BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

කියුබාව ඇනහිටී !

T

The Leader Desk

October 19, 2024 • 7:41 AM

කියුබාව ඇනහිටී !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කියුබාවේ ජාතික බලශක්ති පද්ධතිය ඊයේ (18) මුළුමනින්ම බිඳ වැටිණි. මිලියන 10 ක එරට සමස්ත ජනගහනයම ඉන් මහත් පීඩාවට පත්ව සිටිති.
  • කොමියුනිස්ට් ආර්ථිකයක් වන කියුබාවේ සියලු කටයුතු අඩාලව ඇත.
  •   කියුබාව තුළ යම් ෆොසිල ඉන්ධන සංචිත ප්‍රමාණයක් පැවතියද, පිරිපහදු ධාරිතාව ඇත්තේ ඉතා පහළ මට්ටමකය.
  •   කියුබාවේ ජාතික බලශක්ති පද්ධතිය ඊයේ (18) මුළුමනින්ම බිඳ වැටිණි කියුබාව අතීතයේ සිට වැඩි වශයෙන් තෙල් ආනයනය කළේ වෙනිසියුලාවෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මේ මොහොතේ, රට තුළ විදුලිය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. කොමියුනිස්ට් ආර්ථිකයක් වන කියුබාවේ සියලු කටයුතු අඩාලව ඇත. පද්ධතිය යථා තත්ත්වයට පත්කිරීම සිදු කෙරෙමින් පවතී.

කියුබාවේ ජාතික බලශක්ති පද්ධතිය සහ ඒ හා සබැඳි සියලු උප පොළ ඉන්ධන මගින් ක්‍රියාත්මක කෙරේ. මීට වසර දහයකට පමණ පෙර ඉදි කළ එම නව පද්ධතිය නිසි නඩත්තුවකින් තොරව පවතී.  

කියුබාව තුළ යම් ෆොසිල ඉන්ධන සංචිත ප්‍රමාණයක් පැවතියද, පිරිපහදු ධාරිතාව ඇත්තේ ඉතා පහළ මට්ටමකය. එබැවින්, ප්‍රමාණවත්, අඛණ්ඩ ජනනය පිණිස ඉන්ධන  ආනයනය කෙරේ.

 

කියුබාවේ ජාතික බලශක්ති පද්ධතිය ඊයේ (18) මුළුමනින්ම බිඳ වැටිණි

කියුබාව අතීතයේ සිට වැඩි වශයෙන් තෙල් ආනයනය කළේ වෙනිසියුලාවෙනි. එහෙත්, වෙනිසියුලාවේ දැනට පවතින අර්බුද හේතුකොට, ප්‍රමාණවත් දේශීය සංචිත රඳවා තබා ගැනීමේ අවශ්‍යතාව මත කියුබාවට තෙල් අපනයනය සීමා කර තිබේ.

රුසියාව සහ මෙක්සිකෝව ද කියුබාව වෙත ඉන්ධන අපනයන නවතා ඇත.

එම කරුණු මත, හදිසි මිලදී ගැනීම් වෙත යොමු වීමට කියුබාවට සිදුව තිබේ. ජාත්‍යන්තර වෙළඳපොල තුළ සැමවිටම, එය සාමාන්‍ය මිලට වඩා අධික මිල දැරීමකි.

එම සියලු තත්ත්වයන් හමුවේ දිගු කලක් ඇදෙමින් පැවති කියුබානු බලශක්ති අර්බුදය ඊයේ එහි උච්චතම අවස්ථාවට පැමිණියේය. කලක සිට ක්‍රියා විරහිතව පවතින බලශක්ති උප පොළ අතරට ඊයේ එරට විශාලතම ජාතික විදුලි ජනන පද්ධතිය ද එක්  විය.

b00f8140 8dc3 11ef 8108 bf4ccc39b61bකලක සිට ක්‍රියා විරහිතව පවතින බලශක්ති උප පොළ අතරට ඊයේ එරට විශාලතම ජාතික විදුලි ජනන පද්ධතිය ද එක්  විය.
කලාපයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමුද්‍ර  ප්‍රවාහනයට ද බෙහෙවින් බලපා තිබේ. ඒ හේතුවෙන්, කියුබාව වෙත ඉන්ධන රැගෙන එමින් පැවති නෞකා කිහිපයක් ද මුහුදේ අතරමංව සිටිති.  

