BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ජීවයේ පැවැත්මට වටපිටාව සොයා ජුපිටර් සතු යුරෝපා චන්ද්‍ර තරණය අද

T

The Leader Desk

October 14, 2024 • 12:12 PM

ජීවයේ පැවැත්මට වටපිටාව සොයා ජුපිටර් සතු යුරෝපා චන්ද්‍ර තරණය අද

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි ජුපිටර් ග්‍රහයාගේ චන්ද්‍රයා මත ජීවයේ පැවැත්ම පිලිබඳ සොයා ගවේෂණය කිරීමට නාසා (NASA ) ආයතනය සතු අභ්‍යවකාශ යානයක් අද පිටත්වේ.
  • ගවේෂණය සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණික උපකරණ නවයක් රැගෙන යාම එමගින් සිදු කෙරේ.    සැතපුම් බිලියන 1.8 ක් හෙවත් කිලෝ මීටර බිලියන 2.9ක් දුර ගෙවා වසර පහකුත් මාස හයකට පසු, 2030 වසරේදී  යානය යුරෝපා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වීමට නියමිතය.
  •   යුරෝපා ක්ලිපර් අභ්‍යවකාශ යානය දිගින් අඩි 100ක් සහ පළලින් අඩි  58ක් වන අතර, කිලෝ ග්‍රෑම් 6000ක බරින් යුක්තය.
  • එමගින් රැගෙන යන විද්‍යා හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උප පද්ධතීන්  පණ ගැන්විය  හැකි ප්‍රමාණයේ සූර්ය පැනල සහිත එය, පැසි පන්දු ක්‍රීඩාංගනයකට   වඩා විශාල බව විද්‍යාඥයෝ පවසති.
අකුරු ප්‍රමාණය (Font Size):
 
යුරෝපා (Europa) ලෙස හැඳින්වෙන ජුපිටර් ග්‍රහයාගේ චන්ද්‍රයා, සම්පූර්ණයෙන්ම අයිස් වලින් වැසී පවතින අතර, එම චන්ද්‍ර  ලෝකය සතුව විශාල භූගත සයුරු කලාපයක් පවතින බවට විශ්වාස කෙරේ. එහි ජීවය පැවතීමට සුදුසු  පරිසරයක් ඇද්දැයි අධ්‍යයනය කිරීම ගවේෂණයේ අරමුණයි.
 
එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනයේ රොබෝ තාක්ෂණයෙන් ක්‍රියාත්මක යුරෝපා ක්ලිපර් (Europa Clipper) අභ්‍යවකාශ යානය ඒ සඳහා කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පිටත් වීමට සූදානම්ව පවතී. ගවේෂණය සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණික උපකරණ නවයක් රැගෙන යාම එමගින් සිදු කෙරේ. 
 
සැතපුම් බිලියන 1.8 ක් හෙවත් කිලෝ මීටර බිලියන 2.9ක් දුර ගෙවා වසර පහකුත් මාස හයකට පසු, 2030 වසරේදී  යානය යුරෝපා චන්ද්‍රයාගේ කක්ෂයට ඇතුළු වීමට නියමිතය. මිල්ටන් කුණාටුවේ බලපෑම නිසා යානය දියත් කිරීම තාවකාලිකව කල්දැමීමට සිදුවූ අතර, අද එරට වේලාවෙන් ප.ව.12.06 ට  එය සිදු කෙරෙන බව නාසා විද්‍යාඥයෝ පවසති. 
 


යුරෝපා චන්ද්‍රයා මත පවතින ඝන අයිස් තට්ටුවට පහළින් ලවණ ජලය සහිත විශාල සාගර පෘෂ්ටයක් පවතින බව මීට පෙර සිදු කළ ගවේෂණවලදී අනාවරණය විය.  ජීවය පැවතීමට අවැසි සියලු දෑ යුරෝපා චන්ද්‍රයා මත පවතින බවට ප්‍රබල සාක්ෂි ඇතැයි නාසා විද්‍යාඥයෝ පවසති.
 
යුරෝපා ක්ලිපර් අභ්‍යවකාශ යානය දිගින් අඩි 100ක් සහ පළලින් අඩි  58ක් වන අතර, කිලෝ ග්‍රෑම් 6000ක බරින් යුක්තය. එමගින් රැගෙන යන විද්‍යා හා වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උප පද්ධතීන්  පණ ගැන්විය  හැකි ප්‍රමාණයේ සූර්ය පැනල සහිත එය, පැසි පන්දු ක්‍රීඩාංගනයකට   වඩා විශාල බව විද්‍යාඥයෝ පවසති. ග්‍රහලෝක ගවේෂණය පිණිස නාසා ආයතනය මෙතෙක් නිපදවා ඇති  විශාලතම අභ්‍යවකාශ යානය එයයි.
 
ජුපිටර් ග්‍රහයා සතු යුරෝපා චන්ද්‍රයා 'සාගර ලොවක්'  ලෙස හැඳින්වේ. ප්‍රමාණයෙන්,  පෘථිවි විශ්කම්භයෙන් හරි අඩකින් අඩක් වන එහි, පෘථිවිය මත පිහිටි සාගර මෙන් දෙගුණයක ජල පෘෂ්ටයක් පවතින බවට විශ්වාස කෙරේ. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
NASA spacecraft to study whether Jupiter's moon Europa can harbor life 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...