BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

"ඊශ්‍රායල හමුදා ඉවත් වන තෙක්, එකද ප්‍රාණ ඇපකරුවකු හෝ නිදහස් කරන්නේ නෑ" - හමාස් සංවිධානය

T

The Leader Desk

October 19, 2024 • 11:57 AM

"ඊශ්‍රායල හමුදා ඉවත් වන තෙක්, එකද ප්‍රාණ ඇපකරුවකු හෝ නිදහස් කරන්නේ නෑ" - හමාස් සංවිධානය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමාස් නියෝජ්‍ය ප්‍රධානී ඛලීන් අල්-හයියා
  • හමාස් ප්‍රධානියාගේ ඝාතනය, යුද්ධයෙන් ඊශ්‍රායලය ලද සුවිශේෂී ජයග්‍රහණයක් වුව,  ඒ අනුව යමින්, ගැටලුව නිරාකරණය පිණිස,  දැන්වත්, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් කෙරෙහි යොමු විය යුතු බව ජාත්‍යන්තර මතයයි.
  • ඊශ්‍රායල ජනතාව ද, හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්  වහා ඉන් මුදා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය නෙතන්යාහුට බල කර සිටිති.
  • සින්වාර් ඝාතනයෙන් පසු, වීඩියෝ තාක්ෂණය  ඔස්සේ ජාත්‍යන්තරය ඇමතු අගමැති නෙතන්යාහු, "මෙය අවසානයේ ආරම්භය පමණක් බව මතක තබා ගන්නැයි" පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හමාස් නායක යහ්යා සින්වාර් ඝාතනයත් සමග, ගාසා ගැටුම අවසන් කරන්නැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු වෙත එල්ල වන දෙස් විදෙස් බලපෑම් වර්ධනය  වී  තිබේ. හමාස් ප්‍රධානියාගේ ඝාතනය, යුද්ධයෙන් ඊශ්‍රායලය ලද සුවිශේෂී ජයග්‍රහණයක් වුව,  ඒ අනුව යමින්, ගැටලුව නිරාකරණය පිණිස,  දැන්වත්, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් කෙරෙහි යොමු විය යුතු බව ජාත්‍යන්තර මතයයි.

ඊශ්‍රායල ජනතාව ද, හමාස් අත්අඩංගුවේ පසුවන සිය පවුල් සාමාජිකයින්  වහා ඉන් මුදා ගැනීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය නෙතන්යාහුට බල කර සිටිති. නව සටන් විරාමයක් පිලිබඳ සාකච්ඡා කිරීමට එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් ද ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඇමතීමට නියමිතය.

nethyahu241019

එහෙත්, ඊශ්‍රායල රජය ඒ කිසිවකින් මෙල්ල වන ලකුණු දක්නට නැත. සින්වාර් ඝාතනයෙන් පසු, වීඩියෝ තාක්ෂණය  ඔස්සේ ජාත්‍යන්තරය ඇමතු අගමැති නෙතන්යාහු, "මෙය අවසානයේ ආරම්භය පමණක් බව මතක තබා ගන්නැයි" පැවසීය. යුද්ධය අවසන් කිරීමට නම්, හමාස් සංවිධානය අනිවාර්යයෙන් අවි බිම තබා, ගාසා තීරයේ සිය අත්අඩංගුවේ පසුවන ඉතිරි ඊශ්‍රායල සහ විදෙස් ප්‍රාණ ඇපකරුවන් 101 දෙනා  නිදහස් කළයුතු බව ඊයේ (18), ඔහු තරයේ කියා සිටියේය.


හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායල යුද්ධය මේ වන විට, ලෙබනනය සහ  යේමනය තෙක් ව්‍යාප්තව පවතී. ළඟ එන ඊශ්‍රායල ප්‍රහාරයක් පිලිබඳ ඉරානයද දැඩි විමසිල්ලෙන් පසුවේ.

