BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ඇමෙරිකාව එපා කියද්දී ඊයේත් බීරුත් අගනුවරට ඊශ්‍රායල ප්‍රහාර

T

The Leader Desk

October 16, 2024 • 10:50 AM

ඇමෙරිකාව එපා කියද්දී ඊයේත් බීරුත් අගනුවරට ඊශ්‍රායල ප්‍රහාර

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක්සත් ජනපද විරෝධය නොතකා, ඊයේ (15) ඊශ්‍රායලය බීරුත් අගනුවර වෙත යළි ගුවන් ප්‍රහාර එල්ල කළේය.
  •   අවම වශයෙන් දකුණු බීරුත් හි ජනාවාස දෙකක විශාල පිපිරුම් හඬ ඇසුණු බවත්, ඉන් පසු දුම් වළාවන්ගෙන් අවට පරිසරය වැසී යනු දුටු බවත්, සිය වාර්තාකරුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි.
  • එහි වෙසෙන සාමාන්‍ය ජනතාව වෙත වහා ඉවත්වන ලෙස දන්වමින්, හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි.    එක් ජනාවසයකින් ඉවත්වන ලෙස දන්වා, ඒ සමග තවත් ජනාවාසයකට හෝ ජනාවාස කිහිපයක් එල්ල කර එම ප්‍රහාර සිදු කෙරේ.
  • එහෙත්, ජනතාවට එම කලාප වලින් ඉවත් වීමට අවස්ථානුකූල දන්වීම් සිදු කරන බව ඊශ්‍රායල හමුදා පවසති.  (Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි) මූලාශ්‍ර: Israeli strike rocks Beirut after US says it opposes scope of air assault
අකුරු ප්‍රමාණය (Font Size):

ලෙබනනයේ යුද්ධයෙන් මිය යන පුද්ගල මරණ සංඛ්‍යාව ඉහළ යත්ම, එරට ඉලක්ක කර දිගින් දිගටම ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කිරීම පිලිබඳ සිය විරෝධය පල කරන බව එක්සත් ජනපදය දැනුම් දුන්නේය.

 

 Lebanon Israel 52620 15cf1 1729056275 0

අවම වශයෙන් දකුණු බීරුත් හි ජනාවාස දෙකක විශාල පිපිරුම් හඬ ඇසුණු බවත්, ඉන් පසු දුම් වළාවන්ගෙන් අවට පරිසරය වැසී යනු දුටු බවත්, සිය වාර්තාකරුවන් උපුටා දක්වන රොයිටර්ස් පුවත් සේවය පවසයි. බීරුත් අගනුවර හිස්බුල්ලා බල කඳවුරක් සේ සැලකේ. එහි වෙසෙන සාමාන්‍ය ජනතාව වෙත වහා ඉවත්වන ලෙස දන්වමින්, හඳුනාගත් ඉලක්ක වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරයි. 

 

එක් ජනාවසයකින් ඉවත්වන ලෙස දන්වා, ඒ සමග තවත් ජනාවාසයකට හෝ ජනාවාස කිහිපයක් එල්ල කර එම ප්‍රහාර සිදු කෙරේ. උපක්‍රමික වශයෙන් එසේ සිදුකළ ද, ඉන් සිවිල් වැසියන්ට සහ එම දේපලවලට බරපතල හානි සිදුවේ. එහෙත්, ජනතාවට එම කලාප වලින් ඉවත් වීමට අවස්ථානුකූල දන්වීම් සිදු කරන බව ඊශ්‍රායල හමුදා පවසති. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Israeli strike rocks Beirut after US says it opposes scope of air assault


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...