(Caesarea) හි පිහිටි අග්‍රාමාත්‍ය නිවෙස් පරිශ්‍රයට කඩා වැදුණු බව, එරට හමුදා ප්‍රකාශකයකු පැවසීය. එම අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයා එහි නොසිටි බව ද ඔහු ප්‍රකාශ කළේය.
අද පෙරවරුවේ, ලෙබනනයේ සිට එල්ල කළ ප්‍රහාරක ඩ්‍රෝන යානයක් උතුරු ඊශ්‍රායල ගොඩනැගිල්ලකට පතිත වූ බව මීට පෙර ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කළහ. එම ගොඩනැගිල්ල කුමක්දැයි ඔවුන් විසින් නිශ්චිතව ප්‍රකාශ කර නැත.
ලෙබනනය විසින් එල්ල කරන ලද තවත් ප්‍රහාරක ඩ්‍රෝන යානා දෙකක් ද ඊශ්‍රායල ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් විනාශ කිරීමට පියවර ගත් බව යුද හමුදාව පැවසීය.

උතුරු ඊශ්‍රායලයේ වෙරළාසන්න නගරයක් වන, අග්‍රාමාත්‍ය නෙතන්යාහුට අයත් නිවාඩු නිකේතනයක් පිහිටි කැසරියා නගරයෙන්, අද පිපිරුම් හඬ ඇසුණු බව එරට ගිලන්රථ සේවය සහ පොලිසිය ප්‍රකාශ කළහ. ඩ්‍රෝන ප්‍රහාරයෙන් කිසිවකුටත් තුවාළ සිදුවී නැතැයි වාර්තා වේ.
ප්‍රහාරයේ වගකීම මෙතක්, කිසිවකු විසින් පිළිගෙන නොමැත.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි).
මූලාශ්‍ර:
Drone launched at Netanyahu home in northern Israel, spokesman says



