BREAKING
Top Ad
විදේශ

රටවල් රැසකින් ලෙබනනයෙන් සිය පුරවැසියන් ඉවත් කරගැනීමට ඉක්මන් පියවර

T

The Leader Desk

October 5, 2024 • 4:37 PM

 රටවල් රැසකින් ලෙබනනයෙන් සිය පුරවැසියන් ඉවත් කරගැනීමට ඉක්මන් පියවර  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෙබනනයේ සිටින සියලු කැනේඩියානුවන්ට, ඉන් පිටවීම සඳහා වහා ලියාපදිංචි වන ලෙස කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ (Justin Trudeau) අද
  • අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමත් සමග තවත් කැනේඩියානුවන් 6000ක් ලෙබනනයෙන් පිටවීම පිණිස ඉල්ලුම් කර ඇති අතර, සති අන්තය තුළ අවම වශයෙන් ඉන් 2500 ක පිරිසක්වත්, ඉවත් කරගැනීම ට කැනඩාව අපේක්ෂා කරයි.
  • එළඹන සඳුදා (07) සහ අඟහරුවාදා (08) දෙදින තුළ, ඒ වෙනුවෙන් අමතර මගී ගුවන් යානා ද යෙදවීමට නියමිතය.
  • කැනඩාව විසින් මේ සඳහා යොදවා ඇති ගුවන් යනාහි මෙතෙක් ඉඩකඩ පැවතීම හේතුවෙන්,  ලෙබනනයේ වෙසෙන ඕස්ට්‍රේලියානු,  ඇමෙරිකානු, නවසීලන්ත සහ යුරෝපීය රටවල පුරවැසියන්ටද, එමගින් ලෙබනනයෙන් පිටවීමේ අවස්ථා සලසා දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඉල්ලා සිටියේය. ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය බිඳ වැටීමත් සමග, මේ වන විට, විශේෂ ගුවන් යානා මගින්, ලෙබනනයේ, සිටින කැනේඩියානුවන් 1000 ක ට අධික සංඛ්‍යාවක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීමත් සමග තවත් කැනේඩියානුවන් 6000ක් ලෙබනනයෙන් පිටවීම පිණිස ඉල්ලුම් කර ඇති අතර, සති අන්තය තුළ අවම වශයෙන් ඉන් 2500 ක පිරිසක්වත්, ඉවත් කරගැනීම ට කැනඩාව අපේක්ෂා කරයි. එළඹන සඳුදා (07) සහ අඟහරුවාදා (08) දෙදින තුළ, ඒ වෙනුවෙන් අමතර මගී ගුවන් යානා ද යෙදවීමට නියමිතය.

කැනඩාව විසින් මේ සඳහා යොදවා ඇති ගුවන් යනාහි මෙතෙක් ඉඩකඩ පැවතීම හේතුවෙන්,  ලෙබනනයේ වෙසෙන ඕස්ට්‍රේලියානු,  ඇමෙරිකානු, නවසීලන්ත සහ යුරෝපීය රටවල පුරවැසියන්ටද, එමගින් ලෙබනනයෙන් පිටවීමේ අවස්ථා සලසා දී තිබේ.

දකුණු කොරියානු ගුවන් හමුදා යානයක් මගින් අද, ලෙබනනයේ වෙසෙන එරට වැසියන් 97 දෙනකු ඉන් මුදා රැගෙනවිත් තිබේ. එහි, එරටින්  පලා යන ලෙබනන  පවුල්  කිහිපයක් සිටි බවද වාර්තා වේ.  

ලෙබනනයේ වෙසෙන චීන ජාතිකයින් 200 දෙනකු පමණද, මෙතෙක් සාර්ථකව රටින් ඉවත් කරගැනීමට පියවර ගෙන ඇතැයි චීන විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මේ අතර, ලෙබනනයෙන් පිටව යන විදේශිකයන් රැසක් රැගත් ගුවන් යානයක් ඊයේ (04) පෝලන්තයේ, වෝර්සෝ අගනුවර ගුවන්තොටුපොළ වෙත ලඟා විය.

ලොව පුරා රටවල් රැසක්, ගැටුම් හේතුවෙන්, ලෙබනනයේ වෙසෙන සිය වැසියන්  වහා ඉන් ඉවත් කර ගැනීමට කටයුතු කරමින් සිටී.


(සටහන : Reuters ඇතුළු විදෙස් පුවත් සේවා ඇසුරින්-  හර්ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Canadian PM urges citizens to leave Lebanon as evacuations top 1,000

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...