BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

මිල්ටන් සුළි කුණාටුව අත්ලාන්තික් සයුරට

T

The Leader Desk

October 11, 2024 • 9:26 AM

මිල්ටන් සුළි කුණාටුව අත්ලාන්තික් සයුරට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට අති මහත් විපතක් සිදු කරමින් මිල්ටන් සුළි කුණාටුව ඊයේ (10) අත්ලාන්තික් සාගරයට පිවිසියේය.
  • ඊයේ මධ්‍යහ්නය වනවිටත් ප්‍රාන්තයේ මිලියන 3.2 ක නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක විදුලිය ඇණහිට තිබූ බව නාගරික බලධාරීහු පවසති.
  • විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි ඔවුහු කියා සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

කුණාටුව නිසා හටගත් ටොනාඩෝ තත්වයන්ගෙන් දස දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 

අවම වශයෙන් ටොනාඩෝ 27ක් ප්‍රදේශයට බලපෑ බව කාලගුණ බලධාරීහු පවසති.

 

ප්‍රදේශයේ මිලියනකට අධික ජනතාව වෙත තව දුරටත් විදුලිය විසන්ධි වී තිබේ. ඊයේ මධ්‍යහ්නය වනවිටත් ප්‍රාන්තයේ මිලියන 3.2 ක නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක විදුලිය ඇණහිට තිබූ බව නාගරික බලධාරීහු පවසති. විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇතැයි ඔවුහු කියා සිටිති.

ප්‍රදේශය පුරා ඇදහැළුණු මිලි මීටර 457 ක වර්ෂාපතනයත් සමග ගංගා පිටාර ගැලීමෙන් හටගත් ගංවතුර තර්ජනය මෙතෙක් පහව ගොස් නැතැයි ද වාර්තා වේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Hurricane Milton leaves at least 10 dead, millions without power in Florida


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...