BREAKING
Top Ad
විදේශ

රුසියාවෙන් යුක්‍රේනයට ශබ්ධයේ වේගය පරයන හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

T

The Leader Desk

October 7, 2024 • 12:39 PM

රුසියාවෙන් යුක්‍රේනයට ශබ්ධයේ වේගය පරයන හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියාව අද යුක්‍රේන ප්‍රධාන ගුවන් හමුදා කඳවුරකට හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
  • අද එල්ල වූ ප්‍රහාරය හෝ ඉන් ලද හානිය පිලිබඳ කිසිත්, යුක්‍රේනය විසින් මෙතෙක් අනාවරණය  කර නොමැත.  (Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).
  • එය තත්ත්පරයට සැතපුම් 1 සිට 5 දක්වා වේගයකි.  යුක්‍රේනය, සිය නවතම F-16 ප්‍රහාරක යානා තොගය මිලදී ගත්තේ ඉතා මෑතකදීය.  රුසියාවේ දිගුදුර මිසයිලවලට පවතින බිය හේතුවෙන්, එම යානා සඟවා ඇති ස්ථාන රහසක් වශයෙන් තබා ගැනීමට යුක්‍රේනය සැමවිටම උත්සාහ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එරට පිහිටි ස්ටරොකෝස්තියන්ත්‍යිනිව් (Starokostiantyniv) ගුවන් හමුදා කඳවුරට අද උදෑසන එම ප්‍රහාරය එල්ල කළ බව රුසියාව  පවසයි. 

ඉදිරි මාස කිහිපය තුළ, යුක්‍රේනයට තව තවත් F-16 ප්‍රහාරක යානා සම්පාදනයට සූදානම් බව නෙදර්ලන්ත ආරක්ෂක අමාත්‍යවරයා විසින් ඊයේ ප්‍රකාශ කිරීමත් සමග රුසියාව එම හයිපර්සොනික් මිසයිල ප්‍රහාරය එල්ල කළේය. 

හයිපර්සොනික් මිසයිලයකට ශබ්ධයේ වේගය මෙන් පස්ගුණයේ සිට විසිපස්ගුණයක වේගයකින් ගමන් කළ  හැක. එය තත්ත්පරයට සැතපුම් 1 සිට 5 දක්වා වේගයකි. 

යුක්‍රේනය, සිය නවතම F-16 ප්‍රහාරක යානා තොගය මිලදී ගත්තේ ඉතා මෑතකදීය.  රුසියාවේ දිගුදුර මිසයිලවලට පවතින බිය හේතුවෙන්, එම යානා සඟවා ඇති ස්ථාන රහසක් වශයෙන් තබා ගැනීමට යුක්‍රේනය සැමවිටම උත්සාහ කරයි. අද එල්ල වූ ප්‍රහාරය හෝ ඉන් ලද හානිය පිලිබඳ කිසිත්, යුක්‍රේනය විසින් මෙතෙක් අනාවරණය  කර නොමැත. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:
Ukraine says Russian hypersonic missile hit 'area of' major air base


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රුසියාවෙන් යුක්‍රේනයට ශබ්ධයේ වේගය පරයන හයිපර්සොනික් මිසයිල ප්‍රහාරයක් | The Leader