම තායිවානය ඔස්සේ, ඊශාන දිගින් පෙරදිග චීන මුහුදු කලාපයට පිවිසීමට නියමිත බව මධ්‍යම කාලගුණ පරිපාලනය (CWA) අනාවැකි පල කරයි.
  • කුණාටු කේන්ද්‍රය අසල පැයට සැතපුම් 125 ක වේගයකින් එය හමා යනු  ඇතැයි අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):
එමගින් දැනුම්දී තිබේ.

දැඩි වර්ෂාපතනයක් සහිත තද සුළං සමගින් එය, එරට අධික ජනගහනයෙන් යුත් බටහිර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතය.

 මීට ඉහත, එවැනි සුළි කුණාටු කඳුකරයෙන් පතිතව, පැසිෆික් සයුරු මුහුණත පිහිටි නැගෙනහිර වෙරළ  තීරය ඔස්සේ හමා  ගියද, මෙවර තත්ත්වය ඊට ඉඳුරා වෙනස් බව එරට කාලගුණ බලධාරීහු පවසති.

බදාදා (02) උදෑසන වන විට, එය එරට වරාය නගරයක් වන කාඔස්‍යන්ග් (Kaohsiung) වෙත පතිත වීමෙන් අනතුරුව, මධ්‍යම තායිවානය ඔස්සේ, ඊශාන දිගින් පෙරදිග චීන මුහුදු කලාපයට පිවිසීමට නියමිත බව මධ්‍යම කාලගුණ පරිපාලනය (CWA) අනාවැකි පල කරයි.

කුණාටු කේන්ද්‍රය අසල පැයට සැතපුම් 125 ක වේගයකින් එය හමා යනු  ඇතැයි අපේක්ෂා කෙරේ. තායිවානයේ නිරිතදිග සහ බටහිර බැවුම්, වැඩි අවදානම් කලාප ලෙස දැනුම් දී තිබේ.

පැයට සැතපුම් 93 කට අධික සුළං තත්ත්වයකට මුහුණ දීමට සූදානම් වන ලෙස ප්‍රදේශවාසීන් දැනුවත් කර ඇත.

හදිසි තත්ත්වයකට සූදානමින් රබර් ජීවිතාරක්ෂක යාත්‍රා 1000කින්  සහ  15,000ක භට පිරිසකින් යුත් හමුදා බල ඇණියක්  සීරුවෙන්  සිටී. ඉදිරි දින   කිහිපය තුළ මීටර 1.3 ක වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.

සියලු හමුදා රෝහල්වල දවසේ පැය 24 පුරා  හදිසි ප්‍රතිකාර කණ්ඩායම් ක්‍රියාත්මකය.  

සියලු අභ්‍යන්තර යාත්‍රික  සේවා සහ ඇතැම්  ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. දකුණේ සිට නැගෙනහිර වෙරළ   තීරය තෙක් දිවෙන දුම්රිය ගමන් වාරද  අද මධ්‍යාහ්නයේ සිට  නවතා දමා  ඇත.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ   උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...