යුක්තිය ඉටු කිරීම අවහිර කිරීම සහ ඩොලර් 300,000 ක ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග භාණ්ඩ අනීතිකව ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ, වසර 13ක් සිංගප්පූරු කැබිනට් අමාත්‍යවරයකුව සිටි එස්. ඊශ්වරන් (S. Iswaran) නම් අමාත්‍යවරයාට එම දඬුවම් පැනවිණි.
වෙළඳ, සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍ය ධුරයන්හි කටයුතු කළ එස්. ඊශ්වරන්ඔහු කලක් එහි, වෙළඳ, සන්නිවේදන හා ප්‍රවාහන අමාත්‍ය ධුරයන්හි කටයුතු කළ අයෙකි. ධුරයෙන් විශ්‍රාම ව සිටින අමාත්‍යවරයකුට එරෙහිව එරට අධිකරණයක් විසින් පැනවූ ප්‍රථම සිර දඬුවම එයයි.
විත්තියේ නීතිඥයින් විසින් මාස 7ක ට නොවැඩි සිර දඬුවමක් ඉල්ලා සිටියද, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේය. හිටපු අමාත්‍යවරයා විසින් සිදු කර ඇති වරදේ ස්වභාවය සහ එමගින් මහජන විශ්වාසය පලුදු කිරීමේ බරපතල විෂමාචාරය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
ඵලදායී යහපාලන රජයක අඩිතාලම රාජ්‍ය ආයතන පිලිබඳ විශ්වාසය බවත්, එක් රාජ්‍ය නිලධාරියකුගේ විෂමාචාරයක් හේතුවෙන් සමස්ත පද්ධතියේම ඒකාග්‍රතාව සහ වගවීමේ ක්‍රියාවලිය බිඳ වැටෙන බවත්, තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

ඉතා පවිත්‍ර රාජ්‍ය යහපාලනයක් සහිත සිංගප්පූරුව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් (Transparency International) සමීක්ෂණයකට අනුව, ඉකුත් වසරේ අවම දූෂණයක් සහිත ලොව හොඳම රාජ්‍ය අතර පස් වන ස්ථානය ට පත්විය.
සිංගප්පූරුව, ඉතා උසස් තත්ත්වයේ වැටුප් හිමි කාර්යක්ෂම රාජ්‍ය නිලධාරී සමූහයකින් ද සැදුම් ලත් රාජ්‍යයකි.
හිටපු අමාත්‍යවරයා විසින් සිදු කර ඇති වංචා දූෂණ අනාවරණය හා ඊට ලද සිර දඬුවම් පිළිබඳ පුවත, මේ වන විට, රට තුළ ඉමහත් ආන්දෝලනයට ලක් වී තිබේ.
(Reuters ඇසුරින් සටහන; හර්ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
Singapore's disgraced former minister S. Iswaran jailed in landmark case