BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

බංග්ලාදේශ හිටපු නායිකා හසීනාට වරෙන්තු

T

The Leader Desk

October 18, 2024 • 8:35 AM

බංග්ලාදේශ හිටපු නායිකා හසීනාට වරෙන්තු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බංග්ලාදේශ ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින්, එරට හිටපු නායිකා ෂෙයික් හසීනා (Sheikh Hasina) අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබේ.
  • එරට ශිෂ්‍ය උද්ඝෝෂණ අතර සිදුකළ සමූල ඝාතන සම්බන්ධයෙන් ඇගේ වගවීමක් ඇතැයි චෝදනා නගමින්, එම වරෙන්තු නිකුත් කර ඇත.    ෂෙයික් හසීනා රටින් පලා ගිය හසීනා මේ වන විට, ඉන්දියාවේ සැඟව සිටී.
  • අරගලවලදී 700කට අධික පිරිසක් ඝාතනයව, තවත් විශාල පිරිසක් තුවාළ ලැබූහ.  අධිකරණ වරෙන්තු මගින්, හිටපු බංග්ලාදේශ නායිකාව ඇතුළු තවත් 50 දෙනකුද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.
  • ඒ අනුව, නොවැම්බර් 18  දිනට පෙර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නියෝග කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

වරෙන්තු නිකුත්කිරීම ඊයේ (17) සිදු කෙරිණි. එරට ශිෂ්‍ය උද්ඝෝෂණ අතර සිදුකළ සමූල ඝාතන සම්බන්ධයෙන් ඇගේ වගවීමක් ඇතැයි චෝදනා නගමින්, එම වරෙන්තු නිකුත් කර ඇත. 

 

ෂෙයික් හසීනා
රටින් පලා ගිය හසීනා මේ වන විට, ඉන්දියාවේ සැඟව සිටී. අරගලවලදී 700කට අධික පිරිසක් ඝාතනයව, තවත් විශාල පිරිසක් තුවාළ ලැබූහ. 

අධිකරණ වරෙන්තු මගින්, හිටපු බංග්ලාදේශ නායිකාව ඇතුළු තවත් 50 දෙනකුද අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබේ.

 

ශිෂ්‍ය උද්ඝෝෂණ අතර සිදුවූ සමූල ඝාතන පිලිබඳ විමර්ශනය කිරීමට නම්, අනිවාර්යයෙන්ම ඒ සියලු දෙනා අත්අඩංගුවට ගතයුතු බවත්, ඔවුන්ගේ "බල පුළුවන්කාරකම්" මත, අධිකරණය එසේ කිරීමට අපොහොසත් වුවහොත්, එම නීතිමය කටයුතු සාධාරණ සැකයෙන් තොරව ඉදිරියට ගෙනයාමට නොහැකි වන බවත්, පැමිණිල්ලේ නීතීඥයෝ අධිකරණයට පෙන්වා දුන්හ.

ඒ අනුව, නොවැම්බර් 18  දිනට පෙර ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට නියෝග කෙරිණි.  

 

බංගලාදේශ රජය මේතරම් දරුණු විරෝධයකට මුහුණ දෙමින් සිටින්නේ ඇයි?හසීනා ට සහ ඇය නායකත්වය දුන් අවාමි ලීගයේ සෙසු නායකයින්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා 60 කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබේ.
මේ වනවිට, හසීනා ට සහ ඇය නායකත්වය දුන් අවාමි ලීගයේ සෙසු නායකයින්ට එරෙහිව අධිකරණය ඉදිරියේ චෝදනා 60 කට අධික සංඛ්‍යාවක් ගොනු කර තිබේ. 

සිය මව ඕනෑම මොහොතක බංග්ලාදේශ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සූදානම් බව ඇගේ පුත් සජීබ් වසෙඩ් (Sajeeb Wazed) පසුගිය අගෝස්තු මස ප්‍රකාශ කළේය. 

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Bangladesh crimes tribunal issues arrest warrant for exiled former prime minister


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශ හිටපු නායිකා හසීනාට වරෙන්තු | The Leader