BREAKING
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රසාරණය හමුවේ කොන්ත්‍රාත්කරුවන් මුහුණදෙන අභියෝග●බදු බරට එරෙහි කොළඹ පාගමන හෙට (03) ඇරඹෙයි●පොලිස් ශරීර කැමරා ටෙන්ඩරය: පොලිස්පතිගෙන් පැහැදිලි කිරීමක්  ● බැසිල් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි: ලයනල් බෝපගේ ලියූ උපහාරය●ට්‍රම්ප්ගේ නව නීති හමුවේ මුස්ලිම් රටවලින් අමෙරිකා සංක්‍රමණ සියයට 96කින් බිඳවැටෙයි●"අධිකරණය පත්කළ කමිටුවේ වාර්තාවට අත්සන් තැබුවා" - අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු අධිකරණයට කියයි.●ඩුබායි-ටෙල් අවිව් ගුවන් අනතුර වැළකේ: සහායක නියමුවා ගැන විමර්ශන●ඇමෙරිකානු ඩීසල් අර්බුදය: යුරෝපයේ සංචිත කැඳවයි●ඉරාන තෙල් නැව් රැසක් ලංකා මුහුද අසල සිරවෙයි●කොළඹ පොත් ප්‍රදර්ශනයට යන ඔබගේ සෞඛ්‍යාරක්ෂාවට මඟපෙන්වීමක්●
Top Ad
විදේශ

ජපාන පාලක පක්ෂ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අයකු අත්අඩංගුවට

T

The Leader Desk

October 19, 2024 • 2:54 PM

ජපාන පාලක පක්ෂ මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ අයකු අත්අඩංගුවට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජපානයේ නාගතචෝ (Nagatacho) හි පිහිටි පාලක, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ (LDP) මූලස්ථානයට ප්‍රහාරයක් එල්ල කළ 49
  • එරට වේලාවෙන් අද පෙ.ව.6 ට ආසන්න වේලාවක සිදුවීම වූ බව පොලිසිය සඳහන් කරයි.
  • ප්‍රහාරකයා, සිය වෑන් රථය, ගොඩනැගිල්ලට අයත් ආරක්ෂක වැටේ ගැටීමට සලස්වා, අනතුරුව ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වෙත දුම් බෝම්බයක් එල්ල කර ඇතැයි, පොලිය පැවසීය.
  • ප්‍රහාරකයා, අත්සුනොබු උසුදා (Atsunobu Usuda) නම් ජපන් ජාතිකයකු බවට හඳුනාගෙන තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

හැවිරිදි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එරට වේලාවෙන් අද පෙ.ව.6 ට ආසන්න වේලාවක සිදුවීම වූ බව පොලිසිය සඳහන් කරයි.

ප්‍රහාරකයා, සිය වෑන් රථය, ගොඩනැගිල්ලට අයත් ආරක්ෂක වැටේ ගැටීමට සලස්වා, අනතුරුව ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් වෙත දුම් බෝම්බයක් එල්ල කර ඇතැයි, පොලිය පැවසීය.

පොලිස් රාජකාරියට බාධා කිරීම මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියෙන් කිසිවකුටත් තුවාළ සිදු වී නැතැයි වාර්තා වේ.

ප්‍රහාරකයා, අත්සුනොබු උසුදා (Atsunobu Usuda) නම් ජපන් ජාතිකයකු බවට හඳුනාගෙන තිබේ.

ජපන් අග්‍රාමාත්‍ය, ශිගේරු ඉෂිබා (Shigeru Ishiba) විසින් එරට මහ මැතිවරණයක් කැඳවා ඇති අතර මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු සිදු කෙරෙමින් පවතී.

මීට පෙර, 2022 ජුලි 08 වන දින, නාරා නගරබද දුම්රිය නැවතුම්පොළක් ආසන්නයේ, දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් සිටි, එවක ජපන් අග්‍රාමාත්‍ය, ෂින්සෝ අබේ (Shinzo Abe), ජපන් ජාතිකයකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට පත් විය.

ජපාන මහ මැතිවරණය එළඹෙන  27 වෙනි දා පැවැත්වීමට නියමිතය.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Tokyo police arrest man who they say threw Molotov cocktails at LDP HQ

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...