BREAKING
Top Ad
විදේශ

පාකිස්ථානයේ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් තිදෙනෙක් මරුට

T

The Leader Desk

October 7, 2024 • 9:39 AM

පාකිස්ථානයේ ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයකින් චීන ජාතිකයින් තිදෙනෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පාකිස්ථානයේ බලොක් විමුක්ති හමුදාව (BLA) නම් ත්‍රස්ත සංවිධානයක් විසින් ඊයේ රාත්‍රී කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල සිදු කළ මෝටර් රථ බෝම්බ ප්‍රහාරයෙන් චීන ජාතිකයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති.
  • ඉකුත් අගෝස්තු මස, එහි සිදු වූ ඊට අදාළ ගැටුම් වලින් 70 ක ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.  (Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි) මූලාශ්‍ර:' Terrorist attack' near Karachi airport kills two Chinese nationals, embassy says
අකුරු ප්‍රමාණය (Font Size):

එරට චීන තානාපති කාර්යාලය ඒබැව් සනාථ කළේය.

ප්‍රහාරයෙන්, අවම වශයෙන් 10 දෙනකුවත් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.  ඉංජිනේරුවන් ඇතුළු, වැඩ බිම චීන ජාතිකයින් පිරිසක් ඉලක්ක කර, එරට කාසිම් වරාය විදුලි බල සමාගමේ (Port Qasim Electric Power Company) කාර්ය මණ්ඩල රැගත් රථ පෙළක් වෙත එම ප්‍රහාරය සිදු කර තිබේ. 

karachi blast kills two nationals says chinese embassy 1728286150 3369

 

එරට චීන තානාපති කාර්යාලය සහ කොන්සියුලර් ජෙනරාල් කාර්යාලය විසින් ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත. 

ඇෆ්ඝනිස්තාන සහ ඉරාන දේශ සීමා අතර පිහිටි නිරිතදිග පකිස්ථානයේ බලුකිස්තාන (Balochistan) ප්‍රාන්තයට නිදහස ඉල්ලා, බලොක් විමුක්ති හමුදාව සටන් වදිමින් සිටිති. ඉකුත් අගෝස්තු මස, එහි සිදු වූ ඊට අදාළ ගැටුම් වලින් 70 ක ට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:'
Terrorist attack' near Karachi airport kills two Chinese nationals, embassy says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...