BREAKING
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දරුණු සටන්

T

The Leader Desk

October 3, 2024 • 6:56 AM

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දරුණු සටන්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනය ආක්‍රමණය කළ ඊශ්‍රායල හමුදා සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර දරුණු ගැටුම් හට ගෙන තිබේ.
  • ඉන්, 06 දෙනකු ජීවිතක්ෂයට පත් වී 07 දෙනෙක් තුවාළ  ලැබූහ.
  • හඳුනාගත් ඉලක්ක වෙත ගුවන් හමුදාව බෝම්බ හෙලූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි.
  • බෝම්බ හෙළා විනාශ වූ, ගිනි ගන්නා ගොඩනැගිල්ලක වීඩියෝ දර්ශන එරට වට්සැප් (WhatsApp ) සමාජ ජාලය ඔස්සේ සංසරණය වන බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඊශ්‍රයලය ඊයේ (02) මධ්‍යම බීරුත් වෙත බෝම්බ හෙළීය. ඉන්, 06 දෙනකු ජීවිතක්ෂයට පත් වී 07 දෙනෙක් තුවාළ  ලැබූහ.

හඳුනාගත් ඉලක්ක වෙත ගුවන් හමුදාව බෝම්බ හෙලූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කරයි. මධ්‍යම බීරුත් නුවර, එරට පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි බචෝරා (Bachoura) නිවෙස් පරිශ්‍රය අසල පිහිටි ගොඩනැගිල්ලක් වෙත එම ප්‍රහාරය එල්ල කර තිබේ. බෝම්බ හෙළා විනාශ වූ, ගිනි ගන්නා ගොඩනැගිල්ලක වීඩියෝ දර්ශන එරට වට්සැප් (WhatsApp ) සමාජ ජාලය ඔස්සේ සංසරණය වන බව රොයිටර්ස් (Reuters) පුවත් සේවය පවසයි.

 

ඉකුත් සතියේ හිස්බුල්ලා නායක හසන් නසරල්ලා ඝාතනය වූ අගනුවර දකුණුදිග නාගරිකය වන දහියේ (Dahiyeh) වෙත ද ඊයේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කෙරිණි. අඛණ්ඩ මිසයිල ප්‍රහාර 12ක් පමණ ඒ වෙත එල්ල වූ බව ලෙබනන ආරක්ෂක අංශ පවසති. 

පෙරේදා (01) ඉරානය, ඊශ්‍රායලය වෙත මිසයිල ප්‍රහාර 180ක් පමණ එල්ල කළේය. ඉන් සිදු වූ හානිය ඊශ්‍රායලය විසින් මෙතෙක් අනාවරණය කර නැත.

 

1727925996 Israel

ලෙබනනයේ පැවති භූමි සටන් වලින්, සිය හමුදා භටයින් 08 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායලය කියයි. සිය පාබල සේනාංක ඇතුළු හමුදා සන්නද්ධ එකක වහා සටන් බිමට පිවිස ඇතැයි ඔවුහු පවසති. ඉරාන මිසයිල ප්‍රහාරයට අනිවාර්ය ප්‍රති ප්‍රහාර අපේක්ෂාවෙන් සිටින ලෙස ඊශ්‍රායලය විසින් ඉරානය වෙත අනතුරු ඇඟවීමත් සමග, සමස්ත මැද පෙරදිග බොර තෙල් අධිරාජ්‍යය, පුළුල් යුද තත්ත්වයකට ඇදී යමින් තිබේ.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel strikes heart of Beirut, killing six


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...