BREAKING
Top Ad
විදේශ

ඉරානයට ගහන හැටි කතාකරගන්න බයිඩන් සහ නෙතන්යාහු අතර දුරකතන කතාබහක්

T

The Leader Desk

October 9, 2024 • 5:14 AM

ඉරානයට ගහන හැටි කතාකරගන්න බයිඩන් සහ නෙතන්යාහු අතර දුරකතන කතාබහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හිස්බුල්ලා කැරලිකරුවෝ, අද ලෙබනන දේශසීමාව ආසන්නයේ ලැබෝනේ (Labbouneh) ජනාවාසය වෙත ළඟාවූ ඊශ්‍රායල හමුදාවන්ට ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළහ.
  • දකුණු ලෙබනනයේ ඊයේ (08) සහ අද සටන් වලින් ඊශ්‍රායල හමුදා සෙබළුන් තිදෙනෙක් බරපතල තුවාළ ලබා ඇතැයි ඊශ්‍රායලය පවසයි.
  •   හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමෙන් අනතුරුව, සංවිධානයේ නායකත්වය භාරගත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙක්, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය.
  • ඔහුගේ එම ප්‍රකාශය සහිත වීඩියෝ පටයක් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කර තිබිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාරයට පෙරාතුව, උතුරු ඊශ්‍රායලයේ ආරක්ෂක සයිරන් නාද වූ බව ප්‍රදේශවාසීහු පවසති. දකුණු ලෙබනනයේ ඊයේ (08) සහ අද සටන් වලින් ඊශ්‍රායල හමුදා සෙබළුන් තිදෙනෙක් බරපතල තුවාළ ලබා ඇතැයි ඊශ්‍රායලය පවසයි.

 

හිස්බුල්ලා නායකයා ඝාතනය කිරීමෙන් අනතුරුව, සංවිධානයේ නායකත්වය භාරගත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙක්, ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ඝාතනය වූ බව අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පැවසීය. ඔහුගේ එම ප්‍රකාශය සහිත වීඩියෝ පටයක් එරට අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ඊයේ මාධ්‍යයට නිකුත් කර තිබිණි.

ඊශ්‍රායල හමුදා, හිස්බුල්ලා සංවිධානය මුළුමනින්ම අඩපණ කර ඇතැයි අග්‍රාමාතය නෙතන්යාහු එහිදී ප්‍රකාශ කළේය. එම සංවිධානයේ නායකනස්රල්ලා ඝාතනය කිරීමෙන් පසු, එම තනතුරට පත් නායකයා ඝාතනය කළ අතර ඉන් පසු පැමිණි නායකයාද ඝාතනය කළ බව ඔහු සඳහන් කළේය. පසුව ඝාතනය කළ හිස්බුල්ලා නායකින් දෙදෙනා කවුරුන්දැයි අනාවරණය වී නැත. 

සටන් විරාමයක් පිණිස සාකච්ඡා සඳහා තමන් සූදානම් බව හිස්බුල්ලා නියෝජ්‍ය නායක  නයිම් කාසෙම් (Naim Qassem) විසින් ප්‍රකාශ කර තිබේ.

 

ගාසා තීරයේ එකම දොරකඩ ළඟ ජාත්‍යන්තර ආධාර බලා සිටීඇමෙරිකානු ජනපති ජෝ බයිඩන්

ඉරානයට පෙරළා පහරදීමේ සැලසුම් කෙටුම්පත් කිරීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර දුරකථන සංවාදයක් අද පැවැත්වීමට නියමිතය.

 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Hezbollah targets Israeli troops on Lebanese border, sirens in Beirut


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...