BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

උතුරු හා දකුණු කොරියාව යා කෙරෙන හරස් මාවත් සියල්ල පුපුරවා හැරේ

T

The Leader Desk

October 14, 2024 • 4:57 PM

 උතුරු හා දකුණු කොරියාව යා කෙරෙන හරස් මාවත් සියල්ල පුපුරවා හැරේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු හා දකුණු කොරියාව අතර දැඩි හමුදා මුරකාවල් යටතේ පවතින, දේශ සීමා යා කෙරෙන හරස් මාර්ග පද්ධතිය අද පුපුරවා හරින බව උතුරු
  • ඊට පිළිතුරු ලෙස, බටහිර සහ නැගෙනහිර වෙරළ තීරයේ ඇති සිය  දේශසීමා හරස් මාර්ග පද්ධතිය පුපුරවා හැරීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
  • දකුණු  කොරියාව සමග පවතින දුම්රිය සහ අනෙකුත් ගොඩබිම් ප්‍රවාහන සේවා සියල්ල වහා නතර කරන බව උතුරු කොරියාව පසුගිය සතියේ දැනුම් දුන්නේය.
  • එය අවි ගැටුමක් තෙක් දුර දිග යාහැකි දේශපාලන සහ හමුදාමය අත පෙවීමක් බව උතුරු කොරියාව පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

කොරියාව ප්‍රකාශ කළේය.  

දේශ සීමා අතර උතුරු කොරියා බල ප්‍රදේශයේ පවතින හරස් මාර්ග සියල්ල ඒ අනුව පුපුරවා හැරේ.

උතුරු කොරියාවේ ප්යොංයැන්ග් (Pyongyang) අගනුවරට ඉහළ අහසේ පසුගිය දා ඩ්‍රෝන යානා මගින් අත්පත්‍රිකා තොගයක් බෙදා හැරීමට දකුණු කොරියාව කටයුතු කළේය.

ඊට පිළිතුරු ලෙස, බටහිර සහ නැගෙනහිර වෙරළ තීරයේ ඇති සිය  දේශසීමා හරස් මාර්ග පද්ධතිය පුපුරවා හැරීමට උතුරු කොරියාව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ. එමගින්, දෙරට අතර සියලු ගොඩ බිම් ප්‍රවාහන හා සේවා සැපයුම්  බිඳ දැමීම  අපේක්ෂාවයි.

දකුණු  කොරියාව සමග පවතින දුම්රිය සහ අනෙකුත් ගොඩබිම් ප්‍රවාහන සේවා සියල්ල වහා නතර කරන බව උතුරු කොරියාව පසුගිය සතියේ දැනුම් දුන්නේය.

ඩ්‍රෝන යානා මගින් උතුරු කොරියානු අගනුවර වෙත විරෝධාකල්ප අත්පත්‍රිකා බෙදා හැරීමට දකුණු කොරියාව පියවර ගත්තේ ඉන් අනතුරුවය. එය අවි ගැටුමක් තෙක් දුර දිග යාහැකි දේශපාලන සහ හමුදාමය අත පෙවීමක් බව උතුරු කොරියාව පවසයි.

උතුරු කොරියාවට එරෙහි ඩ්‍රෝන යානා පියාසර කරවන ලද්දේ හමුදාව හෝ සිවිල් පුරවැසියන්ද යන්න පිළිබඳව දකුණු කොරියාව මෙතෙක් කිසිදු අනාවරණයක් සිදු කර නැත.

උපක්‍රමික වශයෙන් මේ මොහොතේ "මුනිවත රකින" බව  පමණක් දකුණු කොරියා හමුදාව කියා සිටී.  

 එකම වරද තව එකද වතාවක් හෝ සිදු කළහොත්, එහි ප්‍රති විපාක අතිශය විනාශකාරී විය හැකි බව උතුරු කොරියාව අනතුරු අඟවයි. අවශ්‍ය ඕනෑම මොහොතක "ගිනි පිඹීමේ" සූදානමින් ඊයේ (13) එරට දේශ සීමාවේ දකුණු කොරියාවට මුහුණලා සන්නාහ සන්නද්ධ කාලතුවක්කු අටක් සහිත හමුදා සේනාංක ස්ථාන ගත කළ බව උතුරු කොරියාව පවසයි.

 දෙරට ආවරණය පරිදි කිලෝ මීටර 300ක දුරක් කුඩා බර ප්‍රමාණයක් එහා මෙහා රැගෙන යා හැකි ඩ්‍රෝන යානා  දකුණු  කොරියාවේ සිවිල් පුරවැසියන් සතුව නැතැයි  කීමට නොහැකි යැයි ජුන්ග්වොන් විශ්වවිද්‍යාලයේ (Jungwon University) හමුදා ඩ්‍රෝන මෙහෙයුම් පිලිබඳ විශේෂඥ ලී ක්යොඞ් - හේන්  (Lee Kyoung-haing) ප්‍රකාශ කරයි. එහෙත්, ප්යොංයැන්ග් ඉහළ අහසේ පියාසරක කළ දකුණු කොරියානු ඩ්‍රෝන, සාමාන්‍ය සිවිල් ජනතාව සතු ඒවා නොවන බවත්, විශේෂ ගුවන් පථ ඔස්සේ ගුවනට එසවෙන දුරස්ථ පාලක හමුදා ඩ්‍රෝන යැයි  නිසැක බවත්  උතුරු කොරියාව කියයි.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

North Korea set to blow up cross-border roads with South amid drone row, Seoul says

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...