BREAKING
Top Ad
විදේශ

ඇමෙරිකානු වරාය සේවක වර්ජනයෙන් ආහාර සැපයුම් දාමය අනතුරේ

T

The Leader Desk

October 3, 2024 • 8:31 AM

ඇමෙරිකානු වරාය සේවක වර්ජනයෙන් ආහාර සැපයුම් දාමය අනතුරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද වෙළඳ වරාය රැසක සේවක වැඩවර්ජන හටගෙන තිබේ.
  • එම හේතුවෙන් මාංශ ඇතුළු, අධිශීත ගත ආහාර කන්ටේනර රැසක බෙදා හැරීම් ඇණහිට පවතී.  ගෝතමාලාවේ සිට එරටට ආනයනිත කෙසෙල් ඇතුළු පළතුරු සහ ඉතාලියේ නිෂ්පාදිත වයින් ඇතුළු භාණ්ඩ රැසක් රැගත් බහළු මෙහෙයුම් මුළුමනින්ම නැවතී තිබේ.
  • මෙයින් (Maine) සහ ටෙක්සාස් ඇතුළු වරාය රැසක බහළු නැව්ගත කිරීම් සහ ගොඩ බෑම අක්‍රීයව පවතී.
  •   ආනයනිත මුහුදු ආහාර නිෂ්පාදන සහ අපනයනය පිණිස සැකසූ කුකුළු මස් අඩංගු ශීත කන්ටේනර රැසක් ද පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීමේ අවදානමකට බඳුන්ව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට නැගෙනහිර සහ ගල්ෆ් තීරය ආසන්නයේ පිහිටි වරාය ඩොක් සේවකයින් විසින් වැඩ වර්ජනය ක්‍රියාත්මක ය. එම හේතුවෙන් මාංශ ඇතුළු, අධිශීත ගත ආහාර කන්ටේනර රැසක බෙදා හැරීම් ඇණහිට පවතී. 

ගෝතමාලාවේ සිට එරටට ආනයනිත කෙසෙල් ඇතුළු පළතුරු සහ ඉතාලියේ නිෂ්පාදිත වයින් ඇතුළු භාණ්ඩ රැසක් රැගත් බහළු මෙහෙයුම් මුළුමනින්ම නැවතී තිබේ. මෙයින් (Maine) සහ ටෙක්සාස් ඇතුළු වරාය රැසක බහළු නැව්ගත කිරීම් සහ ගොඩ බෑම අක්‍රීයව පවතී.

 

rt22

ආනයනිත මුහුදු ආහාර නිෂ්පාදන සහ අපනයනය පිණිස සැකසූ කුකුළු මස් අඩංගු ශීත කන්ටේනර රැසක් ද පරිභෝජනයට නුසුදුසු තත්වයට පත්වීමේ අවදානමකට බඳුන්ව තිබේ. වැඩවර්ජනය හේතුවෙන් එරට අභ්‍යන්තර ආහාර සැපයුම් දාම ක්‍රියාවලියද මේ වන විට, අර්බුදයට ලක් වෙමින් පවතී. ඒ හේතුවෙන් ඉදිරියේදී, කෙටිකාලීනව, ආහාර නිෂ්පාදන මිල ඉහළයාම සහ වෙළඳපොළ ඌනතා හට ගනු අතැයි අපේක්ෂා කෙරේ.

මේ වනවිට, එකී වරයයන්හි 50 කට අධික බහළු නෞකා සංඛ්‍යාවක් මෙහෙයුම් සිදු කිරීමට නොහැකිව දෙදිනක් පුරා නැංගුරම් ලා සිටිති. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
US port strike disrupts hamburger supplies, frozen seafood


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...