වත්මන් එක්සත් ජනපද ජනපතිවරයාගේ යෝජයා "කනට නෑහුන  ගානට" සිටීමෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා අපේක්ෂා කරන්නේ, නුදුරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජය ගන්නා මීළඟ ජනපති සමග සිය සිතැඟි ඉටු කර ගැනීමේ පියවර වෙත, "හීන් සීරුවේ" මාරු වීමට බව පෙනේ.

 

sinwar241018සින්වාර් ගේ ඝාතනය

 

සින්වාර් ගේ ඝාතනයෙන් පසු, ඊශ්‍රායලයට  එරෙහි හමාස් ප්‍රහාර කෙබඳු වේ දැයි මෙතෙක් අපැහැදිලිය. එහෙත්, ඊශ්‍රායලයේ කෝපය පහවගොස්, ගාසා තීරයෙන් සිය හමුදා ඉවත් කරගන්නා තෙක්,  ඉතිරි ප්‍රාණ ඇපකරුවන් කිසිවෙක්  මුදා නොහරින බව හමාස් නියෝජ්‍ය ප්‍රධානී ඛලීන් අල්-හයියා (Khalil Al-Hayya) ඊයේ  පැවසීය.


හමාස් සංවිධානය පූර්ණ යටත්වීමකට ලක්වන තෙක්, යුද්ධය අවසන් නොවන බව ඊශ්‍රායල මුදල් අමාත්‍ය, බෙසාලෙල් ස්මොට්‍රිච් (Bezalel Smotrich) කියා සිටී.

ධවල මදිරයේ සහ ඊශ්‍රායල මිත්‍ර සන්ධානයට අයත් වෙනත් රටවල අපේක්ෂාව මල් ඵල ගැන්වීමේ යහ චේතනාව ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා කිසිසේත් ප්‍රතික්ෂේප කර නැතැයි,  ඔහුගේ පෙරදින ප්‍රකාශයෙන් සුපැහැදිලි බව ජෙරුසෙලමේ පදිංචිකරුවකු වන එරෙස් ගෝල්ඩ්මන් (Erez Goldman) පවසයි. "අගමැතිවරයා ඊයේ රෑ  කිව්ව දේ හරියට හරි. ප්‍රාණ ඇපකරුවන් යළි අප වෙත භාර දෙන්න, එතකොට අපි මෙහෙන් යන්නම්," ඔහු පැවසීය.    

 

download 1යුද්ධයෙන් විතැන්වූ මිලියන ගණනක පලස්තීන සරණාගතයින් රැඳී සිටින ගාසා හි රෆා (Rafa) නගරය වෙත භූමි ආක්‍රමණයක් සිදු නොකරන ලෙස,  වසර මුල සිට විදෙස් රටවල්  කෙතෙක් බල කර සිටියද, සින්වාර් ගේ ඝාතනයෙන්  පෙනී යන්නේ ඊශ්‍රායලය, ජාත්‍යන්තර මතය "තුට්ටුවකට" මායිම් නොකරන  බවය.

ඊශ්‍රායල රාජ්‍ය මතය,  සිය මිත්‍ර සන්ධානය කැමති වුවත්, නැතත්,  සාමය උදා කළ හැක්කේ සතුරා හමුදාමය වශයෙන් මෙල්ල කළහොත් පමණි,   යන්නය.  යුද්ධයෙන් විතැන්වූ මිලියන ගණනක පලස්තීන සරණාගතයින් රැඳී සිටින ගාසා හි රෆා (Rafa) නගරය වෙත භූමි ආක්‍රමණයක් සිදු නොකරන ලෙස,  වසර මුල සිට විදෙස් රටවල්  කෙතෙක් බල කර සිටියද, සින්වාර් ගේ ඝාතනයෙන්  පෙනී යන්නේ ඊශ්‍රායලය, ජාත්‍යන්තර මතය "තුට්ටුවකට" මායිම් නොකරන  බවය. හමාස් ප්‍රාණ ඇපයට පත් ඊශ්‍රායල වැසියන්ගේ  පවුල් සාමාජිකයින් පවසන දේ තබා, ගාසා හි ඉක්මන් සටන් විරාමයකට යන ලෙස ලෝක නායකයින්ගේ ඉල්ලීම්  ද ඊශ්‍රායල අගමැති මේ මොහොතේ නොඉවසයි.  

