BREAKING
Top Ad
විදේශ

අධිකරණ තීන්දුවට නොසතුටෙන් බෙංගාල වෛද්‍යවරු යළි වැඩ වැරුමේ

T

The Leader Desk

October 1, 2024 • 11:16 AM

අධිකරණ  තීන්දුවට නොසතුටෙන් බෙංගාල වෛද්‍යවරු යළි වැඩ වැරුමේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කණිෂ්ඨ වෛද්‍යවරු අද යළිත් සිය වැඩවර්ජනය ආරම්භ කළහ. එය පූර්ණ වැඩ වර්ජනයක් සේ ක්‍රියාත්මක බව ඔවුහු පවසති.
  • එහෙත්, එම අපරාධයට එරෙහිව සාධාරණ යුක්තිය ඉටු කිරීමට අධිකරණය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි ප්‍රකාශ කරමින් වෛද්‍ය වැඩ වර්ජනය අද යළි ආරම්භ කර තිබේ.
  •   මේ සම්බන්ධයෙන් ඊයේ (30) එරට ඉහළම අධිකරණයේ පැවති නවතම නඩු විභාගයේදී, ඔක්තෝබර 15 වනදාට ප්‍රථම සියළු වෛද්‍ය ඉල්ලීම් ඉටු කරන මෙන් අධිකරණය ප්‍රාන්ත රජයට නියෝග කළේය.
  • නීති ප්‍රකාරව, වින්දිත  තොරතුරු අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොවන බවට වගබලා ගන්නා ලෙස, එරට තොරතුරු අමාත්‍යංශය වෙත ද  අධිකරණ නියෝග නිකුත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොල්කටා රෝහලක සේවයේ නියුතු 31 හැවිරිදි සීමාවාසික වෛද්‍යවරියක් ඉකුත් අගෝස්තු මස රෝහලේදීම දුෂණය කර මරා දැමිණි.  ඊට එරෙහිව රට පුරා දැවැන්ත වෛද්‍ය වැඩ වර්ජනයක් ආරම්භ වූ අතර, වහා අධිකරණ කටයුතු පසිඳලීමේ රජයේ පොරොන්දුව මත, එය තාවකාලිකව නතර කෙරිණි.

එහෙත්, එම අපරාධයට එරෙහිව සාධාරණ යුක්තිය ඉටු කිරීමට අධිකරණය විසින් ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි ප්‍රකාශ කරමින් වෛද්‍ය වැඩ වර්ජනය අද යළි ආරම්භ කර තිබේ. ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශවල පසුගියදා සිදුවූ ජල ගැල්ම හේතුවෙන්, බටහිර බෙංගාල කණිෂ්ඨ වෛද්‍ය පෙරමුණ නියෝජනය කරන 7000 ක පමණ වෛද්‍යවරු අත්‍යවශ්‍ය රාජකාරි වෙනුවෙන්, වැඩවර්ජනය තාවකාලිකව අත්හළහ.  මියගිය සහෝදර වෛද්‍යවරියට සාධාරණය ඉටු කරන මෙන් හා වැඩ බිම කාන්තාවන්ට ප්‍රමාණවත් ආරක්ෂාව සැලසීමට පියවර ගන්නා ලෙස රජයට බල කරමින්, වෛද්‍යවරිය දූෂණය කර මරා දැමීමට එරෙහි වැඩ වර්ජනය ආරම්භ විය.

 

මේ සම්බන්ධයෙන් ඊයේ (30) එරට ඉහළම අධිකරණයේ පැවති නවතම නඩු විභාගයේදී, ඔක්තෝබර 15 වනදාට ප්‍රථම සියළු වෛද්‍ය ඉල්ලීම් ඉටු කරන මෙන් අධිකරණය ප්‍රාන්ත රජයට නියෝග කළේය. නීති ප්‍රකාරව, වින්දිත  තොරතුරු අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොවන බවට වගබලා ගන්නා ලෙස, එරට තොරතුරු අමාත්‍යංශය වෙත ද  අධිකරණ නියෝග නිකුත් කෙරිණි.

අධිකරණ තීන්දුව පිලිබඳ සෑහීමට පත්විය නොහැකි බව පවසමින් වෛද්‍යවරු අද සිය පූර්ණ වැඩවර්ජනය යළි ක්‍රියාත්මක කළහ. ආරක්ෂාව, රෝගී සේවා, සහ දේශපාලන බලපෑම් මත බියගැන්වීම යන කරුණු පිලිබඳ රජයෙන් පැහැදිලි සහතිකයක් ලැබෙන තෙක්, වැඩවර්ජනයෙන් ඔබ්බට වෙනත් විසඳුමක් නැතැයි ප්‍රකාශ කරමින්, ඒකාබද්ධ වෛද්‍ය වෘත්තීය  සමිති නිවේදනයක් ද නිකුත් කර තිබේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Junior doctors in India's Kolkata resume full strike, disappointed with top court's ruling


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...