BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

උතුරු කොරියා නායකයා තනි මතයට වැඩ

T

The Leader Desk

October 18, 2024 • 7:23 AM

උතුරු කොරියා නායකයා තනි මතයට වැඩ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු කොරියාව තවදුරටත් අසල්වැසියා නොව, විදෙස් සතුරකු බව උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් (Kim Jong Un) ප්‍රකාශ කළ බව එරට රාජ්‍ය මාධ්‍ය අද නිවේදනය කළේය.
  • වෙනස්ම ආකාරයෙන් වර්ධනය වන දකුණු කොරියා - ඇමෙරිකා ද්වීපාර්ශ්වීය සබඳතා වලට එරෙහිව නවමු න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කළ යුතු බවද ඔහු පවසයි.
  • මෙම සතිය මුල, දෙරට යා කෙරෙන උතුරු කොරියාවට අයත් දුම්රිය සහ මහා මාර්ග පද්ධතියේ කොටසක් පුපුරවා හරිමින්, උතුරු කොරියාව, 'අල්ලපු වැටෙන්'  භෞතිකව වෙන් කළ බව කිම් ජොන්ග් උන් ප්‍රකාශ කළේය.
  • එය එතෙකින් නොනැවතී, එක්සත් කොරියානු සංකල්පයෙන් ද පූර්ණ වශයෙන් ඉවත්වන බව ඔහු කියා සිටී.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු කොරියාව පස මිතුරු රාජ්‍යයක් බවට නිල වශයෙන් ප්‍රකාශ කරමින්, සිය ඒකමතික අභිමතය පරිදි, රාජ්‍ය මන්ත්‍රණ සභාව යොදවා, රාජ්‍ය ව්‍යවස්ථාව පවා වෙනස් කිරීමට උතුරු කොරියානු නායකයා ඊයේ (17) පියවර ගත්තේය.

වෙනස්ම ආකාරයෙන් වර්ධනය වන දකුණු කොරියා - ඇමෙරිකා ද්වීපාර්ශ්වීය සබඳතා වලට එරෙහිව නවමු න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කළ යුතු බවද ඔහු පවසයි.

මෙම සතිය මුල, දෙරට යා කෙරෙන උතුරු කොරියාවට අයත් දුම්රිය සහ මහා මාර්ග පද්ධතියේ කොටසක් පුපුරවා හරිමින්, උතුරු කොරියාව, 'අල්ලපු වැටෙන්'  භෞතිකව වෙන් කළ බව කිම් ජොන්ග් උන් ප්‍රකාශ කළේය. එය එතෙකින් නොනැවතී, එක්සත් කොරියානු සංකල්පයෙන් ද පූර්ණ වශයෙන් ඉවත්වන බව ඔහු කියා සිටී.

ඒ අනුව, මින් මතු දෙරට නිල වශයෙන් වෙන්ව පවතින විදෙස් රාජ්‍ය දෙකක් සේ සැලකේ.

 

ඒ අනුව, මින් මතු දෙරට නිල වශයෙන් වෙන්ව පවතින විදෙස් රාජ්‍ය දෙකක් සේ සැලකේ. 

දකුණු කොරියාවේ වෙසෙන 'වැඩකට නැති උන්' ගැන තව දුරටත් වද වීම අනවශ්‍ය බවත්, යක්ෂයාගෙන් ඈත් ව විසීම 'ඇඟට ගුණ'  බවත් උතුරු කොරියානු නායකයා කියා සිටී. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
North Korea's Kim Jong Un calls South Korea a foreign, hostile country


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...