BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ නගරාධිපතිවරයෙක් මරුට

T

The Leader Desk

October 17, 2024 • 4:43 AM

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ නගරාධිපතිවරයෙක් මරුට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු ලෙබනනයේ පලාත්බද ප්‍රධාන නගරයක් වන නබාතේ (Nabatieh) වෙත ඊයේ (16) එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, එහි නගරාධිපති ඇතුළු 16 දෙනකු ජීවිතක්ෂයට පත්ව 50 කට අධික පිරිසක් තුවාළ ලැබූහ.
  • ලෙබනනය, ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී.
  • හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර දැන් සමස්ත ලෙබනන රාජ්‍යය ඉලක්ක කොට එල්ල වන බව ඔවුහු පවසති.
  • නගරයේ අවතැන්වූවන්ට සහන සැලසීම පිණිස සහ නාගරික සේවාවන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා විශේෂ නගර සභා හමුවක් කැඳවා තිබූ අවස්ථාවෙක, ඊශ්‍රායලය හිතාමතාම එම ගොඩනැගිල්ල වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව භාරකාර අග්‍රාමාත්‍ය නජිබ් මිකාටි (Najib Mikati) පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ප්‍රහාරය එල්ල කර ඇත්තේ එහි නගර සභා මූලස්ථානයටය. ලෙබනනයේ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ කළ දා සිට රාජ්‍ය ගොඩනැගිල්ලක් වෙත සිදු කළ බරපතලම ප්‍රහාරය මෙයයි. ලෙබනනය, ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකී. හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ඇරඹි ඊශ්‍රායල ප්‍රහාර දැන් සමස්ත ලෙබනන රාජ්‍යය ඉලක්ක කොට එල්ල වන බව ඔවුහු පවසති.

නගරයේ අවතැන්වූවන්ට සහන සැලසීම පිණිස සහ නාගරික සේවාවන්ගේ පැවැත්ම තහවුරු කිරීම උදෙසා විශේෂ නගර සභා හමුවක් කැඳවා තිබූ අවස්ථාවෙක, ඊශ්‍රායලය හිතාමතාම එම ගොඩනැගිල්ල වෙත ගුවන් ප්‍රහාර එල්ල කළ බව භාරකාර අග්‍රාමාත්‍ය නජිබ් මිකාටි (Najib Mikati) පවසයි.

 

මේ අතර, ඊශ්‍රායල යුද ටැංකි සිය මුර කුළුණකට ප්‍රහාර එල්ල කළ බව ලෙබනනයේ, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා (UNIFIL) පැවසූහ. දකුණු ලෙබනනයේ කෆාර් කේලා (Kfar Kela) හිදී ඊයේ එම ප්‍රහාර සිදු කර තිබේ. ඒ පිලිබඳ, ඊශ්‍රායලය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.


සිය ආරක්ෂාව පතා දකුණු ලෙබනන යුද පිටියෙන් වහා ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා, එක්සත් ජාතීන්ගේ සාම හමුදා වෙත මීට පෙර දැනුම් දුන්නේය. රටවල් 50කින් සැදී 10,000 ක සාම සාධක බලකායක් ලෙබනන දේශසීමා ආරක්ෂාවේ යෙදී සිටී. ඊට ඉතාලි, ප්‍රංශ සහ ස්පාඥ්ඥ භටයින් 2500ක් ද ඇතුළත්ය.

 

සාමසාධක බලකායන්ට එරෙහි ප්‍රහාර හේතුවෙන් මිත්‍ර සන්ධානයට අයත් එම රටවල් සහ ඊශ්‍රායලය අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ද යම් අර්බුදයකට ලක් වෙමින් තිබේ. සාකච්ඡා පිණිස හිස්බුල්ලා සංවිධානයට එරෙහි ප්‍රහාර කිසිසේත් අතර මග නොනවත්වන බව, උතුරු ඊශ්‍රායල දේශසීමා නිරීක්ෂණයේ යෙදුණු එරට ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් (Yoav Gallant) පැවසීය.

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Mayor among 16 killed in Israeli strike on south Lebanon municipality building


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ නගරාධිපතිවරයෙක් මරුට | The Leader