BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

නීතිය බේරන තෙක් බළලුන් බේරේ

T

The Leader Desk

October 10, 2024 • 12:01 PM

නීතිය බේරන තෙක් බළලුන් බේරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පුඅර්ටෝ රිකෝ (Puerto Rico) හි ඓතිහාසික නගරයක සංචාරක ආකර්ෂණයක් ව දීර්ඝ කලක සිට වෙසෙන බළලුන් රැසක් ඉන් ඉවත් කිරීමට ගත් තීරණයක් එක්සත් ජනපදය තාවකාලිකව අත්හිටුවීය.
  •   පුඅර්ටෝ රිකෝ අගනුවර මුහුදු වෙරළ තීරයේ යටත් විජිත සමයේ ඉදිකළ ඓතිහාසික ස්පාඥ්ඥ බලකොටුවක් ආශ්‍රිතව වෙසෙන දඩාවතේ යන බළලුන් 200කට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් කිරීමට එක්සත් ජනපද ජාතික උද්‍යාන සේවය පසුගිය දා තීරණය කළේය.
  • තීරණය අත්හිටුවීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.
  •   සංචාරක ආකර්ෂණයක් වන එහි පැරණි සැන් ජුආන් (San Juan) ප්‍රදේශයේ වෙසෙන පදිංචිකරුවන්ගේ සහ ඒ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආදරය දිනා සිටින එම බළල් පරපුර එහි 16 වන සියවසේ ඉදි කළ එල් මොරෝ (El Morro) බලකොටුව ආශ්‍රයේ වාසය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ සම්බන්ධයෙන් නෛතික අර්බුද විසඳෙන තෙක් එම තීරණය ගත්  බව නගර බලධාරීහු ප්‍රකාශ කළහ.

 

65675e8f13776.image

පුඅර්ටෝ රිකෝ අගනුවර මුහුදු වෙරළ තීරයේ යටත් විජිත සමයේ ඉදිකළ ඓතිහාසික ස්පාඥ්ඥ බලකොටුවක් ආශ්‍රිතව වෙසෙන දඩාවතේ යන බළලුන් 200කට අධික සංඛ්‍යාවක් ඉන් ඉවත් කිරීමට එක්සත් ජනපද ජාතික උද්‍යාන සේවය පසුගිය දා තීරණය කළේය. සත්ව හිංසාවට එරෙහි බොහෝ පිරිස් ඊට එක හෙලා විරෝධය පල කළ අතර, ඒ පිලිබඳ නීතිමය ගැටළු විසඳෙන තෙක් තීරණය ක්‍රියාත්මක කිරීම  තාවකාලිකව නවතා දැමිණි. තීරණය අත්හිටුවීම බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.

dims.apnews

 

සංචාරක ආකර්ෂණයක් වන එහි පැරණි සැන් ජුආන් (San Juan) ප්‍රදේශයේ වෙසෙන පදිංචිකරුවන්ගේ සහ ඒ වෙත පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආදරය දිනා සිටින එම බළල් පරපුර එහි 16 වන සියවසේ ඉදි කළ එල් මොරෝ (El Morro) බලකොටුව ආශ්‍රයේ වාසය කරයි. එය එතිහාසික උරම කලාපයක් වශයෙන් ද නම් කර තිබේ. 

 



(AP ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
US halts plan to remove iconic stray cats from a historic area in Puerto Rico's capital


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...