BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

'කටින් බතල හිටවන' උතුරු කොරියා කල්කිරියාව වෙනස් වේ ද?

T

The Leader Desk

October 16, 2024 • 10:23 AM

'කටින් බතල හිටවන' උතුරු කොරියා කල්කිරියාව වෙනස් වේ ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියාවේ තරුණයින් මිලියන 1.4ක් මෙම සතිය තුළ හමුදා සේවයට අලුතින් බැඳීමට හෝ ඊට යළි එක් වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි එරට
  • ඊට පිළිතුරු ලෙස උතුරු කොරියාව "වැඩ පෙන්වීම" ආරම්භ කොට තිබේ.
  •   උතුරු කොරියාව ඉකුත් අඟහරුවාදා (15), දෙරට දේශසීමා අසල පිහිටි එරටට අයත් හරස් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් ද පුපුරවා හැරියේය.
  • දකුණු කොරියාව සමග සියලු ප්‍රවාහන සබඳතා අවසන් බව ප්‍රකාශ කරමින්, උතුරු කොරියාව ඉකුත් අඟහරුවාදා (15), දෙරට දේශසීමා අසල පිහිටි එරටට අයත් හරස් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් ද පුපුරවා හැරියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

රාජ්‍ය මාධ්‍ය ඊයේ (15) ප්‍රකාශ කළේය.

නොබෝදා දකුණු කොරියාව විසින් උතුරු කොරියාව වෙත ඩ්‍රෝන ආක්‍රමණයක් සිදු කෙරිණි.

ඊට පිළිතුරු ලෙස උතුරු කොරියාව "වැඩ පෙන්වීම" ආරම්භ කොට තිබේ.

 

Inter Korea Road Explosion NIPPON TELEVISION NETWORKඋතුරු කොරියාව ඉකුත් අඟහරුවාදා (15), දෙරට දේශසීමා අසල පිහිටි එරටට අයත් හරස් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් ද පුපුරවා හැරියේය.

දකුණු කොරියාව සමග සියලු ප්‍රවාහන සබඳතා අවසන් බව ප්‍රකාශ කරමින්, උතුරු කොරියාව ඉකුත් අඟහරුවාදා (15), දෙරට දේශසීමා අසල පිහිටි එරටට අයත් හරස් මහා මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ කොටසක් ද පුපුරවා හැරියේය.

එරට ශිෂ්‍යයින් සහ තරුණ ප්‍රජා නිලධාරීන් රැසක් සතුරාට එරෙහිව විප්ලවයේ අවි දැරීමට සිය අත්සනින් ගිවිසගත් බව රජයේ මාධ්‍ය නිවේදනයේ දැක්වෙයි.

 



කොරියානු අර්ධද්වීපය තුළ යුද උණුසුම "එන්න එන්නම" වර්ධනය වෙමින් පවතී.

එවන් පසුබිමක, දෙදිනක් වැනි ඉතා කෙටි කලක් ඇතුළත උතුරු කොරියානු තරුණයින් මිලියනයකට අධික පිරිසක් කොරියානු මහජන හමුදාවට එක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී ඇතැයි එරට මාධ්‍ය පවසයි.

පසුගිය වසරේ එක්සත් ජනපදයට එරෙහිව සටන් වැදීමට උතුරු කොරියානුවන් 800,000ක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ද එවක, එරට රාජ්‍ය මාධ්‍ය පැවසීය.

army

ඊට පෙර 2017 දී ද, එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ, උතුරු කොරියානු කම්කරුවන්, පක්ෂ සාමාජිකයින් සහ හිටපු හමුදා සෙබළුන් ඇතුළු මිලියන 3.5 ක ට ආසන්න පිරිසක් හමුදාවට අළුතින් බැඳීමට හෝ නැවත එක්වීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව සිටි බවය.


උතුරු කොරියාව ඉදිරිපත් කරන මෙවැනි තොරතුරු "තාර බර" හැර විමසා බැලිය යුතු යැයි ජාත්‍යන්තර යුද නිරීක්ෂකයෝ පවසති.

soljers

උපාය මාර්ගික විෂය පිලිබඳ ජාත්‍යන්තර අධ්‍යයනායතන (IISS) වාර්තා අනුව, උතුරු කොරියාව සතුව මිලියන 1.28 ක සක්‍රීය යුද හමුදාවක් ඇත. ඊට අමතරව ඕනෑම අවස්ථාවක හමුදා සේවයට එක්වීමට සූදානම් 600,000ක පුහුණු සංචිතයක් ද පවතී. මිලියන 5.7 ක කම්කරු, ගොවි රතු බලකායක් ද උතුරු කොරියාව සතුය.


1950 -1953 කාලයේ දෙරට අතර පැවති යුද්ධය ගිවිසුමින් තොර සටන් විරාමයකින් කෙළවර විය.



(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
North Korea says 1.4 million young people apply to join army

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...