සිය බලශක්ති අර්බුදය පිලිබඳ කියුබාව එක්සත් ජනපදයට ද දෝෂාරෝපණය  කරයි. ඇමෙරිකාව සමග සීතල යුද්ධයක් පැවති කාලයේ සිට මේ දක්වා, කියුබාව වෙත පනවා ඇති එක්සත් ජනපද සම්බාධක ඊට හේතුවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ, එම සම්බාධක දැඩි කෙරිණි. එහෙත්, කියුබානු ජාතික විදුලි ජනන පද්ධතිය කඩා වැටීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු වගකීමක් නැතැයි එක්සත් ජනපදය පවසයි.

කෙසේ වෙතත්, කියුබාව වෙත පනවන ලද එක්සත් ජනපද සම්බාධක හේතුවෙන්, එරට ඉන්ධන සහ බලශක්ති ජනන යන්ත්‍ර ක්‍රියාකිරීමට අවශ්‍ය අමතර කොටස් ආනයනයට ද දීර්ඝ කාලීන බලපෑම් එල්ල විය.  

ඇමෙරිකාවේ තර්ජනයට බියෙන්, කියුබාව වෙත ඉන්ධන රැගෙන යමින් තුබූ නෞකා රැසක්ද ආපසු හැරිණි. ඒ හේතුවෙන්, කියුබාවට පමණක් නොව, වෙනිසියුලාවට ද සිය යල් පැන ගිය ඉන්ධන ප්‍රවාහන නෞකා බලඇණිය මතම තව දුරටත්  රැඳී සිටීමට සිදු විය.

සිය දිගු කාලීන අත්වැරදි පිලිබඳ කියුබානු රජයට දැන් ඇත්තේ ස්වයං විවේචනයකි. මහා පරිමාණ වංචා දූෂණ, රාජ්‍යය වසා පවතින වියරු නිලධාරිවාදය සහ එහි බලපෑම, කියුබානු ආර්ථිකය කඩා වැටීමට එක හෙළා බලපෑවේය. එම අර්බුදය හේතුවෙන්, ජාතික බලශක්ති පද්ධතිය ප්‍රතිසංස්කරණයට අවශ්‍ය අමතර මූල්‍ය  ප්‍රතිපාදන සම්පාදනය කිරීමට රජයට නොහැකි විය.  


998865a20a7c18f7bcdc84328dbd971f8d0bb150කියුබාවේ වත්මන් ජන ජීවිතයද අතිශය දරුණු මානුෂීය අර්බුදයකට ඇද වැටෙමින් පවතී
කියුබාවේ වත්මන් ජන ජීවිතයද අතිශය දරුණු මානුෂීය අර්බුදයකට ඇද වැටෙමින් පවතී. අයපත් කාලගුණයෙන් නිතර බැට කන කැරීබියන් සමූහයට අයත් මිලියන ගණනක එරට ජනගහනය, දෛනික විදුලි කප්පාදුවෙන් මහත් පීඩාවට පත්ව සිටිති.

ඒ හේතුවෙන්, මදුරු මර්දනය වැනි සෞඛ්‍ය පරිපාලනයද අඩාලව පවතින අතර, ඩෙංගු වැනි රෝග උත්සන්නව තිබේ.

විදුලි අර්බුදයය නිසා, සිය දහස් ගණන් කියුබනුවෝ, පානීය ජල අර්බුදයකට ද මැදිව සිටිති. දිවයිනේ, අනෙකුත් සියලු යටිතල පහසුකම් ද ඇණහිට තිබේ.

ප්‍රමාණවත් ආහාර, ඉන්ධන සහ ඖෂධ හිඟය ද කියුබානු ජන ජීවිතය ඉමහත් වෙහෙසට පත් කර ඇත.

10cd6da62b738f2b83ebd2618b1d1846

මාස ගණන් පවතින, පැය ගණනක දෛනික විදුලි කප්පාදු හේතුවෙන්, සිල්ලර සහ තොග වෙළඳපොළ ශීතකරණ තුළ ඇති, එදිනෙදා මිනිස් පරිභෝජනයට අවශ්‍ය මාංශ හා මත්ස්‍ය නිෂ්පාදන, වෙනත් ආහාර ද්‍රව්‍ය මෙන්ම ඖෂධ වර්ග රැසක් ද විනාශ වෙමින් පවතී.


කිසිදු ජන අරගලයකට, උද්ඝෝෂණයකට සවන් නොදෙන කියුබානු රාජ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව 'කර කියාගත හැකි දෙයක්' නොමැතිව, කියුබානුවෝ සීඝ්‍රයෙන්  අනීතිකව රට හැර යමින් සිටිති. 2020 වසරේ සිට මේ දක්වා, කියුබානු ජනගහනයෙන් විශාල පිරිසක් නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස රටින් පිටව ගොස් ඇත.

ක්ෂයවන ජාතික බලශක්ති පද්ධතිය රැක ගැනීමට තමන් සතු දීර්ඝ කාලීන ආයෝජන වැඩපිළිවෙළක් ඇතැයි කියුබානු රජය දැන් පවසයි. එය දෙශීය විකල්ප බලශක්ති පරිභෝජනය මත, විශේෂයෙන්, සූර්ය බලශක්තිය මත රැඳුණු තිරසර ක්‍රමෝපායයක් බව රජය කියා සිටී. දේශීයව අමතර බොරතෙල් නිෂ්පාදනය කෙරෙහිද රජයේ නව ආයෝජන යොමුව තිබේ.

paneles solares camaguey 03jpg

 සූර්ය බලශක්ති උත්පාදන ව්‍යාපෘති 26ක් දැනටමත් රට පුරා ඉදිවෙමින් පවතින බව එරට රාජ්‍ය මාධ්‍ය පසුගිය දා ප්‍රකාශ කළේය. එමගින්, මෙගාවොට් 1000 ක විදුලි උත්පාදනයක් අපේක්ෂා කෙරේ. එය තවත් දෙවසරක් වෙනුවෙන්, දැනට පවතින ඉල්ලුමෙන් තුනෙන් කොටසකි. 2031 දී, තවත් එවැනි ව්‍යාපෘතියක් ඉදිකර අවසන් කිරීමට නියමිත බව රජය කියයි.

කෙසේ වෙතත්, කියුබාව තුළ පවතින වත්මන් ආර්ථික, ඉන්ධන සහ අරමුදල් සම්පාදන ගැටළු හේතුවෙන්, එම සියළු ව්‍යාපෘති 'ඉබි ගමනේ' ය.  එබැවින්, කෙටි කාලීන පිළියම් ලෙස සිය ඉන්ධන  විදුලි ජනන පද්ධතියේ තව දුරටත් එල්බ සිටීම හැර කියුබාවට වෙනත් විසඳුමක් නැත.      

මීට පෙර 2022 දී ද කියුබාවේ ජාතික බලශක්ති පද්ධතිය මුළුමනින්ම බිඳ වැටිණි. එවක හටගත් දරුණු සුළි කුණාටුව හමාගිය මාර්ගයේ පිහිටි රටක් වීමෙන් ඔවුන්ට එම විපතට මුහුණපෑමට සිදුවිය. ඒ හේතුවෙන් කියුබානුවන් දින ගණනක අඳුරට ඇද වැටිණි.

 

cuba 1 5505289 1627397648295 'බැරිම තැන' හවානා අගනුවර ඇතුළු දිවයින පුරා ජනතාව රජයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළහ. කොමියුනිස්ට් රජය, එවර එය පිළිසකර කළේය.

ඊට කඩිනම් විසඳුම් සෙවීමට බලධාරීහු උනන්දු නොවූහ. 'බැරිම තැන' හවානා අගනුවර ඇතුළු දිවයින පුරා ජනතාව රජයට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් දියත් කළහ. කොමියුනිස්ට් රජය, එවර එය පිළිසකර කළේය.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Cuba power grid: How it collapsed and what comes next

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කියුබාව ඇනහිටී ! | The Leader