BREAKING
Top Ad
විදේශ

මැද පෙරදිග ගුවන් කලාපය කැළඹෙයි, යානා දස අතේ හරවා යැවේ

T

The Leader Desk

October 2, 2024 • 9:09 AM

මැද පෙරදිග ගුවන් කලාපය කැළඹෙයි, යානා දස අතේ හරවා යැවේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය වෙත ඉරානය ඊයේ (01) බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කරත්ම අවට ගුවන් කලාපයේ රැඳී සිටි සිවිල් ගුවන් යානා රැසකට ගුවනේ අතරමං වීමට සිදු විය.
  • ගුවන් යානා වැඩි සංඛ්‍යාවක් කයිරෝ සහ ස්තාන්බුල් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්වීම් සිදු  කෙරිණි.
  • සිය ගමනාන්ත වෙත පියාසර කරමින් සිටි එම ගුවන් යානා සියල්ලට "හිස්  ලූ ලූ අත" හරවා යාමට සිදු වූ බව 'ෆ්ලයිට් රාඩාර් 24' (FlightRadar24) ගුවන් ගමන් සිතියම් නිරීක්ෂක සේවය උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිය ගමනාන්ත වෙත පියාසර කරමින් සිටි එම ගුවන් යානා සියල්ලට "හිස්  ලූ ලූ අත" හරවා යාමට සිදු වූ බව 'ෆ්ලයිට් රාඩාර් 24' (FlightRadar24) ගුවන් ගමන් සිතියම් නිරීක්ෂක සේවය උපුටා දක්වමින් රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි. ඒ අනුව, ගුවන් කලාපයට පිවිස සිටි ගුවන් යානා රැසකට, උතුර සහ දකුණ බලා හරවා යාමට සිදුවිය. ගුවන් යානා වැඩි සංඛ්‍යාවක් කයිරෝ සහ ස්තාන්බුල් ගුවන්තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්වීම් සිදු  කෙරිණි.

එම හේතුවෙන්, තුර්කියේ ස්තාන්බුල් සහ අන්තල්‍යා ඇතුළු වෙනත් ආසන්න ගුවන්තොටුපොළ රැසක අධික තදබදයක් හටගත් අතර, අමතර ගුවන් යානා තවදුරටත්, දකුණුදිග වෙනත් ගුවන්තොටුපොළ වෙත හරවා යැවීමටද සිදු විය. 

උද්ගත හදිසි තත්ත්වය මත, ඊයේ, මැදපෙරදිග ඩුබායි, දෝහා සහ අබු ඩාබි වෙත පියාසර කරමින් තිබූ, එමිරේට්ස්, බ්‍රිතාන්‍ය ගුවන් සේවය, ලුෆ්තන්සා මෙන්ම, කටාර් ගුවන් සේවයට අයත් යානා 80ක් පමණ, කයිරෝ සහ වෙනත් යුරෝපීය ගුවන්තොටුපොළ කිහිපයක් වෙත හරවා යවා තිබේ. 

අර්බුදකාරී ගුවන් කලාපය මගහැරීම පිණිස ගුවන් සේවා රැසක් තාවකාලිකව සිය ගුවන් ගමන් සේවා අත්හිටුවීමට පියවර ගත්හ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Israel-Iran Live Updates: Netanyahu says Iran 'will pay' for missile attack



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...