BREAKING
Top Ad
විදේශ

හෙලන් යයි- මිල්ටන් එයි : ෆ්ලොරිඩාව තවත් දරුණු සුළි කුණාටුවකට මැදිවෙයි

T

The Leader Desk

October 9, 2024 • 8:18 AM

හෙලන් යයි- මිල්ටන් එයි : ෆ්ලොරිඩාව තවත් දරුණු සුළි කුණාටුවකට මැදිවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ෆ්ලොරිඩා වැසියෝ ළඟ එන මිල්ටන් (Milton) සුළි කුණාටුවෙන් පලායමින් සිටිති. ඔවුන්ට ඉන් ගැලවීමට ලබා දී ඇති අවසන් දිනය අද ය.
  • ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ග මත දැඩි තද බදයක් පවතින බව රොයිටර්ස් පුවත් සඳහන් කරයි.
  •   එහි, මිලියන 3ක පමණ ජනගහනයක් වෙසෙන තම්පා බේ (Tampa Bay) නාගරික කලාපයද සුළි කුණාටු ප්‍රවිෂ්ටයේ පිහිටා තිබේ.
  • කුණාටුව, මෙක්සිකෝ තුඩුව හරහා බටහිර සිට නැගෙනහිර දිශාභිමුඛව ගමන් කරනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

කුණාටුව හෙට (10) ෆ්ලොරීඩා වෙරළ තීරයට පතිත වීමට නියමිතය. එය අතිශය විනාශකාරී '5 ශ්‍රේණියේ' සුළි කුණාටුවක් ලෙස නම් කර ඇත. 

වෙරළ තීරයේ සහ තදාසන්න ප්‍රදේශවල වෙසෙන මිලියනයක් පමණ ජනතාවට වහා නිවෙස් අතහැර යන ලෙස හෝ ආරක්ෂාකාරී පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ. 

 

florida3

ෆ්ලොරිඩාව හෙලන් (Helene) සුළි කුණාටුවෙන් හෙම්බත් වී සති දෙකක් ඉක්ම යන්නට ද මත්තෙන් නව කුණාටු තර්ජනයට මැදිව සිටී. ඉන්ධන හල්වල ඉන්ධන අවසන් වීම හේතුවෙන් ප්‍රධාන මාර්ග මත දැඩි තද බදයක් පවතින බව රොයිටර්ස් පුවත් සඳහන් කරයි.

milton7

 

එහි, මිලියන 3ක පමණ ජනගහනයක් වෙසෙන තම්පා බේ (Tampa Bay) නාගරික කලාපයද සුළි කුණාටු ප්‍රවිෂ්ටයේ පිහිටා තිබේ.

කුණාටුව, මෙක්සිකෝ තුඩුව හරහා බටහිර සිට නැගෙනහිර දිශාභිමුඛව ගමන් කරනු ඇත. එහෙත්, අද රාත්‍රී හෝ හෙට අළුයම කුණාටුව පතිත වීමට පෙර, සුළං දිශාව සැලකිය යුතු ලෙස වෙනස් විය හැකි බවට කාලගුණ අනාවැකි පල කර තිබේ. කුණාටුවේ බලපෑමෙන් මුහුදු රළ මීටර 3 ක් පමණ ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය අතිශය විනාශකාරී හදිසි කාලගුණ තත්ත්වයක් බව විද්‍යාඥයෝ පවසති.

 

කුණාටු සහිත තද  සුළං, පැයට සැතපුම් 160 ක පමණ වේගයෙන් ප්‍රදේශය හරහා හමා යනු ඇත. ෆ්ලොරිඩා වෙරළ තීරය කෙදිනකටත් වඩා අවදානමට ලක්ව ඇතැයි වාර්තාවේ. ඇමෙරිකානු දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.8% ක කොටසක් එරට ආර්ථිකයට එක්වන්නේ, මිල්ටන් සුළි කුණාටුවට මැදිව පවතින කලාපයෙනි.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Floridians flee looming catastrophe as Hurricane Milton approaches


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

හෙලන් යයි- මිල්ටන් එයි : ෆ්ලොරිඩාව තවත් දරුණු සුළි කුණාටුවකට මැදිවෙයි | The Leader