එරෙහි අපරාධ චෝදනා විභාගය ඇරඹේ.
ඒ උදෙසා ඊයේ (30) ඇය එරට අපරාධ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියාය.
යුරෝපීය සංගමය (EU) මගින් ලද අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඇය ඇතුළු එම පක්ෂයට, එහි නිලධාරීන්, කාර්යමණ්ඩලය, නීතිවේදීන් සහ පාර්ලිමේන්තු සහායකයින් 24 දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
යුරෝපීය සංගමය විසින් පාර්ලිමේන්තු කටයුතු පිණිස ලබා දුන් අරමුදල්, එකල ජාතික පෙරමුණ (National Front) නමින් හැඳින්වූ එම පක්ෂයේ කාර්යමණ්ඩල වැටුප් ගෙවීම වෙනුවෙන් අවභාවිතා කිරීම ඊට අදාල චෝදනාවයි.
එම කාර්යමණ්ඩල සාමාජිකයින් පාර්ලිමේන්තු සේවකයින් බවත්, ඒ අනුව අදාළ වැටුප් ගෙවීම් නීති විරෝධී නොවන බවත්, එම සේවක රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමෙන් තොරව චෝදනා වාචික ලඝු කොට දක්වා ඇති බවත් ඇය පවසයි.
චෝදනා පිලිබඳ විමර්ශන මීට දස වසරකට පමණ පෙර ඇරඹිණි.
ඊයේ ඇරඹි නඩු විභාගයෙන් ඇය වැරදිකාරිය වුවහොත්, ඇයට ඊට දඬුවම් ඇතුළු තවත් වසර ගණනක පාර්ලිමේන්තු අවස්ථා සහ වරප්‍රසාද අහිමිවනු ඇත.
2017 සහ 2022 දෙවසරේදීම ඇය ප්‍රංශ ජනපතිවරණයෙන් එම්මානුවෙල් මැක්‍රන් (Emmanuel Macron) ට පරාජය විය. එළැඹෙන 2027 ජනපතිවරණය වෙනුවෙන් ඉදිරිපත්ව සිටින ඇය වත්මන, ඉදිරිපෙළ අපේක්ෂිකාවකි. සියලු චෝදනාවලින් නිදොස්ව, නිදහස් විය හැකි බවට පූර්ණ විශ්වාසය ඇතැයි ඇය පවසයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
French far-right leader Le Pen stands trial over alleged misuse of EU funds
ප්‍රංශ ජනපති අපේක්ෂිකා මැරීන් ලේ පෙන් ට එරෙහි අපරාධ චෝදනා නඩු විභාගය ඇරඹේ
T
The Leader Desk
October 1, 2024 • 3:25 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ප්‍රංශයේ අන්ත දක්ෂිනාංශික "ජාතික රැලිය" (RN) පක්ෂයේ ඉහළ පෙළ නායිකාවක වන මැරීන් ලේ පෙන් (Marine Le Pen) ට
- ඒ උදෙසා ඊයේ (30) ඇය එරට අපරාධ අධිකරණයක් ඉදිරියේ පෙනී සිටියාය.
- යුරෝපීය සංගමය (EU) මගින් ලද අරමුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඇය ඇතුළු එම පක්ෂයට, එහි නිලධාරීන්, කාර්යමණ්ඩලය, නීතිවේදීන් සහ පාර්ලිමේන්තු සහායකයින් 24 දෙනකුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
- එම කාර්යමණ්ඩල සාමාජිකයින් පාර්ලිමේන්තු සේවකයින් බවත්, ඒ අනුව අදාළ වැටුප් ගෙවීම් නීති විරෝධී නොවන බවත්, එම සේවක රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සවිස්තරාත්මක පැහැදිලි කිරීමෙන් තොරව චෝදනා වාචික ලඝු කොට දක්වා ඇති බවත් ඇය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


