BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා ඔත්තුකරුවෙක් මරා දමයි

T

The Leader Desk

October 10, 2024 • 11:38 AM

ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා ඔත්තුකරුවෙක් මරා දමයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලයට එරෙහිව ඔත්තු බැලූ ගෝලාන් ත්‍රස්ත ජාලයේ හිස්බුල්ලා සාමාජිකයකු සිරියාවේදී ඝාතනය කෙරේ. සිරියානු ඉලක්ක වෙත එල්ල කළ සිය ගුවන් ප්‍රහාරයකින් ඔහු මරුමුවට පත් වූ බව ඊශ්‍රායලය පැවසීය.
  • මිනිත්තු 30ක්  පුරා පැවති එම සාකච්ඡාවේදී, ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාර සැලසුම් පිලිබඳ  නායකයින් දෙපළ අදහස් හුවමාරු කර ගත්හ.
  • ලෙබනන සිවිල් වැසියන්ට  සිදුවිය හැකි අවම හානි වලට යටත්ව, එම ක්‍රියාන්විත සිදු කරන ලෙස ධවල මදිරය ඊශ්‍රායලයෙන් උදක්ම ඉල්ලා සිටී.
  • මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර වලින් ලෙබනනයේ හිස්බුල්ලා කොමාන්ඩෝ භටයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායලය අද නිවේදනය කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඊයේ (09) සිරියාව වෙත ඊශ්‍රායල ප්‍රහාර එල්ල වූ බව සිරියානු මාධ්‍ය අද තහවුරු කළේය. මිය ගිය සාමාජිකයා විසින් ඊශ්‍රායල පාලනය යටතේ පවතින ගෝලාන් කඳුකරයේ සිට ඊශ්‍රායලයට එරෙහි බුද්ධි තොරතුරු සම්ප්‍රේෂණය කර තිබේ. 
 

ඔක්තෝබර් 07  හමාස් ප්‍රහාරයට එරෙහිව ඊශ්‍රායලය මේ වන විට, ඉරාන සහාය ලබන සන්නද්ධ කණ්ඩායම් සොයා, සිය හමුදා ක්‍රියාන්විත ලෙබනනය, ඉරානය, යේමනය සහ සිරියාව තෙක් ව්‍යාප්ත කොට  තිබේ.   

ඉරානයට එරෙහි දැවැන්ත ඊශ්‍රායල ප්‍රහාරයක් අපේක්ෂාවෙන්, සමස්ත මදපෙරදිග කලාපයම, දැඩි අවධානයක පසුවේ.
 
 
ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර ඒ පිලිබඳ විශේෂ දුරකථන සංවාදයක් ඊයේ සිදු කෙරිණි. මිනිත්තු 30ක්  පුරා පැවති එම සාකච්ඡාවේදී, ඉරානයට එරෙහි ඊශ්‍රායල ප්‍රති-ප්‍රහාර සැලසුම් පිලිබඳ  නායකයින් දෙපළ අදහස් හුවමාරු කර ගත්හ. ලෙබනන සිවිල් වැසියන්ට  සිදුවිය හැකි අවම හානි වලට යටත්ව, එම ක්‍රියාන්විත සිදු කරන ලෙස ධවල මදිරය ඊශ්‍රායලයෙන් උදක්ම ඉල්ලා සිටී.
මේ අතර, ඊශ්‍රායල ප්‍රහාර වලින් ලෙබනනයේ හිස්බුල්ලා කොමාන්ඩෝ භටයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් වූ බව ඊශ්‍රායලය අද නිවේදනය කළේය. බීරුත් අගනුවර හිස්බුල්ලා වෙඩි ගබඩා රැසක් ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ විනාශ විය.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israel says it eliminates Hezbollah 'Golan Heights' member, Syrian media report Israeli airstrikes


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...