BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිට අත්හිටවූ මරණ දඬුවම්

T

The Leader Desk

October 11, 2024 • 6:49 AM

චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිට අත්හිටවූ මරණ දඬුවම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අල්ලස් ගැනීමේ චෝදනා මත චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපති ෆෑන් යිෆෙයි (Fan Yifei) ට එරට අධිකරණයක් මරණ දඬුවම පනවයි. ඒ බව චීන මාධ්‍යය ඊයේ (10) තහවුරු කළේය.
  •     අධිකරණ තීරණය දෙවසරක අත්හිටවූ මරණ දඬුවමකට යටත් කොට ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කර තිබේ.
  • ඔහුට එරෙහි විමර්ශන 2022 දී ඇරඹි අතර පසු ගිය වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැරිණි.  (Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි) මූලාශ්‍ර: Former China deputy central bank head gets suspended death sentence for taking bribes
අකුරු ප්‍රමාණය (Font Size):

ඇමෙරිකානු ඩොලර් මිලියන 54.55ක් වටිනා දේපළ, ඉහළ නිලතල මත පිහිටා නීති විරෝධීව ලබා ගැනීමේ අපරාධ චෝදනා මත ඔහුට එරෙහි අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබේ. 

ඔහු, චීන ඉදිකිරීම් බැංකුව ඇතුළු රාජ්‍ය මූල්‍යායතන කිහිපයක ද ඉහළම තනතුරු හෙබවූවෙකි.  

 

yefei4

අධිකරණ තීරණය දෙවසරක අත්හිටවූ මරණ දඬුවමකට යටත් කොට ඔහුට ජීවිතාන්තය තෙක් සිර දඬුවමක් නියම කර තිබේ. එම දඬුවම යළි කිසිදු ආකාරයකින් ලිහිල් නොකෙරෙන බව එරට හුබෙයි (Hubei) පළාත්බද අතරමැදි අධිකරණයක් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් දැන්වීය. 

ඔහු විසින් අල්ලස්‌ වශයෙන් ලබා ඇති දේපළවල මූල්‍ය අගය අති විශාල බවත්, ඉන් ජනතාවට සහ රාජ්‍යයට සිදු වූ පාඩුව අසීමිත බවත් අධිකරණය ප්‍රකාශ කළේය. 

60 වන වියෙහි පසුවන ඔහු, චීන ජනපති ෂී ජින්පිං (Xi Jinping) විසින් ඉකුත් දශකයේ රාජ්‍ය දූෂණ වංචා මුලිනුපුටා දැමීම පිණිස ක්‍රියාත්මක දූෂණ මර්දන වැඩසටහන යටතේ අත්අඩංගුවට ගැනිණි. ඔහුට එරෙහි විමර්ශන 2022 දී ඇරඹි අතර පසු ගිය වසරේදී චීන කොමියුනිස්ට් පක්ෂයෙන් ද නෙරපා හැරිණි. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Former China deputy central bank head gets suspended death sentence for taking bribes

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

චීනයේ හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිට අත්හිටවූ මරණ දඬුවම් | The Leader