යුද අභ්‍යාසය පිළිබඳව කලාපයේ රටවල් නවයක් මේ මොහොතේ, දැඩි අවධානයෙන් පසුවේ.
යුද අභ්‍යාසය "IMEX 2024" ලෙස නම් කර තිබේ.
කලාපයේ ආරක්ෂාව තර කිරීමේ හවුල්කාරී මැදිහත්වීම එහි අපේක්ෂාවයි.
එය බහුපාර්ශ්වීය සහයෝගිතා පෙරදැරිව සිදු කෙරෙන බවත්, රටවල් අතර හොඳ හිත, මිත්‍රත්වය, කලාපීය සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම පිණිස, ශක්‍යතා ප්‍රවර්ධනය අරමුණු කොට පැවැත්වෙන බවත්, එරට රාජ්‍ය මාධ්‍ය අද ප්‍රකාශ කළේය.
ජාත්‍යන්තර සමුද්‍රීය වෙළඳාම සහ එම නෞකා මාර්ග ආරක්ෂාවට, සයුර මත මානුෂීය ක්‍රියාකාරකම් ප්‍රවර්ධනයට, විපතට පත්වූවන් මුදා ගැනීමේ හා සහන මෙහෙයුම් වලට අදාළ අභ්‍යාස, මෙම යුද පෙරහුරුවට ඇතුළත්ය.
කලාපයේ යුද උණුසුම උත්සන්නව ඇති සහ රතු මුහුද ආශ්‍රිතව යාත්‍රා කෙරෙන වෙළඳ නෞකාවන්ට ඉරාන සහාය හිමි යේමනයේ හුති (Huthi ) ත්‍රස්ත ප්‍රහාර උත්සන්නව ඇති අවස්ථාවක මෙම අභ්‍යාසය පැවැත්වේ.
ඊශ්‍රායලයට සහ එක්සත් ජනපදයට එරෙහිව, රුසියාව සහ චීනය සමග ඉරානය සිය හමුදා සබඳතා වර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
ඉකුත් මාර්තු මස ඕමාන මුහුදු සීමාවේ, ඉරානය, චීනය සහ රුසියාව සිය පස්වන ඒකාබද්ධ යුධ අභ්‍යාසය පැවැත්වූහ.
සෞදි අරාබිය, කටාර් රාජ්‍යය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ තායිලන්තය ද ඉරාන යුද අභ්‍යාසය සමීපව නිරීක්ෂණය කරමින් සිටිති.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Iran hosts joint naval drills with Russia and Oman in Indian Ocean, state media reports



