BREAKING
Top Ad
විදේශ

ගල්ෆ් කලාපයේ ගුවන් ගමන්වලට බාධා

T

The Leader Desk

October 2, 2024 • 11:31 AM

ගල්ෆ් කලාපයේ ගුවන් ගමන්වලට බාධා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මැද පෙරදිග, ගල්ෆ් කලාපයේ රටවල් රැසක්, පවතින ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් සිය ගුවන් කලාප වසා දමා තිබේ. ඒ අනුව, ගුවන් යානා වලට විකල්ප මාර්ග ඔස්සේ ආශ්‍රිත ගමනාන්ත වෙත පියාසර කරන ලෙස උපදෙස් ලබා දී ඇත.
  • එමිරේට්ස් ගුවන් සේවය අද සහ හෙට (03) ඉරාකයේ බස්රා සහ බැග්ඩෑඩ්, ඉරානය සහ ජෝර්දානය සමග සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ.
  • ගුවන් කලාපය පිලිබඳ අඛණ්ඩ නිරීක්ෂණයේ පසුවන බවත්, නවතම දැනුම්දීම් උදෙසා අදාළ බලධාරීන් සමග සමීප සහයෝගයෙන් කටයුතු කරන බවත් එම ගුවන් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මැද පෙරදිග ඇතැම් ගුවන් කලාප වෙත පනවා ඇති සීමා හමුවේ, සිය ගුවන් ගමන් ප්‍රති-මාර්ග ගත කෙරුණු බව අබු ඩාබි, ඉතිහාඩ් ගුවන් සේවය අද නිවේදනය කළේය.

එමිරේට්ස් ගුවන් සේවය අද සහ හෙට (03) ඉරාකයේ බස්රා සහ බැග්ඩෑඩ්, ඉරානය සහ ජෝර්දානය සමග සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. ඒ අනුව, එම ගුවන්තොටුපොළ සිට හෝ ඒ වෙත කිසිදු එමිරේට්ස් ගුවන් යානයක් පියාසර නොකෙරේ. ගුවන් කලාපය පිලිබඳ අඛණ්ඩ නිරීක්ෂණයේ පසුවන බවත්, නවතම දැනුම්දීම් උදෙසා අදාළ බලධාරීන් සමග සමීප සහයෝගයෙන් කටයුතු කරන බවත් එම ගුවන් සේවය පවසයි.

airw

 

කටාර් ගුවන් සේවයද, ඉරාකය සහ ඉරානය වෙත සහ එහි සිට ක්‍රියාත්මක සිය ගුවන් සේවා සියල්ල තාවකාලිකව නවතා දමා තිබේ. 

ගුවන් කලාප වස දැමීමට යටත්ව, ෆ්ලයිඩුබායි ගුවන් සේවය අද සහ හෙට ජෝර්දානය, ඉරාකය, ඊශ්‍රායලය සහ ඉරානය වෙත සියලු ගුවන් සේවා අවලංගු කළේය. 

ඊයේ සිට, කලාපය හරහා සිය ගුවන් ගමන් ප්‍රති-මාර්ගගත කෙරුණු බව සහ ගමනාන්ත වේලාවන් වෙනස් කර ඇති බව කුවේට් ගුවන් සේවය විසින් ද නිවේදනය කර තිබේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:Israel-Iran Live Updates: Netanyahu says Iran 'will pay' for missile attack

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...