දරුණු ඊශ්‍රායල හමුදා ප්‍රහාර රැල්ලකින්, හමාස් නායකයින් "එකා පිට එකා" මැරී වැටිණි. හමාස් සංවිධානයේ දීර්ඝ කාලීන අණදෙන  ප්‍රධානියා වූ මොහම්මෙද්  ඩෙෆ් (Mohammed Deif) ඉකුත් ජුලි මස ගාසා තීරයේ දී ඝාතනය කෙරිණි. ඊට දින  කිහිපකට පසු, එහි දේශපාලන නායක ඉස්මයිල් හනියේ (Ismail Haniyeh), ඉරාන නව නායකයා පිළිගැනීමට ගොස් සිටියදී,  ටෙහෙරාන් අගනුවරදී, ඝාතනය විය. තවත් දෙමසක් ගිය තැන,  ලෙබනනයේ බීරුත් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ, හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා (Hassan Nasrallah) මරු වැළඳගත්තේය.  මීට තෙදිනකට පෙර,  එම  ලැයිස්තුවට හමාස් හමුදා ප්‍රධානී සින්වාර් ද එක්විය. එහෙත්, ඒ කිසිදු ජයග්‍රහණයක් ඇපයට තබා සටන් විරාමයකට පිවිසීමේ සූදානමක් නෙතන්යාහු අග්‍රාමාත්‍යවරයාට නැත. ඒ කිසිවක් සටන් විරාමයකට තරම් නොවන බව ඔහුගේ මතයයි.


2021 08 19T130847Z 1919763419 RC2D8P9PZS8P RTRMADP 3 LEBANON CRISIS HEZBOLLAH ලෙබනනයේ බීරුත් අගනුවර වෙත එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ, හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නස්රල්ලා (Hassan Nasrallah) මරු වැළඳගත්තේය.  
හමාස් ප්‍රාණ ඇපයේ පසුවන සිය ආදරණීයයන් නිදහස් කරගැනීමට තවත්  කාලය අපතේ නොහරින ලෙස,  ඊශ්‍රායල වැසියෝ නෙතන්යාහු රජයට  බල කර සිටිති. මේ මොහොතේ ලද ජයග්‍රහණය ඊට සුදුසුම අවස්ථාව බව සැමගේ මතයයි.

ගාසා තීරයේ සියලු හමුදා ක්‍රියාන්විත  අවසන,  එහි පූර්ණ ආරක්ෂාව  තමන් සතු විය   යුතු බව ඊශ්‍රායලය කියා සිටී. ඉන් අදහස් වන්නේ, යුද්ධයෙන් පසු ගාසා තීරයේ හමාස් හෝ පලස්තීන අධිකාරියේ පරිපාලනය ප්‍රතික්ෂේප කෙරෙන්නේද,  නැද්ද යන්න පිලිබඳ කිසිවක්  ඊශ්‍රායලය විසින්  මෙතෙක්, පැහැදිලිව ප්‍රකාශ කර නොමැත.

වසරක යුද්ධයෙන්  පසු, මුළුමහත්  ගාසා තීරය අද එකම සුන්බුන් තීරයකි. සියල්ල විනාශව ගොසිණි.  වසරක් තුළ, 42,000 කට අධික පලස්තීනුවන් පිරිසක් යුද්ධය නිසා මියගියහ. වත්මන,  එහි සමස්ත ජනගහනයෙන් වැඩි කොටසක් අවතැන්ව සිටිති. ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තවත් වසර ගණනක් ගතවනු ඇත. ඊට බරපතල ලෙස ජාත්‍යන්තර සහාය අවැසි වනවා පමණක් නොව, ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් ද වැය  වනු ඇත.

 

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි).
 
මූලාශ්‍ර:
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...