BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ඇවිලෙන ගින්නට පිදුරු දමන ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත

T

The Leader Desk

October 13, 2024 • 5:13 AM

 ඇවිලෙන ගින්නට පිදුරු දමන ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සන්නද්ධ සටන්කාමීන් අතර සටන් විරාමයක් උදෙසා ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර සන්ධානය දැඩි රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්නයක් දැරීය.
  • හරියටම, මීට දෙසතියකට පෙර, එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව ගැටුමේ නිරත දෙපාර්ශ්වය වෙතින් වහා දින 21 ක සටන් විරාමයක් ඉල්ලා සිටියහ.
  • මේ මස 01 දා සිට ඇරඹි ඊශ්‍රායල ආක්‍රමණයෙන් සහ ඊට පෙර සිට සිදුකළ ගුවන් ප්‍රහාර වලින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය බරපතල පසු බෑමකට ලක් විය.
  • එහි නායකත්වය පෙර නොවූ විරු ලෙස විනාශව ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

එහෙත් සති ගණනක එම උත්සාහයන් හමුවේ, එක්සත් ජනපද තීරණය දැන් වෙනස්ම මගක් ගෙන තිබේ.

හරියටම, මීට දෙසතියකට පෙර, එක්සත් ජනපදය සහ ප්‍රංශය එක්ව ගැටුමේ නිරත දෙපාර්ශ්වය වෙතින් වහා දින 21 ක සටන් විරාමයක් ඉල්ලා සිටියහ. ඒ, ඊශ්‍රායලය විසින් ලෙබනනය ආක්‍රමණය කිරීම නතර කිරීමටය. එහෙත්, ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා නායක හසන් නස්රල්ලා ඝාතනය කිරීමත් සමග එම සියලු සටන් විරාම ප්‍රයත්න 'පීලි පැනීමට" ලක් විය. මේ මස 01 දා සිට ඇරඹි ඊශ්‍රායල ආක්‍රමණයෙන් සහ ඊට පෙර සිට සිදුකළ ගුවන් ප්‍රහාර වලින්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය බරපතල පසු බෑමකට ලක් විය. එහි නායකත්වය පෙර නොවූ විරු ලෙස විනාශව ගියේය.

ඒ සමග, තව දුරටත් සටන් විරාමයක් පිලිබඳ එක්සත් ජනපද මැදිහත්වීම මගහැරිණි. සිය අභිලාශ දැන් වෙනස් වී ඇති බව එරට රජය පවසයි.

 

රාජ්‍යතාන්ත්‍රික විසඳුමකට "පාර කැපෙන" තෙක්, ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා සංවිධානය මැඩපැවැත්වීමට ගන්නා සියලු හමුදා ක්‍රියාමාර්ගවලට සහාය දක්වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක මැතිව් මිලර් (Matthew Miller) ඉකුත් දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

හිස්බුල්ලා සංවිධානය සමග තවදුරටත් ගැටුම් වර්ධනය වීම යනු, මැදපෙරදිග සටන කලාපයේ තවත් රටවල් දක්වා ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමකි.

 

හිස්බුල්ලා සංවිධානය සමග තවදුරටත් ගැටුම් වර්ධනය වීම යනු, මැදපෙරදිග සටන කලාපයේ තවත් රටවල් දක්වා ද සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමකි. එය, ප්‍රායෝගික මෙන්ම අන්තරායකර ප්‍රවේශයක් බව ඇමෙරිකාවම කියා සිටී. 

හිස්බුල්ලා සංවිධානයේ පරාජය, ඊශ්‍රායලයට මෙන්ම ඇමෙරිකාවටද එක සේ ජයග්‍රහණයකි. ඉරාන සහාය ලබන එම සංවිධානය දෙරටේම පොදු සතුරාය. ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාමයක් පිණිස වූ සාකච්ඡාවලට සිදුවූයේද මෙයමය. ඒ සාකච්ඡා සියල්ල දැන් "කැලේ" ය.

ඊශ්‍රායලය, හිස්බුල්ලා සංවිධානයට "බෝම්බ ගැසීම" පටන් ගත්තේ ඉකුත් සැප්තැම්බරයේය.

 

ඉන්, විනාශයට පත්වෙමින් සිටි හිස්බුල්ලා සංවිධානයට මීළඟ මරු පහර වැදුණේ ඔවුන් සතු සන්නිවේදන පේජර සහ ගමන් කතන තොග පිටින් එක දිගට පුපුරායාමත් සමගය. සන්නද්ධ පිරිස් සතු පේජර තුන් දහසකට වැඩි ප්‍රමාණයක් එකවර තැන තැන පුපුරා ගියේය. ඉන් බොහෝ පිරිසක් මිය ගියහ. බරපතල තුවාළ ලැබූ සංඛ්‍යාවද සුළුපටු නොවේ. සංවිධානයේ නායකයින් රැසක්ද මිය ගිය සහ බරපතල තුවාළ ලදවුන් අතර වූහ. 

 

එක්සත් ජනපදය, වත්මන පවසන ආකාරයට ගැටුමේ අවසන එක්සත් ජාතීන්ගේ (UN) මැදිහත් වීමකි. ඒ අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිල ප්‍රඥප්තියේ 1701 වගන්තිය ප්‍රකාරව, එම සංවිධානයේ සාම සාධක බලකායක් ගැටුම් පවතින ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට අපේක්ෂිතය.  

ලෙබනන හමුදාවන්ට සිය දකුණු දේශ සීමා බලප්‍රදේශය ඊශ්‍රායලය සමග අවි මුක්ත කලාපයක් සේ පවත්වාගැනීමට ඉන් සහාය ලැබේ. එක්සත් ජනපද බලධාරීන් පවසන්නේ, ගැටුම් අතරතුර වුව, මේ පිලිබඳ තවදුරටත් සාකච්ඡා කළ හැකි බවය.

 

එහෙත්, දැනට පවතින ගැටුම වඩා දරුණු කලාපීය යුද්ධයක් තෙක් ව්‍යාප්ත වීමේ අවදානම එන්න එන්නම වර්ධනය වෙමින් පවතී. එක්සත් ජනපදයේ නව වෙනස, "ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්" බව යුද විශ්ලේෂකයෝ පවසති.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
The new US strategy on the Lebanon conflict: Let it play out


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇවිලෙන ගින්නට පිදුරු දමන ඇමෙරිකාවේ දෙබිඩි පිළිවෙත | The Leader