BREAKING
Top Ad
විදේශ

'අපට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකදී අහස වසනු' - ඉරානය ගල්ෆ් රටවලට දන්වයි

T

The Leader Desk

October 9, 2024 • 11:29 AM

'අපට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකදී අහස වසනු' - ඉරානය ගල්ෆ් රටවලට දන්වයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉරානයට එරෙහිව සිය ගුවන් කලාපය හෝ හමුදා කඳවුරු භාවිත කිරීමට කිසිවකුට ඉඩ නොතබන ලෙස ටෙහෙරානය සියලු ගල්ෆ් රාජ්‍යයන්ට දැනුම්දෙයි.
  • ටෙහෙරානය සහ ඊශ්‍රායලය අතර අවි ගැටුමක මැදහත් පාර්ශ්වකරුවකු නොවීමට වග බලා ගන්නා ලෙස ගල්ෆ් රටවලට දන්වා සිටීම එහි අරමුණයි.
  • ඒ අනුව, එක ද පර්සියානු ගල්ෆ් රාජ්‍යයක් හෝ ඊට අනුගත නොවන්නේ නම්, කලාපයේ  අනෙකුත් සියලු රටවල් ද ඊට වගකිවයුතු බව ඉරානය පවසයි.
  • ඊශ්‍රායලයට එරෙහි කලාපීය ඒකාග්‍රතාව ස්ථාවර කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

එම රටවල ගුවන් කලාප ඉරානයට එරෙහිව අවභාවිතා කිරීමට සැලසුවහොත්, දරුණු ප්‍රති විපාකයන්ට මුහුණ දීමට සූදානම් වන ලෙසද, ඉරානය තර්ජනය කර සිටී. 

ඉකුත් සතියේ සිදු කළ ඉරාන මිසයිල ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වන මොහොතක, ඉරානය විසින් මේ බව ප්‍රකාශ කර තිබේ.

 

AFP 20241006 36JD8XT v2 HighRes IranIsraelConflict

උද්ගතව ඇති තත්ත්වය පිලිබඳ සාකච්ඡා කිරීමට ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි (Abbas Araqchi) අද සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් රටවල විශේෂ සංචාරයක් ආරම්භ කළේය. ටෙහෙරානය සහ ඊශ්‍රායලය අතර අවි ගැටුමක මැදහත් පාර්ශ්වකරුවකු නොවීමට වග බලා ගන්නා ලෙස ගල්ෆ් රටවලට දන්වා සිටීම එහි අරමුණයි. ඒ අනුව, එක ද පර්සියානු ගල්ෆ් රාජ්‍යයක් හෝ ඊට අනුගත නොවන්නේ නම්, කලාපයේ  අනෙකුත් සියලු රටවල් ද ඊට වගකිවයුතු බව ඉරානය පවසයි. ඊශ්‍රායලයට එරෙහි කලාපීය ඒකාග්‍රතාව ස්ථාවර කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ.

 

ඉරානයට පහර දීමේ සැලසුම්  විමසීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ දුරකථන සංවාදයක් අද පැවැත්වෙනු ඇත. ඉරානයේ න්‍යෂ්ටික පහසුකම් මධ්‍යස්ථාන සහ බොරතෙල් සංචිත හා ආකර මගහැර වෙනත් විකල්ප මර්මස්ථාන වෙත පහර දීම පිලිබඳ එහිදී සාකච්ඡා කෙරේ.  

යම් හෙයකින්, ඉරාන තෙල් සංචිත වෙත ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල වුවහොත්, අවශ්‍ය තරම් අතිරික්ත තෙල් තොග තමන් සතුව ඇතැයි ඔපෙක් (OPEC) සංවිධානය පවසයි. 

 

AFP 20241008 36JL3PR v1 HighRes IranIsraelLebanonPalestinianConflict
සිය රටට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකදී, ගල්ෆ් රටවල හැසිරීම පිලිබඳ ඉරානය දැඩි විමසිල්ලෙන් පසුවෙයි. මේ වන විට, බහරේන්, ක්වේට්, සෞදි අරාබිය සහ අරාබි එක්සත් එමීර් රාජ්‍යයේද ඇමෙරිකානු හමුදා කඳවුරු පිහිටා  තිබේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Gulf states must not allow use of airspace against Iran, Iranian official says


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

'අපට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයකදී අහස වසනු' - ඉරානය ගල්ෆ් රටවලට දන්වයි | The Leader