එම මිසයිල ප්‍රහාරයේ හානිය තවදුරටත් තක්සේරු කරමින් පවතින බව ඊශ්‍රායලය පවසයි. එහි රැඳී සිටි ජ්‍යෙෂ්ඨ හිස්බුල්ලා සාමාජිකයින් රැසක් ඉලක්ක කර ප්‍රහාරය දියත් කර තිබේ. එය, ප්‍රති-ප්‍රහාරයකට තරම් නොවන බව ඉරානය කියා සිටී.
මේ මස 01 වන දා ඊශ්‍රායලය වෙත සිදු කළ ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයට ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය මාන බලමින් සිටී.
එම ප්‍රහාරයේදී ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල 180 කට වැඩි ගණනක් එල්ල වූ අතර, ඉන් බොහොමයක් අහසේදී ම විනාශ කිරීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.
ලෙබනනයේ සිදු කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරවලට පිළිතුරු ලෙස එම මිසයිල ප්‍රහාරය එල්ල කළ බවත්, එය එතෙකින් අවසන් බවත්, ප්‍රහාරයට පසු දිනම ඉරානය ප්‍රකාශ කළේය. එම ප්‍රහාරයේදී ඊශ්‍රායලය වෙත බැලස්ටික් මිසයිල 180 කට වැඩි ගණනක් එල්ල වූ අතර, ඉන් බොහොමයක් අහසේදී ම විනාශ කිරීමට ඊශ්‍රායලය පියවර ගත්තේය.
ප්‍රහාරයෙන් කුපිත වූ එක්සත් ජනපදය, ඊශ්‍රායලයට එරෙහි ප්‍රහාර වහා නතර කරන ලෙස ඉරානයට තරයේ අවාද කළේය. ප්‍රති-ප්‍රහාර පිණිස, ඊශ්‍රායලයට ඕනෑම සහායයක් දක්වන බවට ද වොෂින්ටනය පොරොන්දු විය. ප්‍රති-ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායලය විසින් දිව්රා ප්‍රකාශ කර තිබේ.
ඉරාන තෙල් සංචිත කෙරෙහි, ඊශ්‍රායල ප්‍රහාරයක් සිදු කෙරෙතැයි බියෙන්, ලෝක තෙල් මිල ඉහළ යාම ඊයේ (04) ආරම්භ විය.
මේ අතර, ඉරාන තෙල් සංචිත කෙරෙහි, ඊශ්‍රායල ප්‍රහාරයක් සිදු කෙරෙතැයි බියෙන්, ලෝක තෙල් මිල ඉහළ යාම ඊයේ (04) ආරම්භ විය.
බීරුත් වෙත දිගින් දිගටම එල්ල කෙරෙන ඊශ්‍රායල මිසයිල ප්‍රහාර හේතුවෙන්, මිලියන 1.2 ක ට අධික ජනතාවකට උන් හිටි තැන් අහිමි වී ඇත. අද උදෑසන ද දකුණු බීරුත් බද ප්‍රදේශයක, දැඩි පිපුරුම් හඬ ඇසුණු බවත්, ඉන්පසු තද දුමාරයකින් අවට වැසී යනු දුටු බවත් රොයිටර්ස් පුවත් සේවය පවසයි.
ඊශ්‍රායල හමුදා, දකුණු ලෙබනනයේ ඔදෙයිසේ (Odaisseh) නගරය ආක්‍රමණය කරමින් ඇති බවත්, දෙපාර්ශ්වය අතර භූමිය මත දරුණු සටන් හටගෙන ඇති බවත්, ලෙබනන හමුදා ආරංචි මාර්ග අද පැවසීය.
බීරුත් වෙත දිගින් දිගටම එල්ල කෙරෙන ඊශ්‍රායල මිසයිල ප්‍රහාර හේතුවෙන්, මිලියන 1.2 ක ට අධික ජනතාවකට උන් හිටි තැන් අහිමි වී ඇත.
තමා, ඊශ්‍රායල ජනපති ධුරයේ සිටියේ නම්, ඉරාන තෙල් නිධි වෙත පහර දීම වෙනුවට, වෙනත් විකල්ප ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ සොයා බලන බව එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් පවසයි.
කෙසේ වුවත්, ඊශ්‍රායලය, තව දුරටත්, සුදුසුම පිළිතුරු පහර කුමක් දැයි යන්න පිලිබඳ, නිශ්චිත සැලසුම් සකස් කරමින් සිටින බව සිය විශ්වාසය බව ද ඔහු ප්‍රකාශ කරයි.
ඇමෙරිකානු ජනපති මැදුර වන, 'වයිට් හවුස්' හි පැවති පුවත් සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කළේය.

එහිදී, මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, මැද පෙරදිග ගැටුම් සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික විසඳුමකින් තොර අඛණ්ඩ යුද ප්‍රයත්නයේ යෙදීම, ළඟ එන එක්සත් ජනපද ජනපතිවරණයට බලපෑමක් නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
ඉකුත් වසරේ සිට මෙතෙක් පැවති දේශ සීමා ගැටුම් වලින්, ලෙබනන වැසියන් 2000 ක ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි එරට රජය පවසයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel targets Hezbollah intel HQ in Lebanon, Iran says it will not back down



