BREAKING
බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●SDIG රන්මල් ඇතුළු පිරිසගේ මාරුවීම් පොලිස් කොමිසමෙන් ප්‍රතික්ෂේපයි● එස්. එම්. මරික්කාර්: ජනපති ධුර කාලයෙන් 45%ක් අවසන්●
Top Ad
විදේශ

'මින් මතු අපි සතුරෝ' - උතුරු කොරියාව නිල වශයෙන් ම තරහ වෙයි

T

The Leader Desk

October 17, 2024 • 11:17 AM

'මින් මතු අපි සතුරෝ' - උතුරු කොරියාව නිල වශයෙන් ම තරහ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උතුරු කොරියාව විසින් දකුණු කොරියාව 'සතුරු රාජ්‍යයක්' ලෙස නිල වශයෙන් නම් කර තිබේ.
  •   දකුණු කොරියාව, උතුරු කොරියාවේ ඩ්‍රෝන ආක්‍රමණයක් සිදු කිරීමත් සමග කෝපාවිෂ්ඨ වූ උතුරු කොරියානු හමුදාව, දේශ සීමා ඔස්සේ දෙරට යා කෙරෙන ප්‍රධාන හරස් මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ එරටට අයත් කොටසක් ඉකුත් අඟහරුවාදා (15) පුපුරවා හැරීමට කටයුතු කළේය.
  • එය සතුරු රාජ්‍යයකට එරෙහි ව්‍යවස්ථානුකූල පියවරක් බව උතුරු කොරියාව ප්‍රකාශ කරයි.
  • ඒ අනුව, දෙරට අතර උතුරු දේශ සීමාවේ පිහිටි මාර්ග පද්ධතියට අයත් මීටර 60 ක කොටසක් මුළුමනින්ම විනාශ කොට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අනුව, රාජ්‍ය නායකයාගේ අභිමතය පරිදි  උතුරු කොරියානු උත්තරීතර මහජන මන්ත්‍රණ සභාව, එරට ව්‍යවස්ථාව සංශෝධනය කළ බව රාජ්‍ය මාධ්‍ය  අද නිවේදනය කළේය. නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග දෙරට අතර ද්වීපාර්ශ්වීය සහයෝගිතාව පිණිස පැවති ඉලක්කගත සියලු ජාතික ක්‍රියාන්විත උතුරු කොරියාව විසින් වහා අත්හැර දැමේ.

 

Inter Korea Road Explosion NIPPON TELEVISION NETWORK

දකුණු කොරියාව, උතුරු කොරියාවේ ඩ්‍රෝන ආක්‍රමණයක් සිදු කිරීමත් සමග කෝපාවිෂ්ඨ වූ උතුරු කොරියානු හමුදාව, දේශ සීමා ඔස්සේ දෙරට යා කෙරෙන ප්‍රධාන හරස් මාර්ග සහ දුම්රිය මාර්ග පද්ධතියේ එරටට අයත් කොටසක් ඉකුත් අඟහරුවාදා (15) පුපුරවා හැරීමට කටයුතු කළේය. එය සතුරු රාජ්‍යයකට එරෙහි ව්‍යවස්ථානුකූල පියවරක් බව උතුරු කොරියාව ප්‍රකාශ කරයි.



ඒ අනුව, දෙරට අතර උතුරු දේශ සීමාවේ පිහිටි මාර්ග පද්ධතියට අයත් මීටර 60 ක කොටසක් මුළුමනින්ම විනාශ කොට තිබේ. එමගින්, සිය රට පූර්ණ වශයෙන් දකුණු කොරියාවෙන් වෙන් කළ බව උතුරු කොරියාව කියා සිටී. 


නව ව්‍යවස්ථා සංශෝධනයත් සමග, නිල  වශයෙන් සතුරු රාජ්‍යයක් ලෙස නම් කෙරෙන කොරියානු සමූහාණ්ඩුව හෙවත් දකුණු කොරියාව සමග ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුවට මින් මතු කිසිදු ව්‍යවස්ථාපිත මිත්‍ර ගනු දෙනුවක් නැතැයි කිම් ජොඞ් උන් (Kim Jong Un) රජය පවසයි.
 
සතුරු ප්‍රහාරයකදී ඒකාන්තයෙන් න්‍යෂ්ටික අවි අතට ගන්නවා' - උතුරු කොරියාව  අනතුරු අඟවයිKim Jong Un
 
උතුරු කොරියාව නිල වශයෙන් හැඳින්වෙන්නේ, ප්‍රජාතාන්ත්‍රික මහජන කොරියානු සමූහාණ්ඩුව ලෙසිනි.
 
උතුරු කොරියාවේ නව ව්‍යවස්ථා සංශෝධනය සහ අසල්වැසියා සතුරකු ලෙස නම් කිරීම, දැඩි ලෙස හෙලා දකින බව, දකුණු කොරියානු ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි. එය දෙරට අතර සාමකාමී සමාජ-ආර්ථික ප්‍රතිසංස්කරණයකට එරෙහි වෛරීසහගත මෙන්ම ප්‍රකෝපකාරී හදිසි තීරණයක් බවද දකුණු කොරියාව කියා සිටී.
 
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි).

මූලාශ්‍ර:

North Korea calls South Korea 'hostile state' indicating constitution change


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...