BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා ලෙබනනය ආක්‍රමණය කරයි

T

The Leader Desk

October 1, 2024 • 6:02 AM

ඊශ්‍රායල හමුදා ලෙබනනය ආක්‍රමණය කරයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිස්බුල්ලා සාමාජිකයින් සොයා ලෙබනනයේ භූමිය මත "සීමාසහිත" හමුදා ක්‍රියාන්විත ආරම්භ කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.
  • මෞනිර් මඛ්දා (Mounir Maqdah) නම් ඔහු, එම සංවිධානයේ ලෙබනන ශාඛාවේ, සන්නද්ධ අංශය වන අල්-අඛ්සා මාර්ටියර්ස් (Al-Aqsa Martyrs) බලකායේ  අණ දෙන නිලධාරියකු ලෙස ක්‍රියා කරයි.
  • ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට සැක කෙරේ.
  • එම කඳවුර ලෙබනනයේ පිහිටි විශාලතම පලස්තීන සරණාගත කඳවුර ද වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙහෙයුම, ඊශ්‍රායලයේ ඉහළම දේශපාලන අධිකාරියේ අවසර මත ක්‍රියාත්මකයි. 

එම මෙහෙයුමට පෙර, ඊයේ (30) අළුයම පලස්තීන ෆාටා (Fatah) සංවිධානයේ ඉහළ පෙළ  කොමාන්ඩෝවරයකු ඉලක්ක කර ඊශ්‍රායලය දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය.

මෞනිර් මඛ්දා (Mounir Maqdah) නම් ඔහු, එම සංවිධානයේ ලෙබනන ශාඛාවේ, සන්නද්ධ අංශය වන අල්-අඛ්සා මාර්ටියර්ස් (Al-Aqsa Martyrs) බලකායේ  අණ දෙන නිලධාරියකු ලෙස ක්‍රියා කරයි. ප්‍රහාරයෙන් ඔහු ජීවිතක්ෂයට පත් වූ බවට සැක කෙරේ.

ලෙබනනයේ දකුණුදිග සයිඩොන් (Sidon) නගරබද  එයින් අල්-හිල්වේ (Ain al-Hilweh) සරණාගත කඳවුර ආසන්නයේ පිහිටි මහල් ගොඩනැගිල්ලකට එම ප්‍රහාරය එල්ල කර තිබේ. එම කඳවුර ලෙබනනයේ පිහිටි විශාලතම පලස්තීන සරණාගත කඳවුර ද වේ.

හිටපු පලස්තීන නායක යසර් අරෆත් (Yasser Arafat) විසින් 1965 දී පලස්තීන ජාතිකවාදී ව්‍යාපාරය වන ෆාටා සංවිධානය බිහි කෙරිණි. එරට ක්‍රියාත්මක හමාස් සංවිධානය එහි සාමාජිකයෙක් නොවේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Israel launches ground raids in south Lebanon, saying it is targeting Hezbollah


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...