BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

අමෙරිකාවෙන් ඊශ්‍රායලයට දෙන 'තාඩ්' ගුවන් ආරක්ෂක පද්ධතිය

T

The Leader Desk

October 14, 2024 • 9:53 AM

අමෙරිකාවෙන් ඊශ්‍රායලයට දෙන 'තාඩ්' ගුවන් ආරක්ෂක පද්ධතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයේ අති නවීන මිසයිල නාශක පද්ධතියක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටී.
  • එමගින්, ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාරයන්ට, වඩා සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක විද්‍යාඥයෝ පෙන්වා දෙති.
  • ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලය මෙන්ම, එහි වෙසෙන ඇමෙරිකානුවන් ආරක්ෂා කිරීම උදෙසා එය ස්ථාපිත කෙරෙන බව පෙන්ටගනය ප්‍රකාශ කරයි.
  • මීට දෙසතියකට පමණ පෙර ඉරානය, ඊශ්‍රායලය වෙත 180 කට අධික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

පර්යන්ත ගුවන් ආරක්ෂක බැටරිය හෙවත් 'තාඩ්' ආරක්ෂක පද්ධතිය (Terminal High Altitude Area Defense - THAAD) ලෙස නම් කර ඇති එය, එක්සත් ජනපදයේ පූර්ණ අනුමැතිය යටතේ සම්පාදනය කෙරෙන බව පෙන්ටගනය තහවුරු කළේය. ඒ සමග, ඊශ්‍රායලය වෙත ඇමෙරිකානු හමුදා විශේෂඥයින් රැසක් ද පිටත් කර හැරීමට කටයුතු කෙරේ.

 

නව ආරක්ෂක පද්ධතිය ඊශ්‍රායලයේ දැනට ක්‍රියාත්මක ගුවන් ආරක්ෂක පද්ධතිය හා ඒකාබද්ධ කෙරේ. එමගින්, ඉරානයේ බැලස්ටික් මිසයිල ප්‍රහාරයන්ට, වඩා සාර්ථකව මුහුණ දීමට හැකියාව ඇතැයි ඇමෙරිකානු ආරක්ෂක විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉරාන මිසයිල ප්‍රහාරයන්ගෙන් ඊශ්‍රායලය මෙන්ම, එහි වෙසෙන ඇමෙරිකානුවන් ආරක්ෂා කිරීම උදෙසා එය ස්ථාපිත කෙරෙන බව පෙන්ටගනය ප්‍රකාශ කරයි.

මීට දෙසතියකට පමණ පෙර ඉරානය, ඊශ්‍රායලය වෙත 180 කට අධික බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේය. ඊට ඉඳුරා පළි ගන්නා බව ඊශ්‍රායලය  පැවසීය. 

ප්‍රහාරය එතෙකින් සමාප්ත බව ඉරානය කීවේය. ප්‍රති ප්‍රහාර අනිවාර්ය  බවත්, එය නිහඬව  ඉවසා දරා ගන්නා ලෙසත් ඊශ්‍රායලය කියා සිටී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍රය :
US deploying THAAD missile defence system, troops to Israel


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...