කොටස් වෙත එල්ල කළ මරු පහරකි.
හිස්බුල්ලා සංවිධානය, ලෙබනනයේ මතු නොව, සමස්ත මැද පෙරදිග කලාපයේම ප්‍රබල සන්නද්ධ සහ දේශපාලන අධිකාරි බල හස්තය බවට පත්වුයේ ඔහුගේ නායකත්වයෙනි. ඊශ්‍රායලය ඒ අයෝමය හස්තය සුණු විසුණු කළේය. දැන්, ඒ පිලිබඳ මහත් කම්පාවට පත්ව සිටින්නේ ඉරානයයි.

ඉරානය සහ සිය කලාපීය මිත්‍ර සන්ධානය කිසිවිට, පසු නොබසින බව, එරට ටෙහෙරාන් නුවරට රැස්වූ අති විශාල ජනකායක් ඉදිරියේ පෙනී සිටිමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා ඛමේනි (Ayatollah Ali Khamenei) මුල්වරට ප්‍රකාශ කළේය.
බටහිර රටවල්, ඊශ්‍රායලය නැවත්වීම උදෙසා ගන්නා සියලු ප්‍රයත්න දෙගුණ, තෙගුණ කරන ලෙස ඔහු අනතුරු ඇඟවීය.
ඉරාන අධ්‍යාත්මික නායකයා සාමාන්‍යයෙන් මහජනතාව ඉදිරියේ පෙනී සිටින්නේ ඉතා කලාතුරකිනි. එසේනම්, ඔහු මේ පවසන්නේ කුමක්ද?, යන්න පිලිබඳ යටරුත් විමසා බැලීම මේ මොහොතේ, සිදුකළ යුතුමය.
ඔහු පවසන්නේ, යුද්ධය නොනවතීනම්, ඉරානය, ප්‍රතිවාදී මිත්‍ර සන්ධානය වෙත දරුණු ප්‍රතිවිපාක ගෙන එන බව ද? එසේනම්, එය බිහිසුණු විය හැක, අති බිහිසුණු විය හැක.

මේ වන විට, ඉරානය සතුව අධි-ශ්‍රේණියේ යුරේනියම් සංචිත පවතින බව ලොවම දනී. රට තුළ, න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට ගතවන්නේ සති ගණනකට නොඅඩු කාලයකි. තමන් සතුව දැනටමත්, රසායනික අවි පවතින බවට වන වාර්තා ඉරානය වෙනත් ඕනෑම රාජ්‍යයක් මෙන් ප්‍රතික්ෂේප කළද, එහි සත්‍යාසත්‍ය බව කිසිවකු නොදනී.
හදිසි ප්‍රකෝප වීමකදී, ඊශ්‍රායලය, ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වෙත ප්‍රහාර එල්ල කළහොත්, ප්‍රති-විපාක මත සිදුවිය හැකි විනාශය සිතා ගැන්මට හෝ නොහැකිය.
හිස්බුල්ලා සන්නිවේදන ජාලයේ ප්‍රධානී මොහම්මද් රෂිඩ් සකාෆි (Mohammad Rashid Sakafi), සිය නවතම ප්‍රහාර හමුවේ ඝාතනය වී ඇතැයි ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග අද පැවසීය.
ඊයේ (04) ඉරාන විප්ලවීය හමුදාවේ නියෝජ්‍ය අණ දෙන නිලධාරී අලි ෆදාවී (Ali Fadavi) ඉතා බරපතල ප්‍රකාශයක් සිදු කළේය. යම් හෙයකින්, ඊශ්‍රායලය තමන්ට පහර දුනහොත්, ඊශ්‍රායලයේ පවතින බලශක්ති සහ ගෑස් සංචිත සියල්ල මුළුමනින්ම වනසා දමන බවට ඔහු තර්ජනය කළේය.
මේ අතර, හිස්බුල්ලා සන්නිවේදන ජාලයේ ප්‍රධානී මොහම්මද් රෂිඩ් සකාෆි (Mohammad Rashid Sakafi), සිය නවතම ප්‍රහාර හමුවේ ඝාතනය වී ඇතැයි ඊශ්‍රායල හමුදා ආරංචි මාර්ග අද පැවසීය.
හිස්බුල්ලා සංවිධානයේ නායකයන් දිගින් දිගටම ඝාතනය කිරීමෙන් සිදුවන්නේ, ප්‍රති-ප්‍රහාර ළඟ ලඟම එන බව යැයි, අයතොල්ලා ඛමේනි කියා සිටී.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel targets Hezbollah intel HQ in Lebanon, Iran says it will not back down



