BREAKING
Top Ad
විදේශ

ආක්‍රමණයටත් පෙර ක්‍රතොන් වැඩ පෙන්වයි - තායිවානය වැසේ

T

The Leader Desk

October 2, 2024 • 3:03 PM

ආක්‍රමණයටත් පෙර ක්‍රතොන් වැඩ පෙන්වයි - තායිවානය වැසේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ළඟ එන ක්‍රතොන් (Krathon) සුළි කුණාටුවේ බලපෑම හමුවේ, තායිවානය වසා දැමීමට බලධාරීහු අද පියවර ගත්හ.
  • සුළි කුණාටුව හේතුවෙන් එහි දකුණු දිවයින් කලාපයේ දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර, එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීහු පවසති.
  •  කුණාටුවේ ඇස පවතින, එරට ප්‍රධාන වරාය නගරයක් වන කාඔස්‍යන්ග් (Kaohsiung) හි  පදිංචිකරුවන්ට, නිවෙස් තුළම රැඳී සිටින ලෙස උපදෙස් නිකුත් කර ඇත.
  • ප්‍රදේශවාසීන්ට අවට මුහුදු කලාපයෙන්, ගංගා සහ කඳුකර ප්‍රදේශවල සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත්ව සිටින ලෙසද දන්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ඒ අනුව, ගුවන් යානා සිය ගණනක් ගුවන්තොටුපොළ වෙත ගාල් කෙරුණු අතර, පාසල්, කාර්යාල සහ මූල්‍ය වෙළඳපොළ සියල්ලද වසා දමා තිබේ.

සුළි කුණාටුව හේතුවෙන් එහි දකුණු දිවයින් කලාපයේ දැඩි වර්ෂාපතනයක් හටගෙන ඇති අතර, එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි බලධාරීහු පවසති.

 කුණාටුවේ ඇස පවතින, එරට ප්‍රධාන වරාය නගරයක් වන කාඔස්‍යන්ග් (Kaohsiung) හි  පදිංචිකරුවන්ට, නිවෙස් තුළම රැඳී සිටින ලෙස උපදෙස් නිකුත් කර ඇත.

ප්‍රදේශවාසීන්ට අවට මුහුදු කලාපයෙන්, ගංගා සහ කඳුකර ප්‍රදේශවල සියලු ක්‍රියාකාරකම් වලින් ඉවත්ව සිටින ලෙසද දන්වා තිබේ.

 මෙවර කුණාටුව, මීට වසර ගණනකට ඉහත,1977 දී,   37 දෙනකුට මරු කැඳවමින් සහ මිලියන 2.7 ක ජනගහනයක් සහිත නගරය මුළුමනින්ම වනසමින් එහි කඩා වැදුණු දරුණු තෙල්මා (Thelma) සුළි කුණාටුවට සමාන තත්ත්වයක් බව කාලගුණ විශේෂඥයෝ පවසති.  

ළඟ එන ක්‍රතොන් සුළි කුණාටුව පිලිබඳ පූර්ව දැනුම් දීම් සහිතව, තායිවානය හදිසි කාලගුණ තත්ත්වයක් පිලිබඳ ඉකුත් සඳුදා (30) අනාවැකි පළ කළේය.

සුළි කුණාටු අවදානම තරමක් පහව ගියද, ඒ හේතුවෙන් පවතින තද සුළං සහිත දැඩි  වර්ෂා තත්ත්වය තව දුරටත් නොවෙනස්ව පැවතිය හැකි අතර  එය ක්‍රමයෙන් එරට වෙරළ කලාපය වෙත පහව යනු ඇතැයි කාලගුණ බලධාරීහු පවසති.

සුළි කුණාටුව පොළොව මත පතිත වීමත් සමග අඩපණ වන බව කාඔස්‍යන්ග් නගරාධිපති චෙන් චි-මායි  (Chen Chi-mai) පවසයි.

එහෙත්, එමගින් තවදුරටත් සැඩ සුළං සහිත තද වැසි රැගෙන එනු ඇතැයි ද, යම්හෙයකින්, එය උතුරු දෙශාභිමුඛව ගමන් කර සුළං ප්‍රවාහ තවදුරටත් ශක්තිමත් වන්නේ නම්, තත්ත්වය සරල නොවන බවත්, එය නගරයේ පැවැත්ම අතිශය දරුණු ලෙස අවදානමට ලක් කරනු ඇති බවත් ඔහු කියා සිටී.

නවතම වාර්තාවන්ට අනුව, දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව, දෙදනකු අතුරුදන්ව සහ 70 ක ට ආසන්න පිරිසක් තුවාල ලබා සිටිති.

ජාත්‍යන්තර ගුවන් ගමන් 246ක් ඇතුළු අභ්‍යන්තර ගුවන් ගමන් සියල්ල අවලංගු කර තිබේ.

දැඩි සුළං සහිත තද වැසි තත්වය හේතුවෙන් දිවයිනේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශයන්හි පදිංචිකරුවන් 10,000ක් පමණ, පදිංචි ස්ථාන වෙතින් ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් කර තිබේ.  

හෙට අළුයම වන විට, ක්‍රතොන් සුළි කුණාටුව තායිවානයේ කාඔස්‍යන්ග් සහ අසල පිහිටි තායිනාන් (Tainan) ආසන්න ස්ථානයක්  වෙත පතිත වෙතැයි අපේක්ෂා කෙරේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Taiwan shuts down for Typhoon Krathon, bringing torrential rain

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ආක්‍රමණයටත් පෙර ක්‍රතොන් වැඩ පෙන්වයි - තායිවානය වැසේ | The Leader