BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

'සිල්ලරේ යුද අවි මදි, අපේ සහයට මිත්‍ර හමුදාත් ඕනෑ' - සෙලෙන්ස්කි නොකියා කියයි

T

The Leader Desk

October 14, 2024 • 6:09 PM

 'සිල්ලරේ යුද අවි මදි, අපේ සහයට මිත්‍ර හමුදාත් ඕනෑ' - සෙලෙන්ස්කි නොකියා කියයි  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යුක්‍රේනයට එරෙහි ප්‍රහාර පිණිස උතුරු කොරියාව කුලී හේවායන් එවා ඇතැයි එරට ජනපති වොලොද්මීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskiy)
  • එම තත්ත්වය මත, මිත්‍ර සන්ධාන හමුදා සහයෝගිතාව පිලිබඳ දෙවරක් සිතා බැලීමට සිදුව ඇතැයි ද ඔහු පවසයි.
  • උතුරු කොරියානුවන් රුසියානු හමුදා හා එක්ව ඇති බවට දකුණු කොරියාව උපුටා දක්වන යුක්‍රේන ජනපතිවරයාගේ ප්‍රකාශ   ක්‍රෙම්ලිනය තරයේ  ප්‍රතික්ෂේප කරයි.
  • එබැවින්, මෙය, යුක්‍රේන යුද පෙරමුණට, මිත්‍ර සන්ධානයෙන්, අවි සහ වෙනත් යුදාධාර ඉක්මවූ සහායයක් අත්‍යවශ්‍යම  මොහොතක් බව ඔහු අවධාරණය කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

චෝදනා කරයි. ඔවුන් යුක්‍රේනයේ රැඳී සිටින රුසියානු හමුදා හා එක්ව තම රටට එරෙහිව සටන් වදින බව ජනාධිපතිවරයා කියා සිටී. එම තත්ත්වය මත, මිත්‍ර සන්ධාන හමුදා සහයෝගිතාව පිලිබඳ දෙවරක් සිතා බැලීමට සිදුව ඇතැයි ද ඔහු පවසයි.

උතුරු කොරියානුවන් රුසියානු හමුදා හා එක්ව ඇති බවට දකුණු කොරියාව උපුටා දක්වන යුක්‍රේන ජනපතිවරයාගේ ප්‍රකාශ   ක්‍රෙම්ලිනය තරයේ  ප්‍රතික්ෂේප කරයි.

රුසියාව සහ උතුරු කොරියාව අතර පවතින මිත්‍ර සමාගම උතුරු කොරියාවට  තව දුරටත් ශක්තිමත් රාජ්‍යයක්ව නැගී සිටීමට පිටුවහලක්  බවත්, සිය රාජ්‍යය ආක්‍රමණය කර ඇති රුසියානු හමුදා සමග යුක්‍රේන  භූමිය මත, ඊට එරෙහි  අවි දැරීමට තරම් ඔවුන් බලවත්ව සිටින බවත් සෙලෙන්ස්කි කියා සිටී. එබැවින්, මෙය, යුක්‍රේන යුද පෙරමුණට, මිත්‍ර සන්ධානයෙන්, අවි සහ වෙනත් යුදාධාර ඉක්මවූ සහායයක් අත්‍යවශ්‍යම  මොහොතක් බව ඔහු අවධාරණය කරයි.  

යුක්‍රේනයේ සිටින රුසියානු හමුදාවන්ට  සහාය පිණිස උතුරු කොරියානුවන් එක්වී ඇති බවට අනුමාන කිරීමට තරම් සාක්ෂි ඇතැයි මුලින්ම ප්‍රකාශ කළේ, දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍ය  කිම් යොන්ග්-හ්යූං ( Kim Yong-hyun) ය. රුසියාවට එරෙහිව එල්ල කරන ලද යුක්‍රේන හමුදා ප්‍රහාරවලින්, උතුරු කොරියානු හමුදා නිලධාරීන් කිහිපදෙනකුම ජීවිතක්ෂයට පත්ව ඇති බවට  වාර්තා ඇතැයි   ඉකුත් දා  එරට පාර්ලිමේන්තු සැසිවාරයකදී ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව, සෙලෙන්ස්කි  උදක්ම අයැද  සිටින්නේ, සිල්ලර යුද අවි  සම්පාදනයෙන් ඔබ්බට ගිය පිරිස් බලයකි. හරියටම කියතොත්, ඔහු මේ අසන්නේ, එක්සත් ජනපද හමුදා ඊශ්‍රායලයට සහාය පිණිස යැවීමට හැකිනම්, තමන් වෙනුවෙන් එසේ නොකරන්නේ මන්ද,  යන්නය.

රුසියානු හමුදාවන්ට සහාය පිණිස කුලී හේවායන් ලෙස ශ්‍රී ලාංකික  ශ්‍රමිකයින් හොර රහසේ පිටත් කර හැරීමේ ජාවාරමක් ද පසුගියදා අනාවරණය කෙරිණි.   රුසියානු යුද පෙරමුණෙහි අසීරුතාවට පත්  ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනකු විසින් යොමු කළ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයෙහි ද   සංසරණය  විය. රුසියානු හමුදාවන්ට එක්  වූ  ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනකු  එහිදී ජීවිතක්ෂයට පත්වූ බවද වාර්තා වේ.


(Reuters ඇසුරින් සටහන; හර්ෂ  උදයකාන්ත විසිනි)

Zelenskiy says North Koreans fighting with Russians in Ukraine